එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ නිල ගුවන් සේවාවක් වන එමිරේට්ස් සමාගම සංචාරක ඉල්ලුමේ වැඩිවීමට සරිලන පරිද්දෙන් දෙසැම්බර් 1 වැනිදා සිට ඩුබායි සහ කොළඹ අතර අතිරේක දෛනික සෘජු ගුවන් ගමනක් එක් කිරීමට සැලසුම් කරයි.

මෙම අතිරේක සේවාව ඉදිරියේදී ගුවන් වාර තුනක් දක්වා ඉහල දැමීමට බලාපොරොත්තු වේ. ගුවන් වාර දෙකක් ඩුබායි-කොළඹ නගර අතර සෘජු ගුවන් ගමන් ලෙසත් අනෙක මාලදිවයිනේ මාලේ නගරය හරහා නගර තුනක් ආවරණය වන පරිද්දෙන් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කොටඇත.

Share.

Comments are closed.