හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ නව ජනපති අනුර දිසානායකගේ ලේකම්වරයාට ලිපියක් යොමු කරමින් ඇදහිය නොහැකි ඉල්ලීම් රැසක් කර ඇති බවට වාර්තා වේ.

ඔහු ජනාධිපති ලේකම්වරයාට ලිපියක් ලියමින් රනිල්ගේ වික්‍රමසිංහ මහතාගේ ආරක්ෂාවට ආරක්ෂක කොට්ඨාශයක් පිහිටුවන ලෙස ඉල්ලා ඇත.

ඒ මහතා ඉල්ලා තිබෙන ආරක්ෂක භටයින් සංඛ්‍යාව 163 කි. ඊට අමතරව සුපවේදීන් 15කට වැඩි පිරිසක්, කුඩ 30ක්, වෛද්‍ය නිලධාරීන් 6ක්, පරිඝණකයක්, ප්‍රින්ටර් එකක් සහ ඩ්‍රැගන් ලයිට් එකක් ද මෙම ඉල්ලීම් අතරට ඇතුලත් ය.

ප්‍රශ්නගත කාරණය නම් විශ්‍රාම ලබා සිටින ජනාධිපතිවරවරයෙක් ට මෙතරම් දැවැන්ත කාර්ය මණ්ඩලයක් සහ ආරක්ෂාවක් කුමටද යන්නයි.

වත්මන් ජනපති අනුර දිසානායක මහතා අවම ආරක්ෂාවක් සහ අවම පහසුකම් ලබා සිටින අතරතුර හිටපු ජනපතිවරයාට මෙතරම් පහසුකම් අවශ්‍ය වන්නේ කුමන කාරණයකට දැයි පැහැදිලි නැත.

හිටපු ජනපතිවරුන්ට ලබා දී ඇති නිල නිවාසද ඉවත් කරන බවට වත්මන් ජනපතිවරයා පොරොන්දු වී තිබෙන වටපිටාවක රනිල් වික්‍රමසිංහ මහතා මෙතරම් සැප සම්පත් ඉල්ලා තිබේ.

Share.

Comments are closed.

Exit mobile version