සෞදි අල් නසර් ක්‍රීඩා සමාජය සමග අත්සන් තැබූ ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ සෞදි අරාබියේ ඒකාබද්ධ 2030 ලෝක කුසලාන ලංසුව ප්‍රවර්ධනය කිරීම සඳහා ඔහුගේ වසරකට ඩොලර් මිලියන 207 ක වැටුපට අමතරව තවත් ඩොලර් මිලියන 214 උපයා ගැනීමට අපේක්ෂා කෙරෙනවා.

ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ අල් නසර් ක්‍රීඩා සමාජය සමඟ වසර දෙකහමාරක ගිවිසුම් කාලය තුළ වසරකට ඩොලර් මිලියන 207 ක විශාල මුදලක් ලබා ගැනීමට අපේක්ෂිත වුවත්, වාණිජ සහ අනුග්‍රාහක ගිවිසුම් ඇතුළත් මෙම පෘතුගීසි සුපිරි තරුවගේ ගනුදෙනුව පිළි​බඳව වාර්ථා වෙන්නේ ඊට වඩා බොහෝ ලෙස වැඩි බවයි.

2030 ලෝක කුසලානය 2022 FIFA ලෝක කුසලානය කටාර් රාජ්‍යයේදී සාර්ථකව පැවැත්වීමෙන් පසුව, වසර හතකින් පසු මැදපෙරදිගට බොහෝ සෙයින් ආදරය කරන පාපන්දු තරඟාවලිය නැවත ගෙන ඒමේ ලංසුව සෞදි අරාබිය සලකා බලමින් සිටින බව වාර්ථා වෙනවා.

Share.

Comments are closed.