Author: kumudika
මැතිවරණ නීති උල්ලංඝනය කරමින් රටපුරා ප්‍රදර්ශනය කර තිබෙන පෝස්ටර්, කටවුට් සහ බැනර් ගැලවීමට පොලීසිය මගින් යොදා ගනු ලබන කම්කරුවෙකුට මසකට රුපියල් 47,050ක මුදලක් ගෙවීමට පියවර ගෙන ඇත. කම්කරුවන් බොහෝදෙනෙකු මෙම රාජකාරිය සඳහා පොලීසියෙන් ඉල්ලීම් කර ඇති බවයි වාර්තා වේ. මෙම සේවයට පොලිස් ස්ථානයකට බඳවා ගත හැක්කේ කම්කරුවන් තිදෙනකු පමණක් බවද සඳහන් ය. ඒ අනුව දිවයින පුරා පිහිටි පොලිස් ස්ථානවල ශ්‍රේණිය අනුව කම්කරුවන් තිදෙනෙකු හෝ සිව්දෙනෙකු බඳවා ගත හැකියි. රට පුරාම ප්‍රදර්ශනය කෙරෙන පෝස්ටර්, කටවුට්, බැනර් ඉවත් කිරීම මේ වන විටත් සිදුවන බව කොළඹ නියෝජ්‍ය පොලිස්පති ජගත් චන්ද්‍රකුමාර මහතා ප්‍රකාශ කලේය. ඇතැම් පක්ෂ සංවිධායකවරුන් ලක්ෂ ගණන් වැයකර කටවුට් ප්‍රදර්ශනය කර ඇති…
මැතිවරණ ප්රචාරක කටයුතු සඳහා ජාතික කොඩිය හෝ ආගමික ලකුණු යොදා නොගන්නා ලෙස මැතිවරණ කොමිසම නිවේදනය කර ඇත. මැතිවරණ කොමිෂන් සභාව පවසන්නේ ජාතික කොඩිය ජනාධිපතිවරණ ප්රචාරක කටයුතු සදහා භාවිත කරන පාර්ශ්ව සඳහා දැඩි ක්‍රියා මාර්ග ගැනීමට සිදුවන බවයි. ඊට අදාළ චක්‍රලේඛයක් නිකුත් කර ඇති බව එම කොමිසම සඳහන් කර තිබේ. තවද ප්රචාරක කටයුතු සඳහා ආගමික සංකේත භාවිත කිරීම ද තහනම් බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
නවසීලන්තය හැර යන එහි පුරවැසියන් සංඛ්‍යාව වාර්තාගත අයුරින් ඉහළ ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. විරැකියාව ඉහළ යෑම, අධික පොළී අනුපාතික මෙන්ම ආර්ථික වර්ධනය පහළ යෑම ආදී කාරණා මීට බලපා ඇති බව එම වාර්තාවල සඳහන් වේ. නවසීලන්ත රජය විසින් ඊයේ (13) නිකුත් කරන ලද දත්තවලට අනුව 2024 ජූනි මාසයෙන් අවසන් වූ වර්ෂය තුළ පුද්ගලයින් 131,200ක් නවසීලන්තය හැර ගොස් ඇති අතර එය වසරකට නවසීලන්තය හැර ගිය ඉහළම පුද්ගලයින් සංඛ්‍යාව ලෙස සටහන්ව ඇත. මෙලෙස නවසීලන්තය හැර ගිය පුද්ගලයින්ගෙන් තුනෙන් එකක් පමණ ඕස්ට්‍රේලියාවට සංක්‍රමණය වී ඇති බවද එම දත්ත වල සඳහන් වේ.
රුසියාවට නැගෙනහිර දෙසින් වන මුහුදු ප්‍රදේශයේ අද (18) අලුයම භූ කම්පනයක් සිදු ව ඇත. රික්ටර් මාපකයේ ඒකක 7 ක ප්‍රභලත්වයකින් යුතු එම භූ කම්පනය හටගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මෙම භූ කම්පනයත් සමග අමෙරිකානු ජාතික සුනාමි අනතුරු ඇගවීමේ මධ්‍යස්ථානය මගින් සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත් කළද පසුව එය සුනාමි තත්ත්වයක් නොවන බවට දැනුම් දී තිබේ. පැසිපික් සාගරයේ භූ කම්පන ක්‍රියාකාරී තීරයක මෙම භූ කම්පනය හටගෙන ඇති අතර පළමු භූ කම්පනයෙන් පසුව පසු කම්පන කිහිපයක් ද සිදු විණි. මෙම මුහුදු ප්‍රදේශයේ සක්‍රීය ගිනි කඳු කිහිපයක් ද පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.
