Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

Dubai South විසින් ‘South Square’ අරඹයි

June 9, 2025

වසරේ මුල් මාස හතර ඇතුලත ලංකාවේ තේ,පොල්, රබර් අපනයන ආදායම ඉහලට

June 9, 2025

Dubai Miracle Garden නැරඹීමේ අවසන් අවස්ථාව ජූනි 15 වනදා

June 9, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Monday, June 9
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Foreign Employment»ලාංකිකයන්ට ජපානයේ රැකියා සඳහා වැඩි අවස්ථා
Foreign Employment

ලාංකිකයන්ට ජපානයේ රැකියා සඳහා වැඩි අවස්ථා

Stanly KularathnaBy Stanly KularathnaApril 10, 2023No Comments3 Mins Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ට ඉහළ ආදායම් ලබාගත හැකි වැඩි රැකියා සංඛ්‍යාවක් ලබාගැනීමටත්, ජපාන රැකියා ඉලක්ක කරගත් පුහුණු මධ්‍යස්ථාන ආරම්භ කිරීමටත් අවශ්‍ය කටයුතු සම්බන්ධයෙන් අවධානය යොමු කරමින් ජපානයේ නිල සංචාරයක නිතරවන කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා, ජපානයේ ඉහළ පෙලේ රාජ්‍ය තාන්ත්‍රිකයින් හා රැකියා ස​ඳහා බදවා ගනු ලබන ආයතනවල ප්‍රධානීන් හමුවී ද්විපාර්ශවික එකඟතාවයන්ට පැමිණ තිබෙනවා.

සාත්තු සේවක අංශයෙන් දැනට ලැබෙන රැකියා ප්‍රමාණය ඉහළ නංවා ගැනීමටත් මේ වන විට ලාංකිකයින්ට විවෘත වී නොමැති ගොඩනැගිලි නඩත්තු කිරීමේ හා පිරිසිදු කිරීමේ රැකියා අවස්ථා විවෘත කරගැනීමටත් ජපානයේ සෞඛ්‍ය, කම්කරු සහ සුබසාධන අමාත්‍ය Katsunobu Kato මහතා සමග මනුෂ නානායක්කාර අමාත්‍යවරයා සාකච්ඡා කළේය.

ඒ අනුව සාත්තු සේවක අංශයේ ශ්‍රමිකයින් බදවා ගැනීම සදහා වන විභාග පවත්වන දින ගණන හා මධ්‍යස්ථාන ගණන ඉහළ නැංවීමෙන් වැඩි ශ්‍රමිකයින් පිරිසකට ජපාන රැකියා අවස්ථා ප්‍රමාණයක් විවෘත කරගැනීමට හැකියාව ලැබෙන බවට අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා පෙන්වා දුන් අතර ජපානයේ සෞඛ්‍ය, කම්කරු සහ සුබසාධන අමාත්‍යවරයාගෙන් ඒ සදහා යහපත් ප්‍රතිචාරයක් හිමිව තිබේ. ඒ අනුව වැඩි රැකියා අපේක්ෂිතයින් පිරිසකට එම විභාගවලට පෙනී සිටීමට අවස්ථාව ලබාදීමට එක​ඟවී තිබේ.

ගොඩනැගිලි නඩත්තු කිරීමේ හා පිරිසිදු කිරීමේ රැකියා ක්ෂේත්‍රය ඉලක්ක කරගනිමින් ලංකාවේ පුහුණු මධ්‍යස්ථානයක් සහ සුදුසුකම් පරීක්ෂා කරනු ලබන මධ්‍යස්ථානයක් ආරම්භ කිරීම සදහාත් මෙහිදී අමාත්‍යවරුන් දෙදෙනා එක​ඟතාවයකට පැමි​ණ තිබෙන අතර ඒ ස​ඳහා වන මාර්ගෝපදේශයන් කඩිනමින් ලංකාවට ලබාදීමටත් එකඟ වී තිබේ.

ජපානයේ ඔටෝ මොබිල් ක්ෂේත්‍ර‍ෙය් රැකියා ඉලක්ක කරගනිමින් පුහුණු මධ්‍යස්ථානයක් ආරම්භ කිරීම සදහා ඇති කරගත් එකඟතාවය සම්බන්ධයෙන් වන ඉදිරි ක්‍රියාකාරී සැලසුම් මනුෂ නානායක්කාර අමාත්‍යවරයා සහ ජපානයේ කැබිනට් කාර්යාලයේ රාජ්‍ය අමාත්‍ය Satoshi Fujimaru මහතා අතර සාකච්ඡාවක් පැවැත්විය. ඔටෝ මොබිල් ක්ෂේත්‍ර‍ෙය් රැකියා ඉලක්ක

කරගත් පුහුණු මධ්‍යස්ථානය ආරම්භ කිරීම සදහා වන තාක්ෂණික කරුණු එහිදී සාකච්ඡා කළ අතර කඩි​නමින් පුහුණු මධ්‍යස්ථානය ආරම්භ කිරීම සදහා වන ඉදිරි පියවර ගැනීමටද Satoshi Fujimaru මහතා අමාත්‍යවරයා වෙත සහතික වී ඇත.

