ඓතිහාසික වටිනාකමකින් යුත් නුවරඑළිය තැපැල් කාර්යාල ගොඩනැඟිල්ල සම්බන්ධයෙන් මෙතෙක් ගත් සියලු තීරණ අත්හිටුවන බව ජනමාධ්‍ය ඇමැති විජිත හේරත් මහතා පැවසීය.

150 වැනි ලෝක තැපැල් දිනය වෙනුවෙන් අරලියගහ මන්දිරයේ ඊයේ (09) පැවති උත්සවයකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය. නුවරඑළිය තැපැල් කාර්යාලය, එම ගොඩනැඟිල්ල සහ එහි පරිශ්‍රය තැපැල් දෙපාර්තමේන්තුවේ කටයුතු සඳහා පමණක් භාවිත කරන බව ඒ මහතා කියා සිටියේය.

ඇමැතිවරයා කියා සිටියේ,

නුවරඑළිය තැපැල් කාර්යාල ගොඩනැඟිල්ල පසුගිය කාලයේ බලහත්කාරයෙන් පවරා ගැනීමට තීන්දු ගත්තා. නව රජයේ නව ජනාධිපතිවරයාගේ ප්‍රතිපත්ති අනුව නුවරඑළිය තැපැල් කාර්යාල ගොඩනැඟිල්ල සහ එම භූමිය මින් ඉදිරියට තැපැල් දෙපාර්තමේන්තුවේ කටයුතු සඳහා පමණක් අප වෙන් කරනවා. ඒක වෙන කාටවත් ලබා දෙන්නේ නැහැ. ඒ සඳහා මෙතෙක් ගෙන ඇති තීන්දු තීරණ සියල්ල අපි අත්හිටුවනවා.

යනුවෙනි.

Share.

Comments are closed.

Exit mobile version