ගාසා හි ‘එන්නත් නොකළ මාස 10 ක් වයසැති බිළිඳෙකුගෙන්’ පළමු පෝලියෝ සිද්ධිය වාර්තා වූ බව පලස්තීන සෞඛ්‍ය නිලධාරීන් නිවේදනය කර ඇත. ඊශ්‍රායල – හමාස් යුද්ධය හමුවේ වසර ගණනාවකට පසු හමුවූ පළමු පෝලියෝ රෝගියා මෙම බිළිඳා බව සඳහන් වේ.බිළිඳාගේ රෝග ලක්ෂණ හඳුනාගැනීමෙන් පසුව ජෝර්දානයේ අගනුවර වන අම්මාන් හි කළ පරීක්ෂණවලින් නිගමනය කර ඇත්තේ අදාළ තත්ත්වය පෝලියෝ වන බවයි. පෝලියෝ යනු මාරාන්තික තත්ත්වයක් වන අතර රෝගය බොහෝ විට වයස අවුරුදු 5 ට අඩු දරුවන්ට බලපානු ලැබේ. පෝලියෝ ව්‍යාප්තිය නතර කර නොමැති රටවල් වන්නේ පාකිස්තානය සහ ඇෆ්ගනිස්ථානයයි. විදෙස් වාර්තා පෙන්වා දෙන්නේ, පලස්තීන ළමුන් 640,000 කට පෝලියෝ රෝගයට එරෙහිව එන්නත් කිරීම සඳහා අගෝස්තු අග…
එමීර් රාජ්‍යයේ අගෝස්තු 26 සිට ක්‍රියාත්මක කිරීමට නියමිත නව මුලපිරීම හරහා රියදුරු බලපත්‍රයේ කළු ලකුණු අඩු කර ගැනීමට අවස්ථාව ලබා දේ. නව අධ්‍යයන වර්ෂයේ පළමු දිනයේ (අගෝස්තු 26) අදාළ සියලුම මාර්ග නීති අනුගමනය කරන රියදුරන්ට, ඔවුන්ගේ ලිපිගොනු වලින් කළු ලකුණු හතරක් අඩු කර ගැනීමට ඉඩ ලබා දේ. Nad Al Hamar හි පදිංචි ඉරාන විදේශිකයෙකු වන Abdul Hadi පසුගිය වසර තුළ කළු ලකුණු 22 ක් රැස් කර ගෙන ඇත. “මම අහම්බෙන් රතු සංඥාවක් පැනීමෙන් Dh1,000 ක දඩයක් සමඟ කළු ලකුණු 13 ක් ලැබුවා. වෙනත් උල්ලංඝනයන් ද ගොඩගැසී තිබෙනවා.ඒ නිසා මට සම්පූර්ණ දඩ මුදලක් Dh3,500 ක් වුනා, ”හාඩි පැවසීය. දඩ මුදල් ඉවත්…
ආසියානු රටවල් සමඟ සැසඳීමේදී ශ්‍රී ලංකාවේ විදුලි බිල තුන් ගුණයකින් පමණ ඉහළ අගයක පවතින බව ඇඩ්වොකාටා ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරි ධනනාත් ප්‍රනාන්දු මහතා සඳහන් කළේය. එහිදී විදුලි ඒකකයක් නිෂ්පාදනය කිරීමට යන වියදම මෙන්ම විදුලිය ජනනය කරන කාලසීමාව ද සලකා බැලිය යුතු බවද සවස 6 සිට 11 අතර කාලයේ අධික විදුලිය පරිභෝජනයක් සිදුවන බැවින් ජල විදුලියට අමතරව දැවි තෙල්, ගල් අඟුරු වැනි බලාගාර ද ක්‍රියාත්මක කිරීම මත මෙලෙස ලංකාවේ විදුලිය ගාස්තුව අධික වී ඇති බවද ඔහු සඳහන් කළේය. ලොව ඇතැම් රටවල විදුලි පාරිභෝගිකයන් සඳහා නව ක්‍රම හඳුන්වා දී ඇති අතර “ප්‍රී පේඩ්” වැනි ක්‍රම මගින් පාරිභෝගිකයන්ට තම අවශ්‍යතාව අනුව විදුලිය ලබාගත…
