එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ උප ජනාධිපති, අගමැති සහ ඩුබායි පාලක අතිගරු ෂෙයික් මොහොමඩ් බින් රෂීඩ් අල් මක්ටූම් ඩිරාම් ට්‍රිලියන 32 (ඩොලර් ට්‍රිලියන 8.7) ආර්ථික සැලැස්මක් ඉදිරිපත් කොට තිබෙනවා.

මෙම නව ආර්ථික න්‍යාය පත්‍රය, “D33” ලෙස නම් කර ඇති අතර එය ඉදිරි දශකය තුළ වෙළඳාම සහ ආයෝජන දිරිගැන්වීම තුලින් එමිරේට්ස් ආර්ථිකයේ විශාලත්වය දෙගුණ කිරීම සහ ඩුබායි, ලෝකයේ හොඳම ආර්ථික නගර 3 අතරට ගෙනඒම අරමුණු කරනවා.

ඉදිරි දශකය තුළ එමිරේට්ස්හි විදේශ වෙළඳාම ඩිරාම් ට්‍රිලියන 25 දක්වා ළඟා වනු ඇති බව ෂෙයික් මොහොමඩ් ට්වීට් නිවේදන මාලාවකින් සඳහන්කො​ට තිබෙනවා. ඩුබායි විසින් ලොව පුරා නව නගර 400 ක් සමඟ වෙළඳ කොරිඩෝවක් ද එක් කිරීමට නියමිතයි.

“මෙම ආර්ථික න්‍යාය පත්‍රයට ඩුබායි හි පරිවර්තනීය ව්‍යාපෘති 100ක් ඇතුළත් වෙනවා. ඉදිරි වසර දහය තුළ සමස්​ථ ආර්ථික ඉලක්ක​ය ඩිරාම් ට්‍රිලියන 32 ක් වෙනවා” , “ඉදිරි දශකය තුළදී ඩිරාම් ට්‍රිලියන 25 දක්වා අපගේ විදේශ වෙළඳාම දෙගුණ කරන්නෙමු.” ෂෙයික් මොහොමඩ් ට්වීටර් පණිවුඩයේ සඳහන් කර තිබුණා.

ඩුබායි, වසර දහයක් ඇතුළත ඩිරාම් බිලියන 700 ඉක්මවන සෘජු විදේශ ආයෝජන ආකර්ෂණය කර ගැනීමට සැලසුම් කර ඇති බවයි ඩුබායි පාලකයා ට්වීට් කොට තිබුණේ.

“අපට ඩුබායි හි ආයෝජකයින් 300,000 කට වඩා සිටීනවා. ලෝකයේ වේගයෙන්ම සවර්ධනය වන නගරවලින් එකක් වීමට අපගේ ගමනට එක්වන ලෙස මම සැමට ආරාධනා කරමි,” ෂෙයික් මොහොමඩ් තවදුරටත් ​සඳහන් කොට තිබුණා.

Share.

Comments are closed.