පින්නවල අලි අනාථාගාරයේ රඳවා සිටින අලි ඇතුන් සඳහා දම්වැල් භාවිතය නතර කිරීමට ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව තීරණය කර ඇත.

ඒ අනුව එම අලි ඇතුන්ට හිරිහැරයකින් තොරව කාලය ගත කිරීමට අලි අරණක් ඉදිකෙරෙන බව එම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් චන්දන රාජපක්ෂ මහතා කියා සිටියේය.

වනාන්තරවලදී සිය රංචුවෙන් අතරමන් වූ සහ අනතුරුවලට ලක් වූ විවිධ වයස් කාණ්ඩවලට අයත් අලි ඇතුන් 69 දෙනෙකු මේ වන විට පින්නවල අලි අනාථාගාරයේ රඳවා සිටිති.

Share.

Comments are closed.

Exit mobile version