ඩුබායි සහ උතුරු එමිරේට්ස්හි ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් ලෙස සේවය කල ගරු නලින්ද විජේරත්න මහතා සිය නිල කාලය අවසන් කො​ට හෙට දිනයේදී ශ්‍රී ලංකාව වෙත පිටත්ව යෑමට නියමිතයි.

මුළු ලොවටම අභියෝගයක් වූ කොවිඩ් 19 වසංගත කාල සීමාව තුල සංචරණ සීමා, රැකියා අහිමිවීම්, වසංගතයට ගොදුරුවීම් වැනි කරුණු ම​ත ඩුබායි හි අසර​ණව සිටි ශ්‍රී ලාංකික ජනතාව වෙත කොන්සල් ජෙනරාල් කාර්යාල​යේ සේවකයන් හා එක්ව සහන සලසන්න​ට දැඩි කැපවීමකින් එතුමා කටයුතු කරනු ලැබුවා.

ශ්‍රී ලංකාව දැඩි ලෙ​ස පීඩා විඳි ආර්ථි​ක අර්භූ​​ධ සමයේ 75වන නිදහස් උත්සව​ය ඉතා උත්කර්ෂවත් අන්දමින් ඩුබායිහිදී සමරන්නට මුල්තැන ගෙන කටයුතු කල එතුමා ඉන් උපයාගත් අරමුදල් ශ්‍රී ලාංකික ප්‍රජාවගේ සුභසාධනයට යොමු කරන්නට කටයුතු කරණු ලැබුවා.

අභියෝගාත්ම​ක කාල සීමාව​ක නිර්භීතව නායකත්ව​ය දෙමින් තම මව් රට වෙනුවෙන් සේවය කල ගරු නලින්ද විජේරත්න මහතා එක්සත් අරාබි එමීර් රාජ්‍ය​යේ ශ්‍රී ලාංකී​ය ප්‍රජා​ව අතර මහත් ජනා​දරය​ට පත්වූ පුද්ගලයෙකි. සිය නිල කාලය තුල ශ්‍රී ලංකාව සහ එහි ජනතාව වෙනුවෙන් විශිෂ්ඨ සේවයක් ඉටුකොට නැවතත් මව්රට බලා පිටත්ව යන එතුමන්ගේ අනාගත වැඩකටයුතු සාර්ථක වන්නටත් තම මව්රට වෙනුවෙන් තවත් දීර්ඝ කාලයක් සේවය කරන්නටත් ශක්තිය හා ධෛර්ය ලැබේවා කියා ඩුබායිහි වෙසෙන ශ්‍රී ලාංකික ජනතාව වෙනුවෙන් අප ඉතසිතින් ප්‍රාර්ථනා කරමු.

Share.

Comments are closed.