මහ මැතිවරණයත් මාලිමාව ජය ගත යුතුයි – මල්වතු නා හිමිගෙන් ප්‍රකාශයක්

ඉදිරියේ පැවැත්වෙන මහ මැතිවරණයත් ජයග්‍රහණය කර පවතින මෙම වැඩපිලිවෙල ඉදිරියට ගෙන යා යුතු බව මල්වතු පාර්ශවයේ මහ නායක අති පූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල නාහිමියෝ සඳහන් කරති.

අගමැති හරනි අමරසූරිය මෙනවිය දළදා වහන්සේ වැද පුදා ගනිමින් මල්වතු මහ නාහිමියන් බැහැ දැකීමට ගිය අවස්ථාවේ උන්වහන්සේ මෙම අදහස් පළ කර ඇත.

මෙරට ආර්ථිකය ශක්තිමත් කළ යුතු බවත් දිළිඳුකම වැඩි වූ විට අපරාධ වැඩිවෙන බවත් පැවසූ උන්වහන්සේ දැනට වැසී ගොස් ඇති කර්මාන්ත යළි ආරම්භ කළ යුතු බවද කියා සිටියහ.

මෙරට රාජ්‍ය නිලධාරීන් කලින් වැඩ නොකළ බවද පැවසූ උන්වහන්සේ නායකත්වය සෘජුව යන විට අනෙත් කට්ටියත් ඒ විදිහටම යන බවත් පාලකයා නරක් වුවොත් අනෙක් අයත් එසේම බවත් වැඩිදුරටත් පැවසූහ.

Share.

Comments are closed.

Exit mobile version