Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

ඉන්දු පාකිස්තාන අර්බුදය සාකච්ඡා කරන්න එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය රැස් වෙයි

May 25, 2025

නවසීලන්ත නියෝජ්‍ය අගමැති නිල සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට

May 25, 2025

ණය ලෙස ලබා ගත් ට්‍රිලියන 20 කට වැඩි මුදලක් අතුරුදන් – නියෝජ්‍ය මුදල් ඇමති කියයි

May 25, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Sunday, May 25
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Hide»Sri Lankan news»බිත්තර තොග මිල රුපියල් 20 දක්වා පහතට
Sri Lankan news

බිත්තර තොග මිල රුපියල් 20 දක්වා පහතට

kumudikaBy kumudikaDecember 24, 2024No Comments2 Mins Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

සාමාන්‍ය මට්ටමේ බිත්තරයක තොග මිල ඊයේ (23දා) රුපියල් 20 ක් දක්වා පහත වැටී තිබුණද බිත්තරයක නිෂ්පාදන වියදම රුපියල් 28 -30  අතර මට්ටමේ පවතින බව සමස්ත ලංකා කුඩා කර්මාන්ත කරුවන්ගේ සංගමය සඳහන් කරයි.

වසර දෙකකට පසු බිත්තරයක තොග මිල රුපියල් 20 දක්වා පහත වැටී තිබෙන බවත්, ජනතාවට සහන ලබා දීමට නම් ගොවිපොළ හිමියන්ටද සහන දීම අවශ්‍ය බවත් එම සංගමයේ සභාපති නිරුක්ෂ කුමාර මහතා සඳහන් කළේය.

මව් සතුන්ගේ මිල, සත්ත්ව ආහාර මිල හා සත්ත්ව ඖෂධ මිල ඉහළ මට්ටමක පවතින නිසා බිත්තර ගොවිපළ කර්මාන්තය අර්බුදයකට ලක්වන බවත් ඔහු කියා සිටියේය. මේ නිසා සත්ත්ව ආහාර හා ඖෂධ මත යොදා තිබෙන බදු ඉවත් කර සහන මිලට මව් සතුන් ලබා දෙන වැඩපිළිවෙළක් සකස් කරන ලෙස ආණ්ඩුවෙන් ඉල්ලා සිටින බව ඒ මහතා පැවසීය.

මෝල්වලින් සත්ත්ව ආහාර වශයෙන් නිකුත් කළ කැඩුණු සහල් කිලෝවක මිල රුපියල් 180 සිට රුපියල් 230 දක්වා ඉහළ දමා තිබෙන නිසා කැඩුණු සහල්, බිත්තර ගොවිපළ කර්මාන්තයට යොදා ගැනීමට නොහැකි වී තිබෙන බවද ඔහු සඳහන් කළේය.

මේ නිසා බිත්තර කුඩා වී තිබෙන බවත්,  සාමාන්‍ය තත්ත්වයේ බිත්තරයක බර මේ වන විට ග්‍රෑම් 20 -25  දක්වා අඩු වී තිබෙන බවත් නිරුක්ෂ කුමාර මහතා පැවසීය.දෛනික බිත්තර අවශ්‍යතාව බිත්තර ලක්ෂ අසූවක් බවත්, මේ වන විට එම අගය ඉක්මවා බිත්තර වෙළෙඳ පොළට පැමිණෙමින් තිබෙන නිසා බිත්තරයක සිල්ලර මිල පවා රුපියල් 25 ක් දක්වා පහත වැටී තිබෙන බවත් ඔහු සඳහන් කළේය.

 බිත්තර මිල අඩු වීම පාරිභෝගික ජනතාවට වාසි දායක වුවත් අමුද්‍රව්‍ය මිල ඉහළ අගයක් ගන්නා නිසා බිත්තර මිල අඩු වෙයි. ගොවිපළ හිමියන්ට මෙය දැඩිව බලපාන නිසා බදු ඉවත් කර ගොවිපළ හිමියන්ට සහන ලබා දිය යුතු බවද හෙතෙම පැවසීය.

Featured Sri Lanka
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Article2025 ඩුබායි අලුත් අවුරුදු මල්වෙඩි සංදර්ශන ස්ථාන 36 කදී
Next Article ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම ලෝක කුසලානයට සෘජු සුදුසුකම් ලබයි
kumudika

Related Posts

ඉන්දු පාකිස්තාන අර්බුදය සාකච්ඡා කරන්න එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය රැස් වෙයි

May 25, 2025

නවසීලන්ත නියෝජ්‍ය අගමැති නිල සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට

May 25, 2025

ණය ලෙස ලබා ගත් ට්‍රිලියන 20 කට වැඩි මුදලක් අතුරුදන් – නියෝජ්‍ය මුදල් ඇමති කියයි

May 25, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Homeland

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.