තම රජය යටතේ ලෝක බැංකුවෙන් ඩොලර් මිලියන 200ක ණය මුදලක් ලබාගත් බව ජනාධිපති අනුර දිසානායක මහතා සඳහන් කරයි.

ණය ගැනීම අපරාධයක් නොවන බවත් හොඳ ණයක් ලැබෙන්නේ නම් රටටත් ව්‍යවසායකයන්ටත් හොඳ බවද හෙතෙම කියා සිටී.
මෙරටට ණය බරක් වුයේ අදාළ ණය වලින් ඊට අදාළ වත්කම් රට තුළ නිර්මාණය නොවීම හේතුවෙන් බවත් ඔහු පෙන්වා දෙයි.

ශ්‍රී ලංකාව අර්බුදයෙන් ගොඩ ඒම සඳහා අතිරේක ප්‍රාග්ධනයන් සපයා ගත යුතු බවද පවසන ඔහු එහිදී ණය ලබා ගැනීම වැදගත් බවත් පෙන්වා දුන්නේය.

ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ තුන්වන සමාලෝචනය ඉක්මන් කර ගැනීමට උත්සාහ කරන්නේ ඔවුන් විසින් ලබා දෙන ඊළඟ ණය වාරික ලබා ගැනීමටත් ඉන් අනතුරුව ලෝක බැංකුවෙන් හා ආසියානු සංවර්ධන බැංකුවෙන් ණය ප‍්‍රධානයන් කිහිපයක්ම ලබා ගැනීමේ අපේක්‍ෂාවෙන් බවද ඒ මහතා කියා සිටියේය.

Share.

Comments are closed.

Exit mobile version