ඩුබායිහි මාර්ග සහ ප්‍රවාහන අධිකාරිය (RTA) නව මෙට්‍රෝ සම්බන්ධක බස් මාර්ග 3 ක් මැයි 19 වන දින සිට දියත් කිරීමට නියමිතයි. දේශීය බස් ජාලයේ ප්‍රවේශය පුළුල් කිරීම සහ එමීර් රාජ්‍යයේ අනෙකුත් ප්‍රවාහන මාධ්‍යයන් සමඟ, විශේෂයෙන් ඩුබායි මෙට්‍රෝව සමඟ ඒකාබද්ධ වීම වේගවත් කිරීම මෙම පියවරේ අරමුණයි. එම දිනයේ සිටම තවත් සමහර ධාවන මාර්ගවල වැඩිදියුණු කිරීම් හඳුන්වා දෙනු ලබනවා.

  • පළමුවැන්න මාර්ග අංක 51 වන අතර එය අල් ඛයිල් ගේට් සහ බිස්නස් බේ මෙට්‍රෝ ස්ටේෂන් අතර කාර්ය බහුල වේලාවන්හිදී විනාඩි 20 කට වරක් ගමන් වාරයක් අර​ඹයි.
  • දෙවැන්න SH1 මාර්ගය වන අතර එය ඩුබායි ​මෝල් මෙට්‍රෝ ස්ටේෂන් සහ සෝභා රියල්ටි මෙට්‍රෝ ස්ටේෂන් අතර පැයකට වරක් බැගින් ගමන් වාරයක් අර​ඹයි.
  • තුන්වන මාර්ගය YM1 වන අතර එය UAE Exchange මෙට්‍රෝ ස්ටේෂන් සහ Yiwu Market අතර පැයකට වරක් බැගින් ගමන් වාරයක් අර​ඹයි.

ගමන් මාර්ග​ය කෙටි කිරීම සඳහා RTA විසින් F47 මාර්ගය Dubai Investment Park මෙට්‍රෝ දුම්රිය ස්ථානයෙන් අවසන් කරනු ලබනවා. Dubai Investment Park වෙත යන අය දැනට පවතින F51, F50, F48 සහ F46 මාර්ග භාවිතා කළ යුතුය. ගමන් කාලය අඩු කිරීම සඳහා මාර්ග අංක 50 ද බිස්නස්බේ මෙට්‍රෝ දුම්රිය ස්ථානයෙන් අවසන් වේ.

Al Khail Gate වෙත යන මගීන් නව මාර්ග අංක 51 තෝරාගත යුතුය. අමතර නේවාසික ප්‍රදේශවලට සේවය සැලසී​ම සඳහා Al Mamzar Beach Park බස් නැවතුම්පොළ ඇතුළත් කිරීමට C15 මාර්ගය දීර්ඝ කෙරේ. මාර්ග අංක E102 ද අල් Jaffiliya බස් නැවතුම්පළෙන් අවසන් කිරීමට දීර්ඝ කරනු ලබන අතර එයින් CBD සිට අබුඩාබි ගුවන් තොටුපළ දක්වා සේවාව වැඩිදියුණු කෙරෙනු ​ඇ​ත.

මාර් ග අංක 91A, C04, 91, 84, 81, 77, 67, 66, 64, 62, 61, 53, 51, 50, 29, 24, 22, 21, 17, 13, 8, 7C09, C15, C28, D03, E700, F01, F05, F06, F08, F10, F21, F26, F27, F30, F36, F47, F57, J01 X02, X13, X22, X23, X28, X25 සහ X64 යන බස් මාර්ග 48 ක ගමන් වේලාවන් ද පොදු ප්‍රවාහන නියෝජිතායතනය විසින් වැඩිදියුණු කරනු ඇත.

පොදු බස් ජාලයේ ආවරණය පුළුල් කිරීමට සහ මෙට්‍රෝ, ට්‍රෑම් රථ සහ සමුද්‍ර ප්‍රවාහනය වැනි අනෙකුත් ප්‍රවාහන මාධ්‍යයන් සමඟ බස් රථ ඒකාබද්ධ කිරීම වැඩි දියුණු කිරීමට RTA සැමවිටම උනන්දු වෙයි. පොදු ප්‍රවාහන මාධ්‍යයන් වැඩිදියුණු කිරීම තුලින් නිසැකවම එමිරේට්ස් හි හොඳම සංචලන තේරීම බවට පොදු ප්‍රවාහනය පත් කරනු ඇත.

Share.

Comments are closed.