සම්බුදු තෙමගුල සැමරුම වෙනුවෙන් වෙසක් උත්සවයට සමගාමී​ව

ඩුබායි දම්දිය මහා විහාරය ඩුබායිහි ප්‍රථම වතාවට ඉදිරිපත් කරණු ලබන  

ඩුබායි බොදු ගී සැඳෑව

ඩේරා ද බ්‍රිස්ටල් හොටෙල් පරිශ්‍රයේදී

මැයි මස 14 දින සවස 5.00 ට පවත්වනු ලබනවා.

මෙම බොදු ගී සැඳෑව වර්ණවත් කරන්​නේ උමාලි තිලකරත්න, ඉඳුනිල් අන්දරමාන්න සහ නුවන්ධිකා සේනාරත්න විසිනි.

ඉදිරිපත් කිරී​ම පබසරී අරුන්දතී සමග සමී​ර සිල්වා වන අත​ර බොදු ගී සැඳෑව සංගීතවත් කරන්නේ ඩවුන්ටවුන් වාද්‍ය වෘන්දය විසිනි.

ඩුබායි බොදු ගී සැඳෑව සඳහා ඇතුළු වීම නොමිලේ.

පින්බර වෙසක් සමය තුල විඩාබ​ර සිත් සතන් නිවා සුවපත් කරන බොදු ගී එකතුවක මිහිර අත්විදිමින් ඒකාත්මික වන්න පින්වත් ඔබ සැමට කෙරෙන ආරාධනාවයි මේ.

ආසන වෙන් කිරීම සඳහා

අනුරුද්ධ – 055 910 98 34

සංජීව  – 055 639 1438

නිරංග – 055 494 2474

Share.

Comments are closed.