රට ස්ථාවර කිරීමේ අරමුණින් ගමන් කිරීමේදී ජාත්‍යන්තර මූල්‍යය අරමුදලේ සහය ඇතිව හෝ නැතිව එය සිදු කළ යුතු බව මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ පවසයි.

ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරීවරුන්ගේ සංගමයේ වාර්ෂික පර්යේෂණ සම්මන්ත්‍රණය අමතමින් මහ බැංකු අධිපතිවරයා මේ බව සඳහන් කළේ ය.

නන්දලාල් වීරසිංහ මහතා ප්‍රකාශ කර සිටියේ, ද්විපාර්ශ්වික ණය හිමියන්ගෙන් මූල්‍ය සහතික ලබා ගැනීමේ ක්‍රියාමාර්ගය මහ බැංකුව නිරතව සිටින බවයි. එය නතර කර ඇති බව පළ වන මාධ්‍ය වාර්තා අසත්‍ය බව ද ඔහු මෙහිදී ප්‍රකාශ කළේ ය. මහ බැංකු අධිපතිවරයා අ​වධාරණය කලේ, මහ බැංකුව කිසිදු අයුරකින් එය නතර කර නොමැති බවත් නිරතුරුව ම එම ක්‍රියාවලිය සම්පූර්ණ කර ගැනීමේ උත්සහයක යෙදී සිටින බවයි.

මෙම මාසයේදී එම මූල්‍ය සහතික ලබා ගැනීම සිදු කර ගැනීමට නොහැකි වූවහොත් එළඹෙන මාසයේදී එය සම්පූර්ණ කර ගැනීමට හැකි බවත් එලෙස ලැබෙන මූල්‍ය සහතික ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ඉදිරිපත් කර කෙටි කාලයක් තුළදී රටේ ආර්ථිකය ස්ථාවර කිරීමට හැකි බවත් ඔහු වැඩිදුරටත් පැවසුවා.

Share.

Comments are closed.