Author: kumudika
ඩුබායි හි ප්‍රියතම විනෝදාස්වාද ස්ථානය වන Global Village එහි 29 වන වාරය 2024 ඔක්තෝම්බර් 16 වන දින ආරම්භ කිරීමට නියමිතය. මෙම සමය වඩාත් උද්යෝගීමත්ව නව ආකර්ශනීය ස්ථාන සහ නවීකරණය කරන ලද විශේෂාංග සියල්ල මඟින් නරඹන්නන් සතුටු කරනු ඇත. Global Village ජාත්‍යන්තර සංස්කෘතීන්, රසවත් ආහාර සහ සජීවී විනෝදාස්වාද ඉසව් රැසක් පිරිනමමින් පවුල් සහ සංචාරකයින් සඳහා ඉහළම ගමනාන්තයක් වී තිබේ. මිලියන 10කට අධික නරඹන්නන් පැමිණි පසුගිය වසරේ වාර්තාගත සමයකින් පසුව, මෙවර වාරය වඩාත් දර්ශනීය වනු ඇත. මෙම වාරයේ, Global Village හි තවත් රටවල් සහ ඔවුන්ගේ අනන්‍ය සම්ප්‍රදායන් ප්‍රදර්ශනය කරන නව මණ්ඩපවලින් සමන්විත වේ. ග්ලෝබල් විලේජ් එහි ආකර්ෂණීය සංදර්ශන සහ සජීවී ප්‍රසංග සඳහා…
ඩුබායි හි මාර්ග සහ ප්‍රවාහන අධිකාරිය (RTA) Umm Suqeim වීදියේ රථවාහන වැඩිදියුණු කිරීම් සම්පූර්ණ කර ඇත්තේ කිංග්ස් පාසල වෙත දිවෙන නව වීථියක් විවෘත කිරීමෙනි. මීටර් 500ක් දිවෙන නව වීදිය සෑම දිශාවකටම මං තීරු දෙකකින් සමන්විත වන අතර, එම ප්‍රදේශයේ මෑතකදී ඉදිකරන ලද වක්‍ර මාර්ගයට පාසලේ පිවිසුම් දොරටුව සම්බන්ධ කරයි. මෙම පියවර මගින් පාසලට වාහන ඇතුළුවීම සහ පිටවීම ප්‍රශස්ත කර ඇති අතර කාර්ය බහුල වේලාවන්හි රථවාහන තදබදය 40% දක්වා අඩු කර ඇත. මෙම කාර්යයන් RTA හි ඉක්මන් ගමනාගමන වැඩිදියුණු කිරීමේ සැලැස්ම 2024 හි කොටසක් වන අතර, මාර්ග ජාලය වැඩිදියුණු කිරීමට, රථවාහන ප්‍රවාහය පහසු කිරීමට සහ ඩුබායි හි තිරසාර වර්ධනයට ගැලපෙන පරිදි…
ඩුබායි හි නව salik දොරටු සූර්ය බලයෙන් ක්‍රියාත්මක වීමට නියමිත අතර ප්‍රධාන මාර්ගවල රථවාහන තදබදය අවම කිරීම අරමුණු කරයි. ප්‍රධාන විධායක නිලධාරී ඊබ්‍රාහිම් අල් හඩාඩ් මහතා පවසන පරිදි සාලික් සමාගමේ පීජේඑස්සී නොවැම්බර් මස අග වන විට ඩුබායි හි නව ගාස්තු දොරටු දෙකක් විවෘත කිරීමට නියමිතය. අල් ඛයිල් පාරේ bisnuess bay Crossing සහ ෂෙයික් සයීඩ් පාරේ අල් සෆා සවුත් හි පිහිටා ඇති ගාස්තු ගේට්ටු රථවාහන ප්‍රවාහය සැලකිය යුතු ලෙස වැඩිදියුණු කිරීමට සහ ප්‍රධාන නගර මාර්ගවල තදබදය අඩු කිරීමට අපේක්ෂා කෙරේ. එකතු කිරීමත් සමඟ ඩුබායි හි ඇති මුළු සාලික් ගේට්ටු සංඛ්‍යාව දහයක් දක්වා ඉහළ යනු ඇත. නගරයේ ප්‍රවාහන ජාලය වැඩිදියුණු කිරීම සඳහා…
