Author: admin

ශ්‍රී ලංකා රත්‍රං වෙළෙදපොළෙහි රන් භාණ්ඩවල මිලෙහි සීඝ්‍ර වැඩි වීමක් සිදුව තිබේ. ඒ අනුව අද දින රන් මිල සටහන් වූයේ මෙලෙසිනි. රන් අවුන්ස Rs.652,385.00 කැරට් 24 ග්‍රෑම් 1 Rs.23,020.00කැරට් 24 ග්‍රෑම් 8 (පවුම් 1) Rs.184,100.00 කැරට් 22 ග්‍රෑම් 1 Rs.21,110.00කැරට් 22 ග්‍රෑම් 8 (පවුම් 1) Rs.168,850.00 කැරට් 21 ග්‍රෑම් 1 Rs.20,150.00කැරට් 21 ග්‍රෑම් 8 (පවුම්1) Rs.161,150.00

Read More

අයහපත් කාලගුණයත් සමග ඊයේ (08) රාත්‍රියේ බලපෑ අධික ශිත තත්ත්වය හමුවේ උතුරු පළාතේ ගවයින් සහ එළුවන් 500ක් පමණ මියගොස් ඇති බව රජයේ පශු වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය නුවන් හේවාගමගේ මහතා සඳහන් කරයි. ඒ හේතුවෙන්, අධික සීතලෙන් සතුන් ආරක්ෂා කරගැනීම සඳහා ගොවි ජනතාව දැඩි උත්සාහයක නිරතවෙන බව එම ප්‍රදේශවලින් වාර් තා වෙනවා. ඒ සඳහා ගොවි ජනතාව විසින් දර සහ වෙනත් ද්‍රව්‍ය යොදා ගනිමින් ගිනිමැල ගසා ඇති බව වාර් තා වුනා.

Read More

ජාත්‍යන්තර ‘ටයිම්’ සඟරාව සෑම වසරකම ‘වසරේ පුද්ගලයා’ (Person of the Year) යනුවෙන් යම් පුද්ගලයකු හෝ කණ්ඩායමක් හෝ නම් කරනු ලබනවා. ‘2022 වසරේ පුද්ගලයා’ ලෙස ඔවුන් නම් කර ඇත්තේ මේ වනවිට යුද්ධයකට මැදි වී සිටින යුක්රේනයේ ජනාධිපති වොලොදිමිර් සෙලෙන්ස්කි සහ ‘යුක්රේනයේ ජීව ගුණය’යි. ගෙවී ගිය වසරක කාලය තුළ ලෝකයට වැඩිම බලපෑමක් කළ පාර් ශ්වයක් මෙලෙස නම් කිරීමට ටයිම් සඟරාව කටයුතු කරයි. මෙහි දී ‘යුක්රේනයේ ජීව ගුණය’ ලෙස හඳුන්වා ඇත්තේ ලොව පුරා විසිර සිටින, තිරයෙන් පිටුපස සිට යුක්රේනය වෙනුවෙන් සටන් කළ යුක්රේනුවන් බව සඟරාවේ සංස්කාරක එඩ්වඩ් ෆෙල්සෙන්තාල් පවසා තිබිණි. සෙලෙන්ස්කි ජනාධිපති ධුරයට පත්වීමට පෙර ප්‍රසිද්ධියට පත්ව සිටියේ විකට නළුවකු ලෙසිනි. ඔහු යුක්රේනයේ…

Read More

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් විසින් රුපියල් කෝටි 40 ක් වටිනා කැරට් 24 රත්තරන් කිලෝ 22 ක් සමග ඒවා නීතිවිරෝධී ලෙස මෙරටට ගෙන ආ ශ්‍රී ලාංකික ගුවන් මගීහු පස් දෙනෙක් අත්අඩංගුවට ගනු ලැබුවා. රේගු ඉතිහාසයේ දෙවන විශාලතම රත්තරන් වැටලීම මෙය බව රේගු අධිකාරී නුවන් අබේනායක ප්‍රකාශ කර තිබේ.මෙම වැටලීම සිදු කර තිබෙන්නේ ඉන්දීය බුද්ධි තොරතුරු අංශයේ නිලධාරීන් ලබා දී තිබූ තොරතුරු මත යි.

