ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය කරන ලද ලැප්ටොප් පරිගණක 1000ක් ප්‍රථම වතාවට සිම්බාබ්වේ වෙත අපනයනය කිරීම පසුගියදා සිදුවිය.

සිම්බාබ්වේ රටට යැවූ මෙම ලැප්ටොප් සඳහා ඇමරිකන් ඩොලර් මිලියන 02ක ආදායමක් රටට ලැබෙන අතර තවත් ලැප්ටොප් 6000ක ඇණවුමක් සිම්බාබ්වේ වෙතින් ලැබී ඇතැයි Ewis Colombo සමාගමේ සභාපති සංජීව වික්‍රමනායක මහතා පසුගිය 12 වැනිදා පැවැති මාධ්‍ය හමුවකදී පැවසීය. දකුණු අප්‍රිකාව, සුඩානය ඇතුළු රටවල් කිහිපයක් සමග මෙරට ලැප්ටොප් අපනයනය කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා කරමින් සිටින බව ද ඒ මහතා පැවසීය.

ශ්‍රී ලංකාවේ තොරතුරු සන්නිවේදන තාක්ෂණ අංශයේ ප්‍රමුඛයකු වන තම ආයතනය දශක 04කට ආසන්න කාලයක සිට අධ්‍යාපනය, ව්‍යාපාර හා රජයේ ව්‍යවසායයන් වෙත මෙම පරිගණක සපයන බවත් අවශ්‍ය ඕනෑම පාර්ශ්වයකට මේවා ලබාගත හැකි බවත් හෙතෙම කීය.

තම ආයතනය ISO 9001(2015& ISO 14001(2015& CF, FCC, ROHS ඇතුළු ජාත්‍යන්තර මට්ටමේ ගුණාත්මක බවේ සහතික ලබාගෙන ඇති බව ද ඒ මහතා සඳහන් කළේය.

Share.

Comments are closed.

Exit mobile version