හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙම වසර අවසාන වීමට ප‍්‍රථම පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයකු ලෙස පත්වීමට නියමිතව ඇති බව වාර්තා වේ.

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණෙන් දැනට පාර්ලිමේන්තු නියෝජනය කරන ජාතික ලැයිස්තු මන්ත‍්‍රීවරයෙකු ඉල්ලා අස්වීමෙන් පසු ඇතිවන පුරප්පාඩුව සඳහා මොහුගේ පත්කිරීම සිදු කරනු ඇත.

වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවට පත්වීමෙන් පසු විපක්ෂයේ සිටින මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකුද ඔහු සමග සම්බන්ධ වීමට කටයුතු කරනු ඇති බව සඳහන්‍ ය. රනිල් වික්‍රමසිංහ මහතාට පාර්ලිමේන්තුවට පැමිණෙන ලෙස දැනටමත් විවිධ පාර්ශව වලින් යෝජනා කර ඇත.

Share.

Comments are closed.

Exit mobile version