Read More

දිවයිනේ ඇතැම් ප්‍රදේශවල වාතයේ ගුණාත්මක භාවය සෞඛ්‍යයට අහිතකර මට්ටමකට පහත වැටී ඇති බවට ජාතික ගොඩනැගිලි පර් යේෂණ සංවිධානය අනතුරු අඟවා තිබේ. දිවයින පුරා ප්‍රදේශ කිහිපයක මේ දිනවල දක්නට ලැබෙන මීදුම හෝ මීදුම් තත්ත්වය වායුගෝලයේ පවතින දූවිලි අංශු වැඩිවීම හේතුවෙන් සිදුවන්නක් බව එම සංවිධානය පවසයි.ඉන්දියාවෙන් හමා එන තද සුළං සමග ශ්‍රී ලංකාවේ වායු අවකාශය දූෂණය කරන දූවිලි අංශු ගලා ඒම මෙම ගැටලුවට ප්‍රධාන හේතුවක් බව ඔවුන් පවසයි. එක්සත් ජනපද වායු තත්ත්ව දර්ශකයට (AQI) අනුව බ්‍රහස්පතින්දා කොළඹ වාතයේ ගුණාත්මක භාවය 249ක් විය.AQI දර්ශකය කුරුණෑගල 291, යාපනය 280, වවුනියාව 251 සහ මහනුවර 214 විය. වාතයේ ගුණාත්මක භාවයට තවදුරටත් බලපෑම් එල්ල වන බව නිරීක්ෂණය…

Read More

රටක් ආදරය කරන ජනප්‍රිය ප්‍රවීණ ගායන ශිල්පියෙක් වන රූකාන්ත ගුණතිලක මෙන්ම ඔහුගේ ආදරණීය බිරිඳ චන්ද්‍රලේඛා පෙරේරා කාලයක් සංගීත ක්ෂේත්‍රය තුළ ඉහළ ප්‍රසිද්ධියක් රදවාගත් ගායන ශිල්පීන් යුවලක්.රටක් ආදරය කරන මේ ප්‍රවීණ ගායන ශිල්පිනියගේ උපන්දිනය පහුගිය දවසක යෙදිලා තිබුණා. එය ඩුබායිහීදී ඉතා චාම් ලෙස සමරන්නට යෙදුන අතර ඒ වස්ථාවට ඔවුන් දෙපල ඔවුන්ගේ ලගම යහළු යෙහෙලියන් කිහිප දෙනෙකු එක් කොට ගෙන තිබුණා.එදා පටන් අද වන තුරුත් සංගීත ලෝලීන් අතර මේ ආදරණීය යුවලට ඇත්තේ දැඩි ඇල්මක් හා ආදරයක්. මේ දෙපළ මෙන්ම ඔවුන්ගේ ආදරණීය දියණියන් දෙදෙනාත් ඔවුන් වගේම සංගීත ක්ෂේත්‍රයට යොමු වී ඔවුන්ගේම ආරයකට වෙනස්ම ගීත ගයමින් සංගීත ක්ෂේත්‍රයේ නමක් සහ ජනප්‍රියත්වයක් රදවාගන්නට හැකි වී…

Read More

එක්සත් අරාබි එමීර් මහ බැංකුව මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ නීතිරීතිවලට අනුකූල නොවීම සහ නිසි සැලකිල්ලක් නොදැක්වීමේ හේතුව මත විනිමය ආයතනයකට ඩොලර් මිලියන 1.925 ක දඩයක් නියම කොට තිබෙනවා. විනිමය හුවමාරු ආයතනයේ නම හෙළි නොකල අතර,මහ බැංකුව ප්‍රකාශ කළේ, “සමහර ව්‍යාපාරික සබඳතාවලට එළැඹීමට පෙර මහ බැංකුවෙන් අනුමැති ලිපි ලබා ගැනීමට විනිමය ආයතනය අපොහොසත් වූ” බව විමර්ශනයකින් හෙළි වීමෙන් පසුව සමාගමට මූල්‍ය සම්බාධක පැනවූ බවයි. සෑම වසරකම ඩොලර් බිලියන ගණනක ගනුදෙනු සහිත එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ප්‍රේෂණ සහ මුදල් හුවමාරු කර් මාන්තයේ ප්‍රධාන පාර්ශවකරුවෙකු වන්නේ හුවමාරු ආයතනයි. නීතිරීතිවලට අනුකූල නොවීම හේතුවෙන් මහ බැංකුව විසින් විනිමය ආයතනවලට මූල්‍ය සම්බාධක පැනවීමට තීරණය කොට තිබෙනවා. මහ…