AI බලයෙන් ක්‍රියාත්මක ගෝලීය පහසුකම් සපයන Bayanat AI PLC (ADX; BAYANAT), සහ UAE හි ප්‍රමුඛතම චන්ද්‍රිකා නිෂ්පාදක Al Yah Satellite Communications Company PJSC (ADX: Yahsat) පෘථිවි නිරීක්ෂණ, සහ ස්වභාවික ව්‍යසන විසඳුම් සඳහා SAR චන්ද්‍රිකා මෙහෙයුම්වල පුරෝගාමියෙකු වන ICEYE සමඟ සහයෝගීව 2024 අගෝස්තු 16 වන දින ඔවුන්ගේ පළමු Low Earth Orbit (LEO) සින්තටික් විවර රේඩාර් (SAR) චන්ද්‍රිකාව කක්ෂයට සාර්ථකව දියත් කරන බව නිවේදනය කළේය. සුවිශේෂී ජයග්‍රහණයක් ලෙස, Bayanat සතු SAR චන්ද්‍රිකාව Yahsat සමඟ සහයෝගීතාවයෙන් Integrator Exolaunch හරහා දියත් කරන ලද අතර ඇමරිකා එක්සත් ජනපදයේ කැලිෆෝනියාවේ Vandenberg අභ්‍යවකාශ හමුදා කඳවුරේ සිට SpaceX’s Transporter 11 rideshare මතින් සාර්ථකව උඩුගත කරන ලදී. චන්ද්‍රිකාව සන්නිවේදනය…
යම් පුද්ගලයෙකුට අදාලව පැවැත්වෙන නඩුවක් විසඳූ පසුව, ක්‍රියාවලිය ස්වයංක්‍රීයව සිදු වන බැවින් සංචාරක තහනම ඉවත් කිරීම සඳහා ඉල්ලුම් කිරීමට අවශ්‍ය නැති බව එමීර් රාජ්‍යයේ අධිකරණ අමාත්‍යාංශය (MoJ) සිය නවතම උපදේශනයෙහි සඳහන් කර ඇත. යමෙකුගේ සංචාරක තහනම ඉවත් කිරීමට අවශ්‍ය ක්‍රියා පටිපාටිය පූර්ණ ලෙස කප්පාදු කර ඇති බව අමාත්‍යාංශය කෙටි වීඩියෝවකින් පැවසීය. මීට පෙර, තහනම අවලංගු කිරීම සඳහා නිෂ්කාශනය සහ සමහර උපකාරක ලේඛන ඉදිරිපත් කළ යුතු විය. මේවා තවදුරටත් අවශ්‍ය නොවේ. නිෂ්කාශන සහ ලේඛන අවශ්‍යතා ද ඉවත් කරන ලද අතර ක්‍රියාවලිය එක් දිනයක සිට මිනිත්තු කීපයක් දක්වා අඩු කරන ලදී. MoJ වහාම සංචාරක තහනම ඉවත් කිරීමේ නියෝගයක් මත ක්‍රියා කරනු ඇත.…
කොළඹ නගර සභාව විසින් දැනුම් දී ඇත්තේ බොරැල්ල පොලිස් වසමේ පාර්ලිමේන්තු පාර මොඩල්ෆාම් හංදිය සහ ඩී.එස්. හංදිය අසල ටිකල් පාර ආසන්නයේ මාර්ගය ගිලා බැසීමක් සිදු වී ඇති බවය. එය යථා තත්ත්වයට පත් කිරීම සඳහා ඊයේ (17) දින සිට දින 20ක කාලයක් ගත වන බව වාර්තා වේ.මේ හේතුවෙන් කොළඹට ඇතුළු වන මංතීරු දෙකම වසා දමා සංවර්ධන කටයුතු සිදු කිරීමට සැලසුම් කර ඇත. ඒ, අනුව එම මාර්ගයේ රථවාහන ගමනාගමනය ඊයෙ (17) දිනයේ සිට නැවත දැනුම් දෙන තුරු දිනපතා උදෑසන 05.30 සිට උදෑසන 11.00 දක්වාත්, රාත්‍රී 11.00 සිට පසුදින අළුයම 05.30 දක්වාත් සැලසුම් දෙකක් යටතේ රථ වාහන ධාවනය ක්‍රියාත්මක බව පොලිසිය දැනුම් දෙයි.