Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

බෝගම්බර බන්ධනාගාර ඉඩම බදු දීමට කැබිනට් අනුමැතිය

June 15, 2025

මෙට්‍රෝ දුම්රිය පරීක්ෂණ සඳහා AI රොබෝවරු

June 15, 2025

ශ්‍රී ලංකාවේ සංවර්ධන ව්‍යාපෘති 20 ක් ආරම්භ කිරීමට ජනපති සූදානම්

June 15, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Monday, June 16
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Hide»Sri Lankan news»අතුරු සම්මත ගිණුම පාර්ලිමේන්තුවට
Sri Lankan news

අතුරු සම්මත ගිණුම පාර්ලිමේන්තුවට

kumudikaBy kumudikaDecember 6, 2024No Comments3 Mins Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

2025 ජනවාරි 01 වැනිදා සිට 2025 අප්‍රේල් 30 වැනිදා දක්වා රජයේ වියදම් ඇතුළත් රුපියල් බිලියන 1,402ක (රු.1,402,886,263,000) අතුරු සම්මත ගිණුම සභානායක අමාත්‍ය බිමල් රත්නායක මහතා ඊයේ (05) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය.

2025 වසරේ පළමු මාස 04 සඳහා රජයේ කාර්යයන් සහ ණය සේවාකරණය අඛණ්ඩව පවත්වාගෙන යෑම සඳහා වන, නව රජයේ අතුරු සම්මත ගිණුම මඟින් රුපියල් බිලියන 976ක් (රු.976,074,263,000) පුනරාවර්තන වියදම් ලෙස වෙන් කර ඇත.

මෙම අතුරු සම්මත ගිණුම මඟින් වැඩිම මුදලක් වෙන් කර ඇත්තේ ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයට වන අතර එම මුදල රුපියල් බිලියන 220ක් වේ.

මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයට රුපියල් බිලියන 186ක්, රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයට රුපියල් බිලියන 170.4ක්, සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යාංශය සඳහා රුපියල් බිලියන 161.9ක් සහ ආරක්ෂක අමාත්‍යාංශයට රුපියල් බිලියන 142.9ක් ලෙස මෙමඟින් මුදල් වෙන් කර ඇත.

රුපියල් බිලියන 92.0ක මුදලක් මෙම අතරු සම්මත ගිණුම හරහා අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයට වෙන් කර තිබේ.

මේ අතර ජනාධිපතිවරයාගේ වැය ශීර්ෂය ලෙස රුපියල් බිලියන 2.6ක් (රු.2,644,940,000) සහ අග්‍රාමාත්‍ය කාර්යාලයට මිලියන 378ක් (378,000,000) වෙන් කර ඇත.

මෙම අතරු සම්මත ගිණුම හරහා අමාත්‍යාංශ 24කට වෙන් වෙන් වශයෙන් වෙන් කර ඇති මුදල් පහත පරිදි වේ.

බුද්ධ ශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය සඳහා රුපියල් බිලියන 3.3ක් (රු.3,236,300,000)

මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය – රුපියල් බිලියන 186ක් (රු.186,031,812,000)

ආරක්ෂක අමාත්‍යාංශය – රුපියල් බිලියන 142.9ක් (රු. 142,955,000,000)

අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශය – රුපියල් බිලියන 17.2ක් (රු.17,273,160,000)

සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යාංශය – රුපියල් බිලියන 161.9ක් (රු.161,999,998,000)

විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය – රුපියල් බිලියන 5.9ක් (රු.5,927,350,000)

වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන අමාත්‍යාංශය – රුපියල් මිලියන 885ක් (රු. 885,700,000)

ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය – රුපියල් බිලියන 220ක් (රු.220,075,000,000)

කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග – රුපියල් බිලියන 67.3ක් (රු.67,361,000,000)

බලශක්ති අමාත්‍යාංශය – රුපියල් බිලියන 4.3ක් (රු. 4,330,550,000)

නාගරික සංවර්ධන, ඉදිකිරීම් සහ නිවාස අමාත්‍යාංශය – රුපියල් බිලියන 17.1ක් (රු.17,194,920,000)

ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබල ගැන්වීමේ අමාත්‍යාංශය – රුපියල් බිලියන 9.4ක් (රු.9,414,868,000)

අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය – රුපියල් බිලියන 92.0ක් (රු.92,000,000,000)

රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය – රුපියල් බිලියන 170.4ක් (රු.170,476,415,000)

වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශය – රුපියල් බිලියන 3.6ක් (රු.3,652,000,000)

කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන – රුපියල් බිලියන 4.4ක් (රු.4,464,800,000)

ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍යාංශය – රුපියල් බිලියන 5.7ක් (රු.5,769,000,000)

පරිසර අමාත්‍යාංශය – රුපියල් බිලියන 4.9ක් (රු. 4,938,000,000)

කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය – රුපියල් බිලියන 5.0ක් (රු. 5,079,133,000)

ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය – රුපියල් බිලියන 3.7ක් (රු. 3,744,700,000)

මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශය – රුපියල් බිලියන 65.0ක් (රු.65,064,575,000)

කම්කරු අමාත්‍යාංශය – රුපියල් බිලියන 2.0ක් (රු. 2,086,945,000)

තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යාංශය – රුපියල් බිලියන 3.7ක් (රු.3,760,000,000)

විද්‍යාව සහ තාක්ෂණ අමාත්‍යාංශය – රුපියල් බිලියන 1.7ක් (රු.1,780,000,000) ලෙස අතුරු සම්මත ගිණුම මඟින් මුල් කාර්තුව සඳහා මුදල් වෙන් කර ඇත.

Colombo Featured Sri Lanka
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleඕස්ට්‍රේලියාවේ ගණකාධිකාරි ඇගයීම් උළෙලකින් ශ්‍රී ලංකාවෙ ගණකාධිකාරිනියකට සම්මානයක්
Next Article ශ්‍රී ලංකා රේගුව ආදායම් ඉලක්කයෙන් 90% ක් සපුරයි
kumudika

Related Posts

බෝගම්බර බන්ධනාගාර ඉඩම බදු දීමට කැබිනට් අනුමැතිය

June 15, 2025

මෙට්‍රෝ දුම්රිය පරීක්ෂණ සඳහා AI රොබෝවරු

June 15, 2025

ශ්‍රී ලංකාවේ සංවර්ධන ව්‍යාපෘති 20 ක් ආරම්භ කිරීමට ජනපති සූදානම්

June 15, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Homeland

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.