Author: admin
රටේ ජාතික දිනයට උපහාර දැක්වීම සඳහා මෙලෙස එම ගොඩනැගිල්ල ආලෝකමත් කරන්නට යෙදුනා.බර් ජ් කලීෆා රතු, කළු, සුදු සහ කොළ වර්ණවලින් ආලෝකමත් වූ අතර ජාතික ගීය පසුබිමින් වාදනය වුනා. සංදර්ශනය නැරඹීමට අමුත්තන් සහ නිවැසියන් විශාල සංඛ්‍යාවක් ජනප්‍රිය එම සන්ධිස්ථානය වෙත පැමිණ සිටියා.
අනවශ්‍ය ලෙස රන් භාණ්ඩ පැලඳ ජාවාරම් කිරීමේ අරමුණෙන් ගුවන් මගීන් ලෙස ශ්‍රී ලංකාවට පැමිණෙන පුද්ගලයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකා රජය තීරණය කර තිබේ. ඒ අනුව ආනයන අපනයන පාලක ජනරාල්වරයාගේ අවසරයකින් තොරව කැරට් 22 කට වැඩි රන් භාණ්ඩ පැලඳ ගුවන් මඟින් පැමිණීම අත්හිටුවන බව මුදල් රාජ්‍ය ඇමැති ආචාර් ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.විදේශගතව පැමිණෙන ශ්‍රමිකයන්ට හෝ සාමාන්‍ය ගුවන් මගීන්ට හෝ මෙමඟින් කිසිදු පීඩාවක් ඇති නොවන බව ඇමැතිවරයා පෙන්වා දෙනවා. ගුවන් මගීන්ට පැලඳ පැමිණිය හැකි රන් භාණ්ඩවල ප්‍රමිතියක් හෝ සීමාවක් නොමැතිවීමේ අවසරය භාවිත කරමින් දෛනිකව රත්රන් කිලෝ 50 ක් පමණ ජාවාරම්කරුවන් විසින් ශ්‍රී ලංකාවට රැගෙන එන බවට තොරතුරු අනාවරණ වී…
“මෙම දිනයේ, අපි අපගේ අතීතයේ ජයග්‍රහණ ගැන මෙනෙහි කරන අතර විශ්වාසයෙන් හා අධිෂ්ඨානයෙන් අනාගතය දෙස බලමු. දෙවියන් වහන්සේ එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ එහි ජනතාව දිගටම ආරක්ෂා කරත්වා” ඔහු වැඩිදුරටත් පැවසීය. එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ජනාධිපතිවරයා ලෙස ෂෙයික් මොහොමඩ් බින් සයිඩ් අල් නයාන් අබුඩාබි ජාතික ප්‍රදර්ශන මධ්‍යස්ථානයේ පැවති ජාතික දින උත්සවය වෙනුවෙන් පැවති දර්ශනීය සංදර්ශනයට සහභාගී වෙමින් මෙලෙස සදහන් කලා. එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ජනාධිපති, අතිඋතුම් ෂෙයික් මොහොමඩ් බින් සයීඩ් අල් නයාන් සිකුරාදා සමාජ මාධ්‍ය වෙත ප්‍රකාශ කළේ, එමිරේට්ස් පාලකයන් සමඟ නිල ජාතික දින සැමරුමේදී රටේ ජයග්‍රහණ පිළිබිඹු කරමින් එක්වීම පිළිබඳව තම ප්‍රීතිය ප්‍රකාශ කරණ බවයි. “අපේ ජාතියේ 51 වන…
සාප්පු සවාරි සදහා ලොව සුප්‍රසිද්ධ ඩුබායි ශොපින් ෆෙස්ටිවල් සැණකෙළිය මෙම මස 15වෙනිදා සිට ජනවාරි 29 වෙනිදා දක්වා ග්ලෝබල් විලේජ් මුල්කොටගෙන ඩුබායි නගරය පුරා පැවැත්වේ.සාප්පු සවාරි යන්නන්ගේ පාරාදීසයක් ලෙසද මෙම සැණකෙළිය හැඳින්වේ. සාප්පු යන්නන් ආකර්ෂණය කර ගැනීම සඳහා විශේෂ වට්ටම් සහිත මිල ගණන් යටතේ විවිධ වෙළද භාන්ඩ පිරිනැමීම මෙම සැණකෙළියේ ඇති විශේෂත්වයයි. ගනුදෙනු වලින් සහ ගනුදෙනු කරැවන්ගෙන් පිරී ඇති නගරයක් මේ කාලසීමාවේදී දැක ගත හැකිය. විශාල විකුණුම්කරුවාගේ සිට කුඩා සාප්පු හිමිකරු දක්වා සෑම කෙනෙකුටම පිරිනැමීමට විශේෂ පිරිනැමීම් ඇත. මෙමගින් ඔවුන්ගේ වෙළදාම් වැඩිකරගැනීම මූලික පරමාර්ථ යයි. මෙම කාලසීමාව තුලදී වෙළදාම් වලට අමතරව නගරයම සැණකෙලි සිරියක් ගනී. සාප්පු සවාරි ප්‍රීතිය අත්විඳීමට අමතරව එම…
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ජාතික දිනය නිමිති කොට ගෙන එරට නිල දුරකථන සේවා සමාගම් දෙක වන Etisalat සහ Du යන ආයතන දෙක සිය පාරිභෝගිකයන්ට නොමිලේ 51GB ලබා දීමට කටයුතු සලසා ඇත. දින හතක් සඳහා එනම් දෙසැම්බර් 1 සිට 7 දක්වා කාල සීමාව සදහා පමණක් මෙම දීමනාව වලංගුවේ. මෙම දීමනාව ලබාගැනීම සඳහා එම ආයතන වල නිල ජංගම යෙදුම (MOBILE APP) භාවිතා කලයුතුය.
