දින වෙන්කරගැනීමකින් තොරව විදේශ ගමන් බලපත්‍ර සේවා සඳහා නොපැමිණෙන ලෙස ආගමන විගමන දෙපාර්තමේන්තුව සාමාන්‍ය ජනතාවට දැනුම් දෙයි.

එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පැවසුවේ, දැනට සේවා සපයනු ලබන්නේ මීට පෙර දිනයක් සහ වේලාවක් වෙන්කර ගත් අයට පමණක් බවයි.

ඉදිරි සති දෙක තුළ විදේශ ගමන් බලපත්‍ර කඩිනමින් නිකුත් කිරීමේ ක්‍රමවේදයක් හඳුන්වාදීමට කටයුතු කරමින් සිටින බව ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ පාලක ජනරාල් හර්ෂ ඉලුක්පිටිය මහතා වැඩිදුරටත් පැවසීය.

ඒ අනුව නිවාඩුවට මෙරට සිටින අයට, විදේශගතව සිටින හදිසි වෛද්‍ය ප්‍රතිකාර අවශ්‍ය අයට සහ වෙනත් කිසියම් හේතුවක් නිසා වහාම පිටත්ව යාමට අවශ්‍ය අයට අදාළ ලිපි ලේඛන සමඟ එම දෙපාර්තමේන්තුවට පැමිණිය හැකි බවද ඔහු පැවසීය.

Share.

Comments are closed.