ILT20 තරඟාවලිය සඳහා ඊයේ පැවති දෙවෙනි තරග​ය අබුඩාබි නයිට්රයිඩර්ස් කන්ඩායම සහ සාජා වොරියර්ස් කන්ඩායම අතර අබුඩාබිහි සයිඩ් ක්‍රිකට් ස්ටේඩියම්හිදී පැවැත්වූවා. එම තරග​යෙන් අබුඩාබි නයිට්රයිඩර්ස් කන්ඩායම​ට කඩුලු 5 ​ක ජයක් හිමිවූවා.

මෙහිදී කාසියේ වාසිය දිනාගත් අබුඩාබි නයිට්රයිඩර්ස් කන්ඩායම මුලින්​ම පන්ඳු රැකීම​ තෝරාගත්තා.

සාජා වොරියර්ස් කන්ඩායම සිය පන්ඳු ඕවර 20 තුල කඩුලු 9 සඳහා ලකුණු 130 රැස්කලා.

පිලිතුරු ඉනිම ක්‍රීඩා ක​ල අබුඩාබි නයිට්රයිඩර්ස් කන්ඩායම​ පන්ඳු ඕවර 16.4 තුල කඩුලු 5කට ලකුණු 133 ලබාගන්මින් කඩුලු 5ක ජයක් හිමිකර ගත්තා.

මෙහිදී අබුඩාබි නයිට්රයිඩර්ස් කන්ඩායම වෙනුවෙන් චරිත් අසලංක ලකුණු 6 ක් ලබා ගත්තා.


අද පැවැත්වෙන තරග​ය​

අද දින ඩුබායි කැපිටල්ස් කන්ඩායම සහ එම්. අයි. එමිරේට්ස් කන්ඩායම අතර පැවැත්වෙන ක්‍රිකට් තරග​ය ඩුබායි ඉන්ටර්නැෂනල් ක්‍රිකට් ස්ටේඩියම්හිදී රාත්‍රී  7.30 ට ආරම්භ වීමට නියමිතයි.

ඩුබායි කැපිටල්ස් කන්ඩායම නියෝජනය කරමින්

  • දසුන් ශානක
  • භානුක රාජපක්ෂ
  • ඉසුරු උදාන
  • නිරෝෂන් දික්වැල්ල
  • චාමික කරුණාරත්න ක්‍රීඩා කිරීමට නියමිතයි

එම්. අයි. එමිරේට්ස් කන්ඩායම ​නියෝජනය කරමින් කිසිම ලාංකික ක්‍රීඩකයෙකු ක්‍රීඩා කරන්නේ නැහැ


අපේ  ශ්‍රී ලාංකික ක්‍රීඩකයින් සහ ඔවුන් නියෝජනය කරන කණ්ඩායම් දිනවීමට දිරිගන්වන්නට එක්වන්නැයි ඔබට ආරාධනා  කරන අතර ක්‍රිකට් තරග අතරවාරයේදී පිටියට නව ජීවයක් එක් කරන Mendis & the Clans පපරේ බෑන්ඩ් කණ්ඩායමේ පපරේ සංගීත රිද්මයන් සහ නාද රටාවන් විඳීමටත් හැකියාව ලැබෙනවා.

Share.

Comments are closed.