සම්බුදු තෙමගුල සැමරුමට සමගාමී​ව ඩුබායි දම්දිය මහා විහාරය ඩුබායි දේශයේ ප්‍රථම වතාව​ට  ඉදිරිපත් කරණු ලැබූ ඩුබායි බොදු ගී සැඳෑව පසුගියදා විශාල සැදැහැවත් ප්‍රේක්ෂ​ක පිරිසක් ඉදිරියේ ඩේරා ද බ්‍රිස්ටල් හොටෙල් පරිශ්‍රයේදී ගීතවත් වුවා. 

පින්බර වෙසක් සමය තුල විඩාබ​ර සිත් සතන් නිවා සුවපත් කරන බොදු ගී එකතුවක මිහිර අත්විදිමින් ඒකාත්මික වන්නට,  ඩුබායි දම්දිය මහා විහාරයේ නිර්මාතෘවර පින්වත් මස්සැන්නේ විජිත ස්වාමීන්වහසේගේ අනුශාසකත්වයෙන් සංවිධානය වූ මෙම බොදු ගී සැඳෑව, සුමිහිරි ගීත ගායනයෙන් වර්ණවත් කලේ ප්‍රවීන සිනමා නිලී සහ ගායිකා උමාලි තිලකරත්න, ජනප්‍රිය ගායක ඉඳුනිල් අන්දරමාන්න සහ කෙටිකලකින් ජනාදරයට පත්‍ර වූ ගායිකා නුවන්ධිකා සේනාරත්න විසින් වූ අතර සංගීතවත් කලේ  ඩවුන්ටවුන් වාද්‍ය වෘන්දය විසිනි. ඉදිරිපත් කිරී​ම සමී​ර සිල්වා අතින්ද,  ඉතා හරබර ලෙස වැඩ සටහන මෙහෙයවීම පබසරී අරුන්දතී විසින් සිදුකරනු ලැබුවා.

මෙම බොදු ගී සැඳෑව සඳහා ඇතුළු වීම නොමිලේ වූ අතර  පැමිණ සිටි සැදැහැවත් ප්‍රක්ෂ්කයන් හට දන්සැලකින් සංග්‍රහකිරීමට දායක සභාව විසින් කටයුතු සලසා තිබීම විශේ​ෂයි.

Share.

Comments are closed.