Author: kumudika

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය ඊයේ (19) ඉන්දියාවේ අහමදාබාද්හි නරේන්ද්‍ර මෝදි ක්‍රීඩාංගණයේදී පැවැත් විණි. ඕස්ට්‍රේලියානු කණ්ඩායම මෙම ජයග්‍රහණය ලැබුවේ, ක්‍රිකට් සුපිරි වීරයන් ලෙස සැලකෙන ඉන්දීය කණ්ඩායම සමඟ පැවති අවසන් මහා තරඟයෙන්. එහිදී කඩුළු 6 කින් ජය ලැබීමට ඕස්ට්‍රේලියානු කණ්ඩායමට හැකි විය. තරඟයේ කාසිය වාසිය ලබා ගත් ඕස්ට්‍රේලියානු නායක, පැට් කමින්ස් විසින් පලමුවෙන් පන්දු රැකීමට තීරණය කලේය.මීට ඉහතදී එකම වසරේදී, ලෝක ටෙස්ට් හා එක්දින ක්‍රිකට් කුසලානයන් දෙකම පැට් කමින්ස්ගේ නායකත්වයෙන් යුතු ඔස්ට්‍රේලියාව දිනා තිබීමද විශේෂත්වයකි.එම තරඟ දෙකේදීම ඔස්ට්‍රේලියාව හමුවේ පරාජය වූයේ ඉන්දියාවයි. මෙවර ලෝක කුසලාන අවසන් මහා තරඟයේ දී ඉන්දීය ඉනිම රෝහිත් ශර්මා සමග ශුබ්මන් ගිල් විසින් ආරම්භ කළහ.එහිදී,…

Read More

අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා ක්‍රීඩා අමාත්‍ය ධූරයෙන් ඉවත් කර, නව අමාත්‍යවරයා ලෙස S.B. දිසානායක මහතා පත් කිරීමට කටයුතු කරමින් තිබෙන බව ප්‍රවෘත්ති ආරංචි මාර්ග වල සදහන් වේ. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමග පසුගිය දිනවල රණසිංහ මහතා ඇති කර ගත් මතභේද හේතුවෙන් මෙම තත්ත්වය මතුවී තිබේ. ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී වරු පිරිසක්, අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස් වන ලෙස රොෂාන් රණසිංහ මහතාගෙන් ඉල්ලීමක් කර ඇත. ජනාධිපතිවරයා විසින්ම තමන්ට ඉල්ලා අස් වන ලෙස ඉල්ලීමක් කලහොත් තමා ඊට සූදානම් බව අමාත්‍යවරයා පවසා තිබේ. රොෂාන් රණසිංහ මහතා මේ වන විට දරණ ක්‍රීඩා හා යෞවන කටයුතු හා වාරිමාර්ග අමාත්‍ය ධූරයෙන් , ක්‍රීඩා අමාත්‍ය ධූරය ඉවත් කර ඒ…

Read More

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්ෂේත්‍රය තුල විවිධ ගැටලු ඇති වී තිබෙන කාල සීමාවකදී, ශ්‍රී ලංකාවේ නාමය ජාත්‍යන්තර ක්‍රිකට් කරළිය තුල රැදවීමට ක්‍රිකට් ක්‍රීඩිකාවක් සමත්ව තිබේ. ඒ වර්තමාන කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නායිකා චමරි අතපත්තු ය. චමරි අතපත්තු වෙනුවෙන් ඕස්ට්‍රේලියාවේ සිඩ්නි ක්‍රීඩාංගනයේ කොටසක් වෙන් කිරීමට එරට ක්‍රීඩා බලධාරීන් කටයුතු කර ඇත. ‘සිඩ්නි තන්ඩර්ස්’ කණ්ඩායම විසින් එම ක්‍රීඩාංගනයේ ආසන සහිත ප්‍රදේශයක් චමරි අතපත්තු වෙනුවෙන් වෙන්කර ‘Chamari Bay’ ලෙස නම් කිරීමට සූදානම්.ඇය, මේ වන විට සිඩ්නි තන්ඩර්ස් කණ්ඩායමේ ගිවිසුම්ගත ක‍්‍රීඩිකාවක ලෙස ක‍්‍රීඩා කරයි.

Read More

ගායන ක්ෂේත්‍රයේ ප්‍රවීණ තරු යුගලක් වන රූකාන්ත ගුණතිලක හා චන්ද්‍රලේඛා පෙරේරාගේ සුසංයෝගයෙන් ඉදිරිපත් කෙරෙන “රූ සඳ රෑ ” සජීවි ගීත ප්‍රසංගය අබුඩාබි හි දී පැවැත්වීමට සියළු කටයුතු සූදානම් කර ඇත.ට්‍රයිබල් ඉවෙන්ට්ස් සාඩම්බරයෙන් ඉදිරිපත් කරන මෙම ප්‍රසංගය නොවැම්බර් 18 වන සෙනසුරාදා අබුඩාබි ජාතික රගහලේදී සවස 6.30 සිට ප්‍රේක්ෂකයන්ට විවෘත වේ. රූකාන්ත ගුණතිලක , චන්ද්‍රලේඛා පෙරේරා ගේ ප්‍රමුඛත්වයෙන් යුතුව රයිනි, වින්ඩි හා සනුක වික්‍රමසිංහද එදින රාත්‍රිය ගීතයෙන් වර්ණවත් කිරීමට නියමිතය. ප්‍රවීණ සංගීතවේදී සුරේෂ් මාලියද්දගේ සංගීතයෙන් හැඩ ගැන්වෙන “රූ සඳ රෑ” ප්‍රසංගයට ආරාධිත රