අනුබුදු මිහිඳු මාහිමියන් ශ්‍රී ලංකාදීපය​ට බුදු දහම රැගෙන ආ ​ඒ සුපින්වත් පොසොන් පොහොය සමරණුවස් ඩුබායි මිර්දීෆ්හි දම්දිය අසපුව විසින් සංවිධානය කෙරෙන රසල් කයිමා පොසොන් උදානය ජුනි 2 -3- 4 යන තෙදින පුරාවට රාත්‍රී 7.00 සිට 10 දක්වා

රසල් කයිමා දම්දිය අසපුව භූමියේදී පවත්වනු ලබනවා.

මෙහිදී ඉදිරිපත් කෙරෙන දර්ශණීය පොසොන් තොරණක්, පොසොන් සල්පිලක් සහ තෙදින තුල පැවැත්වෙන දන්සල් මාලාවක්ද ඇතුලත් වනවා.

පොසොන් උදානයේදී ඩුබායිහි ප්‍රථම වතාවට ඉදිරිපත් කෙරෙන අසංක කන්කානම් කිවිඳුන්​ගේ විරිදු සදහම් දේශනය ජුනි 2 සහ 3 යන දෙදින තුල රසල් කයිමා දම්දිය අසපුව භූමියේදීත් ජුනි මස 4 වෙනිදා සවස 7ට ඩුබායි මිර්දීෆ්හි දම්දිය මහා විහාරයේදීත් පැවැත්වීම​ට කටයුතු සංවිධානය කොට තිබෙනවා.

මේ පිළිබඳ වැඩි විස්තර සඳහා පහත අංක ඔස්සේ ලබාගත හැකියි.

වැඩි විස්තර සඳහා විමසීම්:

058 255 6070 – ස්වාමීන්වහන්සේ

055 487 5236 – විහාරස්ථානය

055 910 9834 – අනුරුද්ධ

Share.

Comments are closed.