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ නිල ගුවන් සේවාවක් වන එමිරේට්ස් සමාගම සංචාරක ඉල්ලුමේ වැඩිවීමට සරිලන පරිද්දෙන් දෙසැම්බර් 1 වැනිදා සිට ඩුබායි සහ කොළඹ අතර අතිරේක දෛනික සෘජු ගුවන් ගමනක් එක් කිරීමට සැලසුම් කරයි. මෙම අතිරේක සේවාව ඉදිරියේදී ගුවන් වාර තුනක් දක්වා ඉහල දැමීමට බලාපොරොත්තු වේ. ගුවන් වාර දෙකක් ඩුබායි-කොළඹ නගර අතර සෘජු ගුවන් ගමන් ලෙසත් අනෙක මාලදිවයිනේ මාලේ නගරය හරහා නගර තුනක් ආවරණය වන පරිද්දෙන් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කොටඇත.
ගිනස් ලෝක වාර් තා අතරට දිනෙන් දින නොයෙක් නොයෙක් ආකර් ෂණීය අංගයන් අලුතින් එකතු කිරීම ඩුබායි නගරයේ දක්නට ලැබෙන සුවිශේෂී කාරණාවක්. එලෙස මෑතකදී ගිනස් ලෝක වාර් තා අතරට එක්වූ අළුත්ම අංගය වන්නේ ඩුබායිහි අල් කුද්‍රා පාපැදි ධාවන පථයයි. අල් කුද්‍රා පාපැදි ධාවන පථය ලොව දිගම සහ අඛණ්ඩ පාපැදි ධාවන පථය ලෙස මෙලෙස ගිනස් ලෝක වාර් තා අතරට එකතු වී ඇත. මෙම පාපැදි ධාවන පථය කිලෝමීටර 80.6 ක් වන අතර මීට පෙර ගිනස් ලෝක වාර් තාව ලෙස සැලකුනේ කිලෝමීටර 33දිග ධාවනපථයකි.
ඩුබායි හි මාර් ග සහ ප්‍රවාහන අධිකාරිය එමිරේට්ස් හි පොදු වාහන නැවැත්වීමේ යන්ත්‍ර 100% ස්වයංක්‍රීයකරණයට පත්කොට ඇත. වාහනයේ විස්තර ඇතුළත් කිරීමට හැකි වන පරිදි ස්පර්ශ තිර සවි කර ඇත. ඒ ඔස්සේ ජංගම දුරකථනය වෙත එවන කෙටි පණිවිඩය, කඩදාසි රහිත ඊ-ටිකට් නිකුත් කිරීම ද සිදු කෙරේ. කෙසේ වෙතත්, මෙම විද්‍යුත් ටිකට්පත් කඩදාසි රහිත ය. ස්මාට් සිටි වැඩසටහනේ සහ ඩුබායි කඩදාසි රහිත උපායමාර්ගයේ අවශ්‍යතා සපුරාලීමේ ප්‍රයත්නයේ කොටසක් ලෙස RTA විසින් මෙම සේවාවන් දියත් කර ඇත.
කලාපයේ විශාලතම පාරිභෝගික ඉලෙක්ට්‍රොනික ප්‍රදර් ශනය GITEX Shopper දෙසැම්බර් 14 ආරම්භවේ. මෙම ප්‍රදර් ශනය දෙසැම්බර් 18 දක්වා ඩුබායි ලෝක වෙළද මධ්‍යස්ථානයේදී පැවැත්වේ. GITEX Shopper යනු ඉලෙක්ට්‍රොනික භාණ්ඩ සහ සියලුම ඉහළම ඉලෙක්ට්‍රොනික සන්නාමයන්, සිල්ලර වෙළෙන්දන් සහ තාක්‍ෂණ ලෝලීන් එකට එක්කෙරෙන වෙළද ප්‍රදර් ශනයකි. කැපී පෙනෙන ඉලෙක්ට්‍රොනික ගනුදෙනු සදහා දීමනා, දෛනික ත්‍යාග දිනුම් ඇදීම්, නිෂ්පාදන දියත් කිරීම්, අන්තර් ක්‍රියාකාරී සංදර් ශන සහ මුළු පවුලම සම්බන්ධ කර ගැනීම සඳහා නිර් මාණය කර ඇති අවස්ථාවකි.
ජාතික කාලගුණ විද්‍යා මධ්‍යස්ථානයට අනුව එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ කාලගුණය සාමාන්‍යයෙන් අර් ධ වශයෙන් වළාකුළු සහිත වනු ඇත. සමහර අභ්‍යන්තර ප්‍රදේශවල තිරස් දෘශ්‍යතාව පහත වැටීම නිසා කාලගුණ විද්‍යා මධ්‍යස්ථානය විසින් කහ සහ රතු මීදුම අනතුරු ඇඟවීම් නිකුත් කර ඇත. සමහර අභ්‍යන්තර සහ වෙරළබඩ ප්‍රදේශවල මීදුම ඇතිවීමේ සම්භාවිතාව සමඟ රාත්‍රිය සහ උදෑසන තෙත්සහිත වනු ඇති බව එම නිවේදනයේ තවදුරටත් සදහන්වේ. අබුඩාබි සහ ඩුබායි හි පිළිවෙළින් 29°C සහ අවම අගය 21°C සහ 22°C ලෙස දක්නා ලැබෙද්දී උෂ්ණත්වය අඩු වීමට නියමිතයි. මධ්‍යස්ථ සුළං හමා යනු ඇති බව එම නිවේදනයේ තවදුරටත් සදහන්වේ.