ශ්‍රී ලංකාවේ සංවර්ධනය ඉලක්ක කර ගනිමින් නව සෘජු විදේශ ආයෝජන රැගෙන ඒමට එක්සත් ජනපද රජය සූදානමින් සිටින බව බව ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපති ජූලි චංග් මහත්මිය පවසයි.

ඇය මේ බව සඳහන් කළේ අමෙරිකානු වාණිජ මණ්ඩලයේ වාර්ෂික මහා සභා රැස්වීමට එක්වෙමිනි.

මෙරට අමෙරිකානු වාණිජ මණ්ඩලයේ 32 වැනි වාර්ෂික මහා සභා රැස්වීම කොළඹදී පැවැත්වුණේ ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපති ජූලි චංග් මහත්මියගේ ප්‍රධානත්වයෙනි.

මෙම අවස්ථාවට අමරිකානු වාණිජ මණ්ඩලයේ නිලධාරීන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

Share.

Comments are closed.

Exit mobile version