රටේ ආර්ථිකයේ තත්ත්වය අනුව ජාතික වත්කම් විකිණීමට ශ්‍රී ලංකා ජනගහනයෙන් බහුතරයක් විරුද්ධ බව සමීක්ෂණයකින් හෙළි වී තිබෙනවා.

මහාචාර්ය ජයදේව උයන්ගොඩ ප්‍රමුඛ සමාජ විද්‍යාඥයින්ගේ සංගමය USAID හා එක්ව කරන ලද සමීක්ෂණයකින් හෙළි වී ඇත්තේ තරුණ පරම්පරාවෙන් 93. 8% ක් සහ වැඩිහිටි ජනගහනයෙන් 93.2% ක් ජාතික වත්කම් විකුණා දැමිය යුතු යැයි නොසිතන බවයි.

රාජ්‍ය අංශයට පුද්ගලයන් බඳවා ගැනීම අවම කළ යුතු යැයි විශ්වාස කරන්නේ තරුණයන්ගෙන් 42.1%ක් සහ වැඩිහිටි අයගෙන් 47.4%ක් පමණි.

පර්යේෂණ වාර්තාවට අනුව තරුණ ජනගහනයෙන් 69.1% ක් සහ වැඩිහිටි ජනගහනයෙන් 69.4% ක් විශ්වාස කරන්නේ යුද්ධයෙන් පසු ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක කරන ලද සංවර්ධන ව්‍යාපෘති අනාගතයේදී ජාතියට යම් ප්‍රතිලාභයක් ලබා දෙනු ඇති බවයි.

මේ අතර තරුණ ජනගහනයෙන් 76.6% ක් සහ වැඩිහිටි ජනගහනයෙන් 71.9% ක් රටේ ආර්ථික පසුබෑමට පාලකයන් වගකිව යුතු යැයි විශ්වාස කරන අතර තරුණයන්ගෙන් 32.4% ක් සහ වැඩිහිටියන්ගෙන් 28% ක් COVID-19 වසංගතය ආර්ථික පසුබෑමට හේතු වූ බව විශ්වාස කරන බව මෙම සමීක්ෂණයෙන් හෙළි වී තිබෙනවා.

Share.

Comments are closed.