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොන්දේසි රටට අහිතකර නොවන බව ජාතික ජන බලවේගයේ ජනාධිපති ධූර අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා කියා සිටියි. කොළඹ පැවති ව්‍යාපාරික හමුවකට එක් වෙමින් ඔහු පැවසුවේ, එම අරමුදලෙන් ඒකපාර්ශවීයව ඉවත් වීමට ද තම ආණ්ඩුවක් යටතේ අපේක්ෂා නොකරන බවය.හෙතෙම එම හමුවේදී පල කල අදහස්, “ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් එක්ක තියෙන මේ වැඩසටහන අපේ සමස්ත ජාත්‍යන්තර සබඳතා යන සියල්ල ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කියන බාස්කට් එක ඇතුළේ තියෙන්නේ. ද්විපාර්ශවීය ණය ගනුදෙනු ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කියන බාස්කට් එක ඇතුළේ. බහුපාර්ශවීය ණය ගනුදෙනු ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කියන බාස්කට් එකේ. ඒ කියන්නේ සමස්ත අනාගත වැඩසටහනම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල එක්ක එකට ගැට ගහලා තියෙන්නේ. මේ වෙලාවේ…
එළඹෙන සැප්තැම්බර් මස 21 වැනිදා පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයට අදාළ තැපැල් ඡන්ද විමසීමේ කටයුතු අදින් (04) ආරම්භ විය. හෙට (05) සහ අනිද්දා (06) යන දෙදින තුළ තැපැල් ඡන්ද විමසීම සිදු කෙරෙන බව මැතිවරණ කොමිසම සඳහන් කළේය. ඒ සඳහා මධ්‍යස්ථාන 1500කට අධික සංඛ්‍යාවක් ස්ථාපිත අතර අද (04) පෙරවරු 8.30 සිට පස්වරු 4.30 දක්වා රාජ්‍ය ආයතනවල ස්ථාපිත තැපැල් ඡන්ද මධ්‍යස්ථානවලදී තැපැල් ඡන්ද සලකුණු කිරීමට පහසුකම් සලසා තිබේ. අද, හෙට සහ අනිද්දා තැපැල් ඡන්ද සලකුණු කිරීමට නොහැකි වන තැපැල් ඡන්ද හිමියන්ට තමන්ගේ සේවා ස්ථානය පිහිටි දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලවලදී ලබන 11 සහ 12 ඡන්දය සලකුණු කළ හැකිය. අද දිනයේ තැපැල් ඡන්දය භාවිත කිරීමට හැකියාව…
මේ වසරේ පළමු මාස අටේදී ශ්‍රී ලංකා රුපියල ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව සියයට 7.9කින් ශක්තිමත් වී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව කියා සිටියි. පසුගිය අගෝස්තු මාසයේදී වරින් වර ඇතිවූ යම් අවප්‍රමාණය වීමේ පීඩනයන් මධ්‍යයේ වුවත් ශ්‍රී ලංකා රුපියල ශක්තිමත් වූ බව එම බැංකුව සඳහන් කළේය. එසේම මේ වසරේ පළමු මාස අටේදී ශ්‍රී ලංකා රුපියල යුරෝ මුදලට සාපේක්ෂව සියයට 7.9කින් ද, ස්ටර්ලින් පවුමට සාපේක්ෂව සියයට 4.4කින් ද ශක්තිමත් වී ඇත. චීන යුවාන් මුදලට සාපේක්ෂව සියයට 7.9කින් ද, ජපන් යෙන් මුදලට සාපේක්ෂව සියයට 10.5කින් ද රුපියල ශක්තිමත් වී ඇති අතර ඔස්ට්‍රේලියානු ඩොලරයට සාපේක්ෂව සියයට 8.6කින් සහ ඉන්දියානු ඩොලරයට සාපේක්ෂව සියයට 8.8කින් ද…
