රාජ්‍ය ආයතනවලට අයත් වාහනවලට රාජ්‍ය ලාංඡනය යොදා එම අමාත්‍යාංශයේ, දෙපාර්තමේන්තුවේ හෝ ආයතනයේ නම යෙදවීමට අදාළ චක්‍රලේඛය යළි බලාත්මක කිරීමට රජය අවධානය යොමුකර ඇතැයි වාර්තා වේ.

මේ සම්බන්ධයෙන් එවැනි අවධානයක් යොමුකර ඇත්තේ වාහන අවභාවිතය වැළැක්වීම සඳහා ය.
වාහනවලට රාජ්‍ය ලාංඡනය සහ අදාළ රාජ්‍ය ආයතනයේ නම යෙදීමේ චක්‍රලේඛය රාජ්‍ය පරිපාලන, කළමනාකරණ සහ ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය නිකුත් කර ඇත්තේ 2002 වසරේදී ය.

එම චක්‍රලේඛය නිකුත්කර ඇත්තේ රාජ්‍ය ලාංඡන යෙදීම සම්බන්ධයෙන් 1992 වසරේ නිකුත් කර තිබූ චක්‍රලේඛය සංශෝධනය කරමිනි.

1992 වසරේ චක්‍රලේඛයෙන් උපදෙස් දී තිබී ඇත්තේ වාහන වලට රාජ්‍ය ලංඡනය යෙදීම සම්බන්ධයෙන් පමණි.

එම උපදෙස් ද නිසි ලෙස අනුගමනය කර නොමැති බව පෙනී ගොස් තිබෙන බව 2002 වසරේ නිකුත්කර තිබෙන චක්‍රලේඛයේ සඳහන් වේ.

සංශෝධිත චක්‍රලේඛයෙන් උපදෙස් දී ඇත්තේ රාජ්‍ය ලාංඡනයට අමතරව අමාත්‍යාංශයේ, දෙපාර්තමේන්තුවේ හෝ ආයතනයේ නම ද සටහන් කරන ලෙසයි.

Share.

Comments are closed.

Exit mobile version