ඇල්ල සංචාරක කලාපය පුළුල් සැලැස්මකට අනුව සංවර්ධනය කිරීමට කඩිනම් පියවර ගන්නා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අදාළ නිලධාරීන්ට උපදෙස් දී තිබේ.

සංචාරක අමාත්‍යාංශය, නාගරික සංවර්ධන අමාත්‍යාංශය සහ පරිසර අමාත්‍යාංශය එක්ව මාස හතරක් ඇතුළත සංවර්ධන සැලැස්මක් සකස් කර තමා වෙත ඉදිරිපත් කරන ලෙස ද ජනාධිපතිතුමා නිලධාරීන්ට දැනුම් දී ඇත.

ඇල්ල ව්‍යාපාරිකයන්ගේ සංගමය සමඟ දින කීපයකට උඩදී පැවැති සාකච්ඡාවකදී ජනාධිපතිවරයා මෙම උපදෙස් ලබා දුන්නා.

ඇල්ල සංචාරක කලාපය විධිමත් සැලැස්මක් සහිතව විධිමත් ලෙස සැලසුම් කිරීමේ අවශ්‍යතාව ජනාධිපතිතුමා පෙන්වා දුන්නා. අවට සංචාරක ආකර්ෂණ ස්ථාන වලට බාධා නොවන පරිදි සැලැස්මේ ඉදිකිරීම් කටයුතු පරිසර හිතකාමී ලෙස සිදු කළ යුතු බව ද ඔහු පැවසුවා.

Share.

Comments are closed.