Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

ඇමරිකානු ජනාධිපති සමඟ සෞදි අරාබිය විශාලතම අවි ගණුදෙනුවක

May 15, 2025

ඩුබායි මෙට්‍රෝ සහ ට්‍රෑම් රථ ස්ථාන පිරිසිදු කිරීමට ඩ්‍රෝන යානා

May 14, 2025

ඩොනල්ඩ් ට්‍රම්ප් හෙට එමීර් රාජ්‍යයට

May 14, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Thursday, May 15
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»World news»දකුණු කොරියාවේ ලැව් ගිනි දරුණු වෙයි
World news

දකුණු කොරියාවේ ලැව් ගිනි දරුණු වෙයි

adminBy adminMarch 27, 2025No Comments1 Min Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

දකුණු කොරියාවේ දකුණුදිග පළාත් ආශ්‍රිතව දින ගණනාවක් පුරා පැතිරෙන ළැව් ගින්න හේතුවෙන් මේ වන විට පුද්ගලයන් 24 දෙනකු ජීවිතක්ෂයට පත්වී ඇති අතර, තවත් පුද්ගලයන් 19 දෙනකු තුවාල ලබා ඇතැයි කොරියා හැරල්ඩ් පුවත් සේවය වාර්තා කළේය.

එම පළාතේ ගොඩනැඟිලි 200ක් පමණ ළැව්ගින්නෙන් විනාශ වී ඇති අතර, වසර 1,300ක් පැරැණි බෞද්ධ සිද්ධස්ථානයක් ද ගින්නට හසුවී සම්පූර්ණයෙන්ම විනාශ වූ බව වාර්තා වේ. ළැව් ගින්න මැඬපැවැත්වීමට යොදා තිබූ හෙලිකොප්ටරයක් අනතුරට ලක්වීමෙන් එහි නියමුවා ද ජීවිතක්ෂයට පත්වී ඇති අතර, මෙය දකුණු කොරියානු ඉතිහාසයේ දරුණුතම ළැව් ගින්න බව එරට වැඩබලන ජනාධිපති හැන් ඩක් සූ ප්‍රකාශ කර ඇතැයි ද වාර්තා වේ.

එරට ආපදා කළමනාකරණ බලධාරීන්ට අනුව වියළි කාලගුණය සහ අධික සුළං තත්ත්වය ළැව්ගින්න වේගයෙන් ව්‍යාප්ත වීමට හේතු වී ඇතැයි ද කොරියා හැරල්ඩ් පුවත් සේවය වැඩිදුරටත් වාර්තා කළේය.

පවතින තත්ත්වය මත දකුණු පළාත්වාසීහු තිස්දහසකට ආසන්න ප්‍රමාණයක් ඉවත් කිරීමට රජය පියවර ගෙන ඇති බවත් කොරියා හැරල්ඩ් පුවත් සේවය සඳහන් කරයි. පසුගිය සිකුරාදා ආරම්භ වූ ළැව් ගින්න පෙරේදා වන විට දකුණුදිග පළාතේ අක්කර 43,330ක් පමණ විනාශ කර ඇති බවත්, නිවාස, කර්මාන්තශාලා සහ රථ වාහන දේපළ විශාල ප්‍රමාණයක් ඊට හසුවී ඇතැයි වාර්තා වේ.

Featured World
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleලොව ප්‍රථම වරට Midnight විදුලි එයාර් ටැක්සි සේවාව අබුඩාබිහි දී ඇරඹෙයි
Next Article ආර්ථික අතින් ශ්‍රි ලංකාව 2018 වසර මෙන් වෙන්න තව වසර දෙකක් ගතවේවි – මහ බැංකු අධිපති කියයි
admin
  • Website

Related Posts

ඇමරිකානු ජනාධිපති සමඟ සෞදි අරාබිය විශාලතම අවි ගණුදෙනුවක

May 15, 2025

ඩුබායි මෙට්‍රෝ සහ ට්‍රෑම් රථ ස්ථාන පිරිසිදු කිරීමට ඩ්‍රෝන යානා

May 14, 2025

ඩොනල්ඩ් ට්‍රම්ප් හෙට එමීර් රාජ්‍යයට

May 14, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Demo

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.