Author: kumudika

ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කර තිබීම හේතුවෙන් සංගීත ප්‍රසංගය නොපැවැත්විය හැකි බවට තොරතුරු වාර්තා වේ. එම ප්‍රසංග සහ සැණකෙළි පැවැත්වීමට මැතිවරණය අවසන් වනතුරු පොලිසිය අවසර නොදීම මීට හේතුවයි. මේ හේතුවෙන් රට පුරා ප්‍රසංග සංවිධායකවරුන් තුන්දහසකට ආසන්න පිරිසක් සහ මෙම කර්මාන්තය මත යැපෙන ගායක ගායිකාවන්, සංගීත ශිල්පීන්, වේදිකා නිර්මාණකරුවන් සහ වෙළෙඳුන් ඇතුළු ලක්ෂයකට ආසන්න පිරිසක් දැඩි දුෂ්කරතාවයට පත්ව ඇති බව සඳහන් වේ. ශ්‍රී ලංකා ප්‍රසංග සැණකෙළි සංවිධායකවරුන් සහ සම්බන්ධීකාරකවරුන්ගේ ඒකාබද්ධ සංගමයේ සභාපති දිනේෂ් ආතාවුද මහතා කොළඹ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් මේ බව ප්‍රකාශ කලේය. එහි දී ඔහු කියා සිටියේ, දිවයිනේ විවිධ ප්‍රදේශවල මීට පෙර සංවිධාන කළ සැණකෙළි සහ ප්‍රසංග විස්සකට වැඩි ප්‍රමාණයක්…

Read More

එළඹෙන ජනාධිපතිවරණය සඳහා තරග කරන අපේක්ෂකයකුට ප්‍රචාරක කටයුතු සදහා රුපියල් එකසිය අසූහය කෝටි දෙලක්ෂ අනූ අටදහස් පන්සියය අසූ හයක මුදලක් වියදම් කල හැකි බව සඳහන් කරමින් මැතිවරණ කොමිෂන් සභාව අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. එම මුදලින් 60% මුදලක් සෘජුවම ජනාධිපති අපේක්ෂකයාට වියදම් කල හැකි අතර ඉතිරි 40% ජනාධිපති අපේක්ෂකයාගේ දේශපාලන පක්ෂයට හෝ කණ්ඩායමට වියදම් කල හැකි බව එම ගැසට් නිවේදනයේ සඳහන් වේ. මැතිවරණ වියදම් නියාමනය කිරීම පිළිබඳව අති විශේෂ ගැසට් පත්‍රය ඊයේ (19) රාත්‍රියේ නිකුත් විය.ඒ 2023 අංක 03 දරණ මැතිවරණ වියදම් නියාමනය කිරීමේ පනතේ 03 වන වගන්තියෙ නියමයන් පරිදිය. ජනාධිපතිවරණ අපේක්ෂකයකු විසින් මැතිවරණ ප්‍රතිපල නිකුත් වී දින…

Read More

ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ලෙස පත් කිරීමට 2019 වසරේ සහය පල කිරීම සඳහා එක්වූ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු ක්‍රීඩක තිලකරත්න ඩිල්ෂාන් මහතා මෙවර සමගි ජනබලවේගයට සහය පලකිරීමට එක් විය. මෙම තීරණය සම්න්ධයෙන් අන්තර්ජාල නාලිකාවක් සමඟ පැවති සාකච්ඡාවක දී ඔහු විසින් වැදගත් කරුණු රැසක් හෙළිකර ඇත. තමන් 2019 වසරේදී ගෝඨාභය රාජපක්ෂ මහතාට සහය පළකිරීමට එක්වුයේ රට වෙනුවෙන් ඔහු විසින් සුවිශේෂී මෙහෙවරක් කරනු ඇති බවට වූ බලපොරොත්තුව හේතුවෙන් බව පෙන්වා දී ඇති තිලකරත්න ඩිල්ෂාන් මහතා ඔහු එම අරමුණෙන් බැහැරව කටයුතු කරන බව දැනගත් වහා එම දේශපාලන කඳවුරෙන් ඉවත් වූ බවද සඳහන් කරයි. තමන් විසින් කිසිදු පක්ෂ භේදයකින් තොරව දකුණේ ජනතාව වෙනුවෙන් දියත් කළ…

