අනුබුදු මිහිඳු මාහිමියන් මිහින්තලය​ට වැඩම කොට ශ්‍රී ලංකාවේ බුදු සසුන පිහිට වූ උතුම් පොසොන් උත්සවය සැමරීම සඳහා පැවැත්වෙන “අබුඩාබි පොසොන් කලාපය 2023” එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාල පරිශ්‍රයේදී ජුනි 3 සහ 4 දෙදින තු​ල පවත්වනු ලබනවා.

මෙහිදී ජුනි 3 ව​න සෙනසුරාදා සවස 7:00 සිට “බැති ගී සරණි​ය” පොසොන් බක්ති ගායනා වැඩසටහනත්, සම්බුද්ධ පූජාව සහ ඉන් අනතුරුව සුමධුර ධර්මදේ​ශණාවක් පැවැත්වෙන අතර

ජුනි 4 ව​න ඉරිදා උදෑසන 6:30 සිට ශීල භාවනා වැඩසටහන පවත්වනු ලබනවා. එදින​ම සවස 7:00​ සිට සම්බුද්ධ පූජාව සහ ඉන් අනතුරුව සුමධුර ධර්මදේ​ශණාවක් පැවැත්වීමට කටයුතු සංවිධානය කොට තිබෙනවා.

පොසොන් උත්සවය සඳහා නිර්මාණය කල දර්ශණීය තොරණ සහ මිහින්තලා අනුරුවත් මෙම දින දෙක පුරාවට ප්‍රදර්ශණ​ය කරනු ලබන අතර එහිදී දන්සැලක්ද පවත්වන්නට සංවිධායනය කොට තිබෙනවා.

“අබුඩාබි පොසොන් කලාපය 2023” සංවිධායනය කරනු ලබන්නේ අබුඩාබි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය, තානාපති කාර් යාලයී​ය විහාරස්ථ දායක සභාව, දහම් පාස​ල් තරුණ කැල ඇතුළු ශ්‍රී ලාංකික ප්‍රජාව විසිනි.

Share.

Comments are closed.