ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමග සාකච්ඡා කර කලින් එකඟ වී තිබූ බදු අනුපාත කිහිපයක් වෙනස් කර ගැනීමට සහ කල් දමා ගැනීමට නව රජයට හැකියාව ලැබූ ලැබුණු බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සඳහන් කරයි.

මෙම වසරේ පැනවීමට නියමිතව තිබූ දේපළ බද්ද ලබන වසර තෙක් කල් දමා ගැනීමට හැකියාව ලැබුණු බවද ඔහු පැවසීය.

අන්තර්ජාල සේවා සැපයීමේදී 30%ක් ලෙස එකඟ වී තිබූ බද්ධ 15% ලෙස අඩු කරගැනීමට සාකච්ඡාවේදී හැකියාව ලැබූ බවද ඔහු කියා සිටියේය.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙම අදහස් පළ කළේල කොළඹ ෂැංග්‍රිලා හෝටලයේ පැවති තරුණ ලාංකේය ව්‍යවසායක මණ්ඩලයේ 26 වන සමුළුවට එක්වෙමිනි.

Share.

Comments are closed.

Exit mobile version