Author: admin
කේරළයේ සිට ඩුබායි බලා පැමිණි එයාර් ඉන්දියා එක්ස්ප්‍රස් ගුවන් යානයකින් සර්පයෙක් සොයා ගෙන තිබෙනවා. එයාර් ඉන්දියා එක්ස්ප්‍රස් බෝයිං බී-737 ගුවන් යානය කැලිකට් සිට ඩුබායි බලා පිටත් වූ අතර ඩුබායි ගුවන් තොටුපළට ගොඩබෑමෙන් පසු එහි කාර්ය මණ්ඩලය භාණ්ඩ ගබඩාවේ සර්පයෙකු සිටි බවට වාර් තා කොටතිබෙනවා. මගීන් ආරක්ෂිතව පිටත් කොට යැවීමෙන් අනතුරුව ගුවන් තොටුපල ගිනි නිවන සේවා ඊළඟ මෙහෙයුමට පෙර යානය නිසි ලෙස ධූමකරණය කොටඇත. ගුවන් සේවා නියාමන ආයතනය වන සිවිල් ගුවන් සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා සිද්ධිය සම්බන්ධයෙන් සවිස්තරාත්මක පරීක්ෂණයක් පවත්වන ලෙස නියෝග කර ඇත.
ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර් යංශයේ 2019 සහ 2020 වර්ෂවලට අදාළ විගණකාධිපති වාර් තා සහ වත්මන් කාර්යසාධනය පිළිබඳව මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතාගේ සභාපතීත්වයෙන් 2020.12.08 වැනිදා පැවැති පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේදී (කෝප්) විමර්ශනය කෙරුණා. එහිදී විගණකාධිපතිවරයා විසින් සිය වාර් තාවේ. පෙන්වා දී තිබූ මූලික කාරණා 21 ක් පිළිබදව දීර්ඝ වශයෙන් සාකච්ඡාවට ගැනිණි. මෙම නිර් දේශවල ප්‍රගතිය පරීක්ෂාව සදහා නැවතත් මාස තුනකින් විදේශ සේවා නියුක්ති කාර්යාංශය කැඳවීමට ද මෙහිදී තීරණය විය.
ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලයට දේශපාලනමය වශයෙන් ඇඟිලි ගැසීම් සිදු නොකරන ලෙස දන්වමින් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විශේෂ ලිපියක් නිකුත් කොට තිබෙනවා. එහි පිටපත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන බලධරයන්ට ලැබී ඇතැයි ද වාර් තා වෙනවා.යම් හෙයකින් එවන් ඇඟිලි ගැසීමක් සිදුකොට අනවශ්‍ය බලපෑම් සිදු කරන්නේ නම් ඒ ගැන පරීක්ෂා කිරීමට විශේෂ නියෝජිතයකුශ්‍රී ලංකාවට එවීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය බලාපොරොත්තු වන බව ඔවුන් දන්වා තිබෙනවා. ඒ අතර මෑතක සිට දේශපාලන ක්ෂේත්‍රයට හා ක්‍රිකට් ක්‍රීඩාවට සම්බන්ධ බලවත් පාර් ශ්වයක් විසින් විවිධ හේතු ඉදිරිපත් කරමින් නැවතත් ක්‍රිකට් අතුරු කමිටුවක් පත්කරවා ගැනීමට ක්‍රියා කරමින් සිටින බවටද තොරතුරු වාර් තා වෙනවා. එම තොරතුරුද පදනම්ව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය මෙම…