Read More

නොවැම්බර් 26 සිට 30 දක්වා ලක්සම්බර් ග් හි පැවැති EXPOGAST 2022 Villeroy & Boch සූපශාස්ත්‍ර ලෝක කුසලාන තරගය නියෝජනය කරමින් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සූපශාස්ත්‍ර කණ්ඩායමක් සහභාගී වූවා. මෙය ලෝකයේ වඩාත්ම කීර් තිමත් තරඟයක් වන අතර එයට තරඟ කිරීමට කණ්ඩායම් සඳහා පමණක් ආරාධනා ලැබේ. සූපවේදීන් 27 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් මෙම තරඟයට ඉදිරිපත් කලා. පේස්ට්‍රි සූපවේදීන්ගේ කණ්ඩායම නියෝජනයට සාජා, ඩුබායි සහ අබුඩාබි රාජකීය මාලිගාවල අවන්හල් ද, හෝටල්වල පේස්ට්‍රි කලාකරුවන්ද ඇතුළත් වුනා. මෙම තරගයට ලොව පුරා රටවල් තරඟ වදින අතර, තරඟ කිරීමට තෝරාගත් ලෝකයේ විශිෂ්ඨම කණ්ඩායම් අතර එක්සත් අරාබි එමීර් රාජ්‍යය නියෝජනය කිරීම ශ්‍රී ලාංකික සූපවේදීන්ට ඉමහත් ගෞරවයක් විය. සූපකලාශිල්පීන්ගේ සහ පේස්ට්‍රි…

Read More

ජනවාරි සිට ලංවිමෙන් සියලුම පාරිභෝගිකයන් වෙත කඩදාසි රහිත බිල්පත් සහ රිසිට්පත් හඳුන්වා දීමට පියවර ගන්නා බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි. ට්විටර් පණිවිඩයක් ඔහු මේ බව පවසයි. එසේම වීදි ලාම්පු සවි කිරීම සහ වීදි ලාම්පු ක්‍රියාත්මක කිරීම නියාමනය කිරීමටත් තීරණය කර බව ඔහු පැවැසීය. එසේම දැනට බාහිර පාර්ශ්ව මගින් සිදුකර සේවා ලංවිම කාර්ය මණ්ඩලයෙන් සිදුකර ගැනීමටත් ලංවිමට සිදු කළ නොහැකි සේවා ප්‍රාදේශීය සභා සහාය ඇතිව සිදු කිරීමටත් තීරණය කර ඇතැයිද අමාත්‍යවරයා පවසයි.

Read More

විදෙස්ගතව සිට ශ්‍රී ලංකාවට පැමිණෙන්නන් සඳහා COVID-19 එන්නත් සහතිකයක් ඉදිරිපත් කිරීමේ අනිවාර්ය අවශ්‍යතාවය අද (දෙසැම්බර් 07) සිට ක්‍රියාත්මක වන පරිදි ඉවත් කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය කටයුතු කර තිබේ. එසේම සියලුම විදේශිකයන් ශ්‍රී ලංකාවට පැමිණීමට පෙරාතුව අවශ්‍යව තිබු සෘණාත්මක පී.සී.ආර්. පරීක්ෂණය මෙන්ම කළ යුතු ක්ෂණික ප්‍රතිදේහ පරීක්ෂණයද තවදුරටත් අවශ්‍ය නොවන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා ප්‍රකාශ කරයි. විදේශීය ජාතිකයෙකු ශ්‍රී ලංකාවේ රැඳී සිටින කාලය තුළ COVID-19 සඳහා ධනාත්මක බව පක්‍ෂා කළහොත්, ඔවුන් තම නිවසේ, පෞද්ගලික රෝහලක හෝ හෝටලයක දින හතක කාලයක් ස්වයං නිරෝධායනය විය යුතු අතර ඒ සඳහා වන සියලු වියදම් ඔවුන්ට දැරිමට සිදුවෙයි.

Read More