2024 වසරේ ජනවාරි සිට මේ දක්වා ගතවූ මාස 8ක කාලය තුළ තරුණියන් 83 දෙනෙකු ඇතුළු ශ්‍රී ලාංකිකයින් 4,368 දෙනෙකු සඳහා දකුණු කොරියාවේ රැකියා අවස්ථා හිමි වී ඇත. දකුණු කොරියාවේ නිශ්පාදන ක්ෂේත්‍රයේ රැකියා හිමිවූ 878 වන කණ්ඩායමට අයත් තරුණ තරුණියන් 107 දෙනෙකුද ඊයේ දින (03) දකුණු කොරියාව බලා පිටත් වූ බව ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි. මෙම පිරිසට තරුණියන් තිදෙනෙකු ද ඇතුලත් වේ. කොරියානු භාෂා ප්‍රවීණතා විභාගය සමත්ව පළමු වරට දකුණු කොරියාවේ රැකියා සඳහා මෙම වසර තුළදී ලාංකිකයින් 3,899 දෙනෙකු පිටව ගොස් ඇති අතර, දෙවන වරට කොරියාවේ සේවය කිරීම සඳහා තවත් ලාංකිකයින් 469 දෙනෙකු මෙම වසර තුළදී පිටව ගොස්…
නවීන විදෙස් ගමන් බලපත්‍රයක් ඔක්තෝබර් මාසයේ සිට අඩු මිලකට ලබා ගැනීමට ජනතාවට අවස්ථාව හිමි වන බව කැබිනට් ප්‍රකාශක ඇමැති, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ඊයේ (03) පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී පැවසීය. දීර්ඝ කාලයක් ගමන් බලපත්‍ර සැපයූ ආයතනය හැර වෙනත් ආයතනයකින් ඩිජිටල්කරණ ගමන් බලපත්‍රයක් ලබා ගැනීම නිසා යම් පමාවක් සිදුව ඇති බවත් ඒ පිළිබඳ රජයක් ලෙස කනගාටුව ප්‍රකාශ කරන බවද හෙතෙම කීවේය. අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කලේ, “ව්‍යවස්ථාදායකය විසින් ආර්ථික පරිවර්තන පනතක් පාස් කරලා තිබෙනවා. ඒ අනුව තරගකාරී අපනයනාභිමුඛ වෙළෙඳපොළ ආර්ථිකයක් ඇති කරලා කාර්යක්ෂමතාව හා ඵලදායිතාව වැඩි කරන්න ඩිජිටල්කරණයට යා යුතුමයි. නැත්නම් රට ඉස්සරහට ගෙනියන්න බැහැ. නව තාක්ෂණික ඩිජිටල් ක්‍රමවේද නැතුව…
තොරතුරු තාක්ෂණය, ජෛව තාක්ෂණය, ඉංජිනේරු තාක්ෂණ විද්‍යාව, ගණිතය ඇතුළත්ව STEAM සංකල්පයට අදාළව සියලුම පළාත් ආවරණය වන පරිදි තෝරා ගත් පාසල්වල ගුරු භවතුන් 7,500ක් අදියර තුනක් යටතේ Skills College of technology (SCOT CAMPUS) ආයතනය මගින් පුහුණු කිරීමට අමාත්‍ය මන්ඩල අනුමැතිය හිමි විය. ඩිජිටල් පරිවර්තනය ඉතා වැදගත් අංගයක් ලෙස ජාතික අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුව මඟින් හඳුනා ගැනීම මීට හේතුවී තිබේ. ඒ සඳහා කෘත්‍රීම බුද්ධිය හා නව තාක්ෂණයන් යොදා ගැනීම පිණිස රාජ්‍ය හා පෞද්ගලික අංශයේ සහයෝගිතාව ලබාගැනීමට යෝජනා වී ඇත.ඒ සම්බන්ධයෙන් තොරතුරු තාක්ෂණය, මෙකාට්‍රොනික්ස් සහ රොබෝ තාක්ෂණය වැනි ප්‍රායෝගික පාඨමාලා පැවැත්වීම සම්බන්ධයෙන් පළපුරුදු ආයතනයක් වන Skills College of technology (SCOT CAMPUS) ආයතනය විසින් ඉදිරිපත්…
කුඩා දරුවන්ට ලබා දෙන ත්‍රිපෝෂ ආහාර නිෂ්පාදනය සඳහා බඩ ඉරිඟු සහ සෝයා බෝංචි මෙට්‍රික් ටොන් 9,000ක් ආනයනය කිරීමට රජය තීරණය කර ඇත. එහිදී බඩ ඉරිඟු මෙට්‍රික් ටොන් 6,000ක්, සෝයා බෝංචි මෙට්‍රික් ටොන් 3,000ක් වශයෙන් සපයා ගැනීමේ කොන්ත්‍රාත්තුව පෞද්ගලික සමාගම් 2ක් වෙත ප්‍රධානය කිරීමේ අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවට අනුමැතිය හිමිව තිබේ.