අධිවේගී මාර්ගයන් සඳහා පෙරේදා (10 වැනිදා) රාත්‍රියේ සිට පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් අනුයුක්ත කිරීමට පියවර ගත් බව මාර්ග සංවර්ධන අධිකාරිය පවසයි.

අධිවේගී මාර්ගයේ සිදුවන හදිසි අනතුරුවලදී ජීවිත ගලවා ගැනීම් සහ ගිනි නිවීම් සේවා කටයුතු සඳහා මෙම අනුයුක්ත කිරීම සිදු කර ඇත.

පසුගිය රජය සමයේදී ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුව මගින් ක්‍රියාත්මක කළ යුක්තිය මෙහෙයුමත් සමග ආරක්ෂක අමාත්‍යංශය මගින් මීට වසරකට පෙර එම කටයුතුවලින් පොලිස් විශේෂ කාර්ය බළකාය ඉවත් කෙරිණි.

මේ අනුව දක්ෂිණ අධිවේගී මාර්ගය, දක්ෂිණ අධිවේගී මාර්ග දිගුව, කොළඹ පිටත වටරවුම් මාර්ගය, නව කැලණි පාලම සහ කොළඹ – කටුනායක මාර්ගයන්හී වන හදිසි අනතුරුවලදී ජීවිත ගලවා ගැනීම් සහ ගිනි නිවීම් සේවා කටයුතු සඳහා මෙම නිලධාරීන් යෙදවීමට පියවරගෙන තිබේ.

විශේෂයෙන් හඳුනාගෙන ඇති කොළඹ – කටුනායක මාර්ගයේ නව කැලණි පාලම, කොළඹ පිටත වටරවුම් මාර්ගයේ විවිධ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන් ඉකුත් කාලය පුරා අධිවේගී මාර්ගයේ දේපොළ සොරාගැනීම් සම්බන්ධයෙන් ද අවධානය යොමු කර එම දේපොළ ආරක්ෂා කිරීම සඳහා නිලධාරීන් 20 දෙනකුගෙන් සමන්විත කණ්ඩායමක් යෙදවීමට නියමිතව ඇතැයි මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් එෆ්.එම්.පී. සූරියබණ්ඩාර මහතා පැවැසීය.

Share.

Comments are closed.

Exit mobile version