­ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ලබා දෙන විස්තීර්ණ ණය සඳහා වන කාල­ව­ක­වා­නුව ඉදිරි දින කිහිපය ඇතු­ළත ප්‍රකා­ශ­යට පත්ක­රන බව ජාත්‍ය­න්තර මූල්‍ය අර­මු­දල ප්‍රකාශ කරයි.

එම අර­මු­දලේ ආසියා පැසි­ෆික් දෙපා­ර්ත­මේ­න්තුවේ අධ්‍යක්ෂ ක්‍රිෂ්ණා ශ්‍රී නිවා­සන් මහතා ප්‍රමුඛ ඉහළ පෙළේ කණ්ඩා­ය­මක් මේ වන­විට ශ්‍රී ලංකාවේ සංචා­ර­යක නිර­තව සිටි. ශ්‍රී ලංකා ජනා­ධි­ප­ති­ව­රයා සහ ඔහුගේ නව ආර්ථික කණ්ඩා­යම සමඟ නව­තම ආර්ථික වර්ධ­න­යන් සහ ඔවුන්ගේ ආර්ථික ප්‍රති­සං­ස්ක­රණ අර­මුණ ගැන සාකච්ඡා කර­න බව ජාත්‍යන්තර මූල්‍ය අර­මු­දලේ සන්නි­වේ­දන දෙපා­ර්තමේ­න්තුවේ අධ්‍යක්ෂ ජුලී කොසැක් මහ­ත්මිය පව­සයි.

IMF විධා­යක මණ්ඩ­ලය ශ්‍රී ලංකාව සමඟ විස්තීර්ණ ණය වැඩ­ස­ට­හන යටතේ 2024 වග­න්තිය IV උප­දේ­ශ­නය සහ දෙවන සමා­ලෝ­ච­නය සම්පූර්ණ කර­න අතර එහි ආර්ථික ප්‍රති­පත්ති සහ ප්‍රති­සං­ස්ක­රණ සඳහා සහාය වීම සඳහා රටට ඩොලර් මිලි­යන 336ක පමණ ක්ෂණික ප්‍රවේ­ශ­යක් ලබාදී තිබේ.
වැඩ­ස­ට­හනේ කාර්ය සාධ­නය ශක්ති­මත් බවත්, ආර්ථික වර්ධ­නය පුන­ර්ජී­ව­නය කිරීම, උද්ධ­ම­නය අඩු කිරීම, සංචිත ඉහළ නැංවීම සහ ආදා­යම් ඒක­රාශී කිරීම වැඩි­දි­යුණු කිරීම සම්බ­න්ධ­යෙන් ප්‍රති­සං­ස්ක­රණ ප්‍රය­ත්න­යන් ඵල දර­න බව ඇය සඳහන් කලාය.

කෙසේ වෙතත්, වැද­ගත් දුර්ව­ලතා සහ අවි­නි­ශ්චි­ත­තා­ව­යන් පව­තින අතර, මෙයින් අද­හස් කරන්නේ ප්‍රති­සං­ස්ක­රණ ගම්‍ය­තා­වය පවත්වා ගැනීම ඉතා වැද­ගත් බවද ඇය වැඩි­දු­ර­ටත් පවසා ඇත.

Share.

Comments are closed.

Exit mobile version