මෙරටට ආනයනය කරන වාහන දින 90ක් තුළ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කිරීම අනිවාර්ය කර තිබේ.
වාහන ආනයනය සම්බන්ධයෙන් මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යංශය විසින් මෙම පියවර ගෙන ඇත.
අදාළ වාහනය නියමිත කාලයේදී ලියාපදිංචි කිරීමට නොහැකි වුවහොත් එය ලියාපදිංචි කරන අවස්ථාවේදී අදාළ ආනයනකරුට මෝටර් වාහනයේ පිරිවැය, රක්ෂණ සහ නැව් ගාස්තුවෙන් සියයට 45ක් මෙන්ම ප්‍රමාද ගාස්තුද ගෙවිය යුතු යුතු වේ.
එසේම විකිණීමේ අරමුණින් ආනයනය කරන වාහන ආනයනකරුගේ නමට, ව්‍යාපාරයේ නමට හෝ අධ්‍යක්ෂවරුන්ගේ නමට ලියාපදිංචි කිරීමද තහනම් කිරීමට කටයුතු කර ඇත.
ආනයනකරුවෙකු මාස 06ක් තුළ තමන් ආනයනය කළ මුළු මෝටර් රථ ප්‍රමාණයෙන් සියයට 25ක් දින 90ක් තුළ ලියාපදිංචි නොකළහොත් ඔහුට වාහන ආනයනය කිරීම මාස 36කට තහනම් කරන බව එම අමාත්‍යංශය සඳහන් කළේය.
වාහන විශාල ප්‍රමාණයෙන් ආනයනය කර වාහන තොග රැස් කිරීම අධෛර්යමත් කිරීම මෙහි අරමුණය. මෙරට විදේශ විනිමය සංචිත ආරක්ෂා කිරීමේ අරමුණද ඇතිව මෙම කොන්දේසි පැනවූ බව මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යංශය වැඩිදුරටත් පැවසීය.