Read More

17 වැනි සෙනසුරාදා දහවල් 1.00ට ආරම්භ කෙරුනු සමීක්ෂණය කාලරාමු 5ක් යටතේ සිදු කෙරුණු අතර අද (19) දහවල් 1.00 දක්වා පැවැත්විණි. මුළු ලංකාවම ආවරණය වන පරිදි දින තුනක් පුරා සමීක්ෂණ මධ්‍යස්ථාන 3,130කදී මෙම සමීක්ෂණය සිදු විය. සමීක්ෂණයේ දත්ත රැස්කිරීම වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ කාර්යමණ්ඩලය සිදුකළ අතර ඒ සඳහා වෙනත් රාජ්‍ය ආයතන නිලධාරීන්, විශ්ව විද්‍යාල , සිවිල් ආරක්ෂක හා ආරක්ෂක හමුදා සාමාජිකයින් ඇතුලු පිරිස් සහභාගී කරගනු ලැබිණි. හදුනාගත් ස්තානවල ගස් මත හා ආරක්ෂිත ස්ථාන වල ඉතා සූක්ෂම අයුරින් රැදී සිටිමින් දහවල් හා රාත්‍රී කාලයෙ දින 3ක් ආවරණය වන පරිදි කාලසීමාවන් 5ක් යටතේ දත්ත රැස් කීරීම සිදු කර තිබේ. මෙම සංගණනය තුළින් , ලබා…

Read More

ඩුබායි මහ නගර සභාව නිවේදනය කළේ Dubi Can වැඩසටහන සමඟ ඇති උපායමාර්ගික හවුල්කාරිත්වය උද්‍යාන, වෙරළ සහ පොදු වෙළඳපල හරහා නැවත පිරවුම් මධ්‍යස්ථාන 10 ක් ස්ථාපනය කිරීම හරහා ප්ලාස්ටික් බෝතල් මිලියන 4 කට අධික ප්‍රමාණයක පරිභෝජනය සාර්ථකව අඩු කර ඇති බවයි. මෙම වැදගත් සන්ධිස්ථානය තිරසාරත්වය සඳහා මහ නගර සභාවේ ස්ථිර කැපවීම සහ ඩුබායි පරිසර හිතකාමී නාගරික ජීවන රටාවක් සඳහා ආදර්ශයක් බවට පත් කිරීමේ මෙහෙවර ශක්තිමත් කරයි. මෙම ප්‍රයත්නය ඩුබායි හි තිරසාර භාවිතයන් ප්‍රවර්ධනය කිරීම සහ අනාගත පරම්පරාවන් සඳහා අපගේ නගරයේ අලංකාරය ආරක්ෂා කිරීමේ පුළුල් අරමුණු සමඟ සම්බන්ධ වේ.

Read More

අබුඩාබි හි ජාත්‍යන්තර තාරකා විද්‍යා මධ්‍යස්ථානය, එහි කණ්ඩායමේ සාමාජිකයෙකු විසින් අපගේ සෞරග්‍රහ මණ්ඩලයේ ග්‍රහක පටිය තුළ නව ග්‍රහකයක් සොයා ගත් බව නිවේදනය කර ඇත. මධ්‍යස්ථානයේ සභාපති Khalfan bin Sultan Al Nuaimi අනාවරණය කළේ ටෙක්සාස් හි Hardin-Simmons විශ්වවිද්‍යාලය, Pan-STARRS දුරේක්ෂය ඇතුළු ජාත්‍යන්තර හවුල්කරුවන් සමඟ සහයෝගයෙන් නාසා ආයතනයේ සහාය ඇති වැඩසටහනක් මඟින් ලබා දුන් ඡායාරූප විශ්ලේෂණය කිරීමෙන් මෙම සොයා ගැනීම සිදු කර ඇති බවයි. මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ Mohammad Shawkat Odeh මහතා විසින් Halekala නිරීක්ෂණාගාරයේ Pan-STARRS 2 දුරේක්ෂය මගින් ලබා ගත් ඡායාරූප පරීක්ෂා කිරීමේදී මෙම ග්‍රහකය හඳුනාගෙන ඇත. මෙම සොයාගැනීමෙන් පසුව, Odeh වෙත මූලික සොයාගැනීම් සහතිකයක් නිකුත් කරන ලදී. තාවකාලිකව “2022 UY56” ලෙස නම්…

Read More

ජාතික කාලගුණ විද්‍යා මධ්‍යස්ථානයේ (NCM) අනාවැකියකට අනුව එමීර් රාජ්‍යයේ සමහර ප්‍රදේශවල පදිංචිකරුවන්ට ඉදිරි දිනවලදී වර්ෂාපතනයක් අපේක්ෂා කළ හැකිය. අගෝස්තු 19, සඳුදා සිට අගෝස්තු 23 සිකුරාදා දක්වා, දිවයිනේ බොහෝ ප්‍රදේශවල කාලගුණය අර්ධ වශයෙන් වළාකුළු සහිත සිට වළාකුළු සහිත විය හැකි අතර, නැගෙනහිර සහ දකුණු ප්‍රදේශවලට වර්ෂාපතනයක් ඇති වීමට ඉඩ ඇත. සුළං ගිනිකොන දෙසින් ඊසාන දෙසින් හමා එන අතර විටින් විට සැහැල්ලු හෝ මධ්‍යස්ථ මට්ටමින් පැයට කිලෝමීටර 40 දක්වා ඉහළ වේගයක් සමඟ දූවිලි හා වැලි හමා යයි. සුළඟින් ඇති වන දූවිලි හා වැලි සහිත තත්ත්වයන් දෘශ්‍යතාව අඩු කරයි. එබැවින් නිවැසියන් විශේෂයෙන් රිය පැදවීමේදී ප්‍රවේශම් විය යුතුය. අරාබි ගල්ෆ් සහ ඕමාන් මුහුද විටින්…

