ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව 2024 ඔක්තෝම්බර් මාසය සඳහා කොළඹ පාරිභෝගික මිල දර්ශකය (කො.පා.මි.ද.) සහ කොළඹ නාගරික ප්‍රජාවගේ පාරිභෝගික උද්ධමන අනුපාතය ප්‍රකාශයට පත් කරයි.

ඒ අනුව කොළඹ නාගරික ප්‍රජාවගේ පාරිභෝගික උද්ධමන අනුපාතය 2024 ඔක්තෝම්බර් මාසය සඳහා -0.8% ක් දක්වා අඩු වී ඇත. එය 2024 සැප්තැම්බර් මාසය සඳහා -0.5% ක් ලෙස වාර්තා වී තිබුණි.

2024 ඔක්තෝම්බර් මාසයේ දී ආහාර කාණ්ඩයේ වාර්ෂික උද්ධමනය(ලක්‍ෂ්‍යමය) 1.0% දක්වා වැඩි වී ඇති අතර 2024 සැප්තැම්බර් මාසයේ දී එය වාර්තා වුයේ -0.3% ක් ලෙසය.

එමෙන්ම, 2024 ඔක්තෝම්බර් මාසය සඳහා ආහාර නොවන කාණ්ඩයේ වාර්ෂික උද්ධමනය(ලක්‍ෂ්‍යමය) -1.6% ක් දක්වා අඩු වී ඇති අතර එය 2024 සැප්තැම්බර් මාසයේ දී -0.5% ක් ලෙස වාර්තා විය.

Share.

Comments are closed.

Exit mobile version