මෙවර පළාත් පාලන මැතිවරණය සඳහා රුපියල් බිලියන දහයක් (කෝටි දාහක්) වැය වන බවට ගණන් බලා ඇති අතර, ඊට අදාළ ඇස්තමේන්තුව මැතිවරණ කොමිෂන් සභාව විසින් දැනටමත් මුදල් අමාත්‍යාංශයට යවා ඇතිබව වාර් තාවේ. මෙම මැතිවරණය සඳහා දල වශයෙන් නිලධාරීන් ලක්ෂ දෙකහමාරක්, තුනත් අතර සංඛ්‍යාවක් යෙදවීමට සිදුවන බව මැතිවරණ කොමිසන් සභාව කියයි. ඊට ආරක්ෂක කටයුතු සඳහා යොදා ගන්නා පොලිස් නිලධාරීන්ද ඇතුළත්ය. රාජකාරි කරන නිලධාරීන්ට අමතර දීමනා, ප්‍රවාහන දීමනා, ඉන්ධන, මුද්‍රණ ගාස්තු, ජලය, විදුලිය, ජෙනරේටර් ආදිය සඳහා මැතිවරණ කටයුතුවලදී මුදල් වියදම් කෙරේ. මැතිවරණය සතියේ දිනක පවත්වන්නේ නම් නිලධාරීන්ට ගෙවන දීමනා යම් ප්‍රමාණයක් අඩුකර ගත හැකි බවද එම කො මිසම කියයි. මෙවර පළාත් පාලන මැතිවරණය…
ජපාන රජයේ ණය ආධාර යටතේ ඉදිකිරීම් අරඹා නවතා දැමුණු සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය යළිත් මෙරටට ලබාදීමට ජපාන රජය එකඟත්වය පළ කර තිබේ. ජනාධිපති රනිල් වික්‍රමසිංහයන් සිය ජපන් සංචාරයේදී සැහැල්ලු දුම්රිය සේවාව ගැන සාකච්ඡා කර ඇති අතර එහිදී ජපන් රජය මෙම ව්‍යාපෘතිය නැවත ආරම්භ කිරීමට කැමැත්ත පළ කොටඇත. ශ්‍රී ලංකා රජය විසින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ පවත්වන සාකච්ඡාවල එකඟතාව ලද විගස නැවත එය ක්‍රියාත්මක කළ හැකි බව ජපන් තානාපති මිසුකොෂි හිදෙකි විසින් දේශගුණික විපර්යාස පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක රුවන් විජයවර්ධනට මේ අනුව ඉකුත්දා දැනුම් දී තිබේ. සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය නවතා දැමීම නිසා රුපියල් කෝටි 597.8ක අලාභයක් වූ බව විගණකාධිපතිවරයා විසින් වාර් තාවක්…
විදෙස් ගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් නිල මාර් ග ඔස්සේ ශ්‍රී ලංකාවට එවනු ලබන විදෙස් ශ්‍රමික ප්‍රේෂණ ප්‍රමාණය තවදුරටත් ඉහළ ගොස් තිබෙනවා. මේ අනුව ඔක්තෝබර් මාසයට සාපේක්ෂව නොවැම්බර් මාසයේදී එම අගය ඇමෙරිකානු ඩොලර් මිලියන 29කින් ඉහළ ගොස් තිබෙනවා. ඔක්තෝබර් මාසයේදී ඇමෙරිකානු ඩොලර් මිලියන 355.4ක් වූ විදෙස් ශ්‍රමික ප්‍රේෂණ නොවැම්බර් මාසයේදී ඇමෙරිකානු ඩොලර් මිලියන 3844ක් දක්වා ඉහළ ගොස් තිබේ. මෙම අගය 2021නොවැම්බර් මාසය හා සැසදීමේදී 42% ක වර් ධනයකි. 2021නොවැම්බර් මාසයේදී ශ්‍රී ලංකාවට ලැබී තිබුණ විදෙස් ශ්‍රමික ප්‍රේෂණ ප්‍රමාණය ඇමෙරිකානු ඩොලර් මිලියන 271.4ක් විය.
නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පැවති “මැන්ඩවුස්” සුළි කුණාටුව අද (10) අළුයම් කාලය වන විට උතුරු තමිල්නාඩු, පුදුචේරි සහ දකුණු ආන්ද්‍ර ප්‍රදේශ වෙරළ තීරය හරහා ගමන් කර ඇති බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එය ක්‍රමයෙන් උදෑසන වන විට ගැඹුරු පීඩන අවපාතයක් දක්වාත් අද දහවල් වන විට පීඩන අවපාතයක් දක්වාත් තවදුරටත් දුර් වල වනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා. ඒ අනුව, දිවයිනේ සහ දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල කාලගුණය කෙරෙහි එමගින් ඇති බලපෑම ක්‍රමයෙන් අඩු වනු ඇත. බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව තවදුරටත් පවසනවා. උතුරු, උතුරු-මැද,…
විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය මගින් සිදුකළ සමීක්ෂණයනට අනුව මෙරට ආර් ථිකය ප්‍රතිසංස්කරණය කළ හැකි විශ්වාසවන්තම පුද්ගලයා ලෙස මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා බව අනාවරණය වී ඇත. ඒ අනුව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා කෙරෙහි ජනතා විශ්වාසය 56.6% වන අතර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා 44.5% කි. ඊට අමතරව ආචාර් ය හර්ෂ ද සිල්වා 42.7% ද මහාචාර්ය රංජිත් බණ්ඩාර 24.7% ද පාඨලී චම්පික රණවක 23.1% ලබා ඇති බව අනාවරනය වී ඇත. ඊට අමතරව සිදුකළ තවත් සමීක්ෂණයකින් අනාවරණය වී ඇත්තේ 56.8%ක් රට හැර යාමට කැමැත්තෙන් පසුවන බවත් 41.5% රට යාමට අකමැති බවත් තවත් 1.7%ක් තීරණයක් නොමැතිව සිටින බවත් ය.
පසුගිය වසරට සාපේක්ෂව සංචාරක කර් මාන්තයේ විශාල වර් ධනයක් පෙන්නුම් කරමින් ගත වූ මාස 11ක කාලය තුළ සංචාරකයන් හයලක්ෂ විසිහය දහස් අසූහය දෙනකු මෙරට සංචාරයේ නිරතව ඇති බව වාර් තා වෙනවා. ඒ අතරින් බහුතරය ඉන්දියානු සංචාරකයන් බව සංචාරක සංවර්ධන අධිකාරියේ මාසික දත්ත වාර් තාව හෙළිදරව් කරනවා.මේ වසරේ සංචාරක පැමිණීම සැලකීමේදී බ්‍රිතාන්‍යය දෙවැනි ස්ථානයටත්, රුසියාව තෙවැනි ස්ථානයටත් පත්ව සිටියි. කෙසේ වෙතත් නොවැම්බර් මාසයේ වැඩි පැමිණීම සටහන් කර ඇත්තේ රුසියානු සංචාරකයන්ය. නොවැම්බර් මාසයේ සංචාරක පැමිණීම් පනස්හත් දහස් අටසිය විසිඅටක් ලෙස සටහන්ව ඇති අතර අවසන් සතියේ කැපීපෙනෙන ඉහළ යාමක් දක්නට ලැබේ. ඊට හේතුව වී ඇත්තේ සුඛෝපභෝගී සංචාරක නෞකා මෙරට සංචාරයට පැමිණීමය. 2021 වසරේ…
2022 වසරේ ජනවාරි 1 සිට නොවැම්බර් මස 30 දක්වා කාලය තුළ ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර් යාංශයේ විමර්ශන අංශයට ලැබුණු පැමිණිලි විභාග කර ඒජන්සි හිමියන් විසින් පැමිණිලිකරුවන් වෙත ගෙවීමට තිබූ රු.34,174,000 ක මුදලක් ඔවුන් වෙත අයකර දීමට කටයුතු කර ඇත. විදේශ රැකියා ලබාදීමේදී නියමිත මුදලට වඩා මුදල් අයකිරීම, මුදල් අයකර රැකියා ලබා නොදීම, විදේශ ගතවූ පසු නියමිත පරිදි රැකියා ලබා නොදීම හේතුවෙන් ආපසු ලංකාවට පැමිණීමට සිදුවීම, ආදී කරුණු පදනම් කරගෙන මෙය පසුගිය වසරට සාපේක්ෂව ඉතා ඉහළ මුදලක් වන අතර, ගිය වසරේ මෙලෙස අය කර දෙන ලද මුදල රු. 8,945,900 කි. මෙම කාලසීමාව තුළදී විමර්ශන ඒකකයට පැමිණිලි 1080ක් ලැබී ඇති…