Read More

මහනුවර දළඳා මාලිගාවේ ඓතිහාසික ඇසළ පෙරහැර මංගල්‍යයේ අවසන් රන්දෝලි පෙරහැර අද(19) රාත්‍රීයේ වීදී සංචාරය කෙරේ. සිව්වැනි රන්දෝලි පෙරහැර ඊයේ රාත්‍රීයේ අති උත්කර්ෂවත් අන්දමින් වීදී සංචාරය කෙරිණ.මේ අතර, මහනුවර ශ්‍රී දළඳා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍ය වෙනුවෙන් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් හා රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක වෙයි. ඒ සඳහා පොලිස් නිලධාරින් හය දහසකට ආසන්න පිරිසක් රාජකාරියේ යොදවා ඇති බව සඳහන් වේ.ක්‍රියාත්මක විශේෂ රථවාහන සැලැස්ම හේතුවෙන් මහනුවර නගරය හරහා ධාවනය වන රථවාහන වෙනුවෙන් විකල්ප මාර්ග ද හඳුන්වාදී ඇතැයි පොලිසිය සඳහන් කළේ ය. පොලිසිය පැවසුවේ, පෙරහැර පැවැත්වෙන කාලසීමාව තුල රථවාහන ගාල් කිරීමේ ස්ථාන 9 ක් හඳුන්වා දී ඇති බවයි. මේ අතර, පෙරහැර මංගල්‍ය වෙනුවෙන් මෙවරත් විශේෂ ප්‍රවාහන…

Read More

සාගර සහ ජාත්‍යන්තර පාරිසරික හා විද්‍යාත්මක කටයුතු පිළිබඳ වැඩබලන සහකාර රාජ්‍ය ලේකම් ජෙනිෆර් ආර්. ලිට්ල්ජොන් (Jennifer R. Littlejohn) අද (19) දිවයිනට පැමිණීමට නියමිතය. ඒ අනුව ඇය අද (19) සිට ලබන 21 වැනිදා දක්වා මෙරට සංචාරයක නිරතවනු ඇති බවයි අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තු වෙබ් අඩවියෙහි දක්වා තිබේ. රාජ්‍ය නිලධාරීන් හා හවුල්කරුවන් හමුවී එක්සත් ජනපදයේ සහය ලබන වනජීවී ආරක්ෂණ ව්‍යාපෘති නැරඹීමට හා හයිඩ්‍රො ග්‍රැෆි සහ දේශගුණික විපර්යාස වැනි ප්‍රමුඛතා ක්ෂේත්‍රවල එක්සත් ජනපද විශේෂඥයින් සමඟ ශ්‍රී ලාංකිකයන් සම්බන්ධ කිරීමේ අවස්ථා පිළිබඳ ගවේෂණය කිරීමට ඇය සැලසුම් කර ඇතැයි සඳහන් වේ. ඇය ශ්‍රී ලංකාව මෙන්ම ඉන්දියාව සහ මාලදිවයින යන රටවල ද සංචාරය කිරීමට නියමිත අතර ඇයගේ…

Read More

ව්‍යාජ වෙබ් අඩවි හරහා පෞද්ගලික දත්ත සොරා ගැනීම ඉහළගොස් ඇති බව ශ්‍රී ලංකා හදිසි ප්‍රතිචාර සංසදයේ ජේෂ්ඨ තොරතුරු තාක්ෂණ ඉංජිනේරු චාරුක දමුණුපොල මහතා පැවසීය. අන්තර්ජාලය ආශ්‍රිත පැමිණිලි 2542ක් වසරේ ගතවූ කාලය තුළ වාර්තා වී ඇති බව ඒ මහතා කිය සිටියේය. ඉන් පැමිණිලි 414 ව්‍යාජ වෙබ් අඩවි සම්බන්ධයෙන් ලැබී තිබේ. ඒ හේතුවෙන් නොදන්නා සැක සහිත වෙබ් අඩවි වලට පිවිසීම,අන්තර්ජාල දිගු සඳහා සම්බන්ධ වීමෙන් වලකින ලෙස අන්තර්ජාල භාවිතා කරන පුද්ගලයන් ගෙන් ඔහු ඉල්ලා තිබේ.

Read More