ජපානය හා ලංකාව අතර වන ද්විපාර්ශවික සම්බන්ධතා ශක්තිමත් කිරීමටත්, විශේෂයෙන්ම කම්කරු ක්ෂේත්‍ර​යේ වන සම්බන්ධතාවයන් ශක්තිමත් කරගැනීම සම්බන්ධයෙනුත් ජපන් ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මිත්‍රත්ව සංසදයේ සභාපති Yoshitaka Shindo මහතා අතර විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබේ. ආර්ථික වශයෙන් ලංකාව මුහුණදී ඇති අර්බුදකාරී අවස්ථාවේදී ජපානය ලබාදෙන සහාය සම්බන්ධයෙන් අමාත්‍යවරයා සිය කෘතඥතාවය පළ කර සිටි අතර මේ අවස්ථාවේදී ශ්‍රී ලාංකික පුහුණු ශ්‍රමිකයින්ට ජපානයේ වැඩි රැකියා අවස්ථා ප්‍රමාණයක් ලබාගැනීමට සහාය ලබාදෙන ලෙසද ඉල්ලා සිටියේය.

ජපානයේ වැඩිහිටි ජනගහනය ඉහළ යාමත් සමග ඇතිවී තිබෙන තත්වයන් පිළිබද දෙපාර්ශවය අතර දීර්ඝ ලෙස අදහස් හුවමාරු කරගත් අතර එහිදී ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ගේ දායකත්වය ජපාන ශ්‍රම බලකායට ලබාදිය හැකි ආකාරය ගැනද අදහස් හුවමාරු කරගත්තේය. විදේශ ගත ශ්‍රමිකයින්ට ජපානයේ රැකියා සදහා පැමිණීම වඩාත් පහසු කරන ආකාරය සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කරනු ලැබූ අතර ඒ සදහා ජපාන රජය පාර්ශවයෙන් ගනු ලබන පියවර සම්බන්ධයෙන් ​ජපන් – ශ්‍රී ලංකා පාර් ලිමේන්තු මිත්‍රත්ව සංසදයේ සභාපතිවරයා අමාත්‍යවරයාට කරුණු පැහැදිළි කළේය. ජපානයේ රැකියාවක් කිරීමේදී ජපන් භාෂාව, ජපන් සංස්කෘතිය සහ හර පද්ධතීන් පිළිබදව පැහැදිළි අවබෝධයක් ලබාගැනීමේ වැදගත්කම සම්බන්ධයෙන්ද ඔහු කරුණු පැහැදිලි කළේය.

ජපානයට විදේශ ගත ශ්‍රමිකයින් බදවා ගනු ලබන ප්‍රධාන පෙලේ ආයතනයක් වන Global Workforce ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී Morihiro Tada මහතා හමුවු මනුෂ නානායක්කාර අමාත්‍යවරයා පුහුණු ශ්‍රමිකයින්ට ජපානයේ වැඩි රැකියා අවස්ථා ප්‍රමාණයක් ලබාදෙන ලෙසට ඉල්ලීමක් කළේය. ඒ සදහා වන අවභෝධතා ගිවිසුමකට එළඹීමටද දෙපාර් ශවය එක​ඟතාවයකට පැමිණ තිබේ.

පුහුණු ශ්‍රමිකයින්ට ජපානයේ රැකියා අවස්ථා ලබාදීම සදහා කනමි හෝඩිංස් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී Takanobu Osak, ජාත්‍යන්තර බදවා ගැනීම් අංශයේ ප්‍රධානී Hirokimi Kagei, ඇතුළු නියෝජිතයින් කණ්ඩායමක් සහ මනුෂ නානායක්කාර අමාත්‍යවරයා අතර සාකච්ඡාවක්ද පවත්වා ඇත.

මෙම සාකච්ඡා සදහා කම්කරු සහ විදේශ රැකියා අමාත්‍යාංශයේ උපදේශක ශාන් යහම්පත් මහතා සහ ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර් යාංශයේ අධ්‍යක්ෂ නීතීඥ සමින්ද ජයසේකර මහතාද එක්ව සිටියහ.

Sri Lanka
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleඑක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පදිංචිකරුවන්ගෙන් 95% කට රටේ අපේක්ෂාවන් ගැන සුරක්ෂිත බවක් දැනේ
Next Article විදෙස් සමාගම්වලට CPC මිලට අඩුවෙන් ඉන්ධන අලෙවි කිරීමට ඉඩ සැල​සේ
Stanly Kularathna

Related Posts

වසරේ මුල් මාස හතර ඇතුලත ලංකාවේ තේ,පොල්, රබර් අපනයන ආදායම ඉහලට

June 9, 2025

ජනාධිපති සමාව යටතේ නිදහස් කල 388 දෙනාගෙ ලැයිස්තුව යටතේ දරුණු අපරාධකරුවන් 20 ක් හොර රහසේම නිදහස්

June 9, 2025

ලංකා ආණ්ඩුව පොරොන්දු වූ  ගිවිසුම් ඉටු කරනවාද බලන්න IMF ලොක්කෙක් දිවයිනට

June 9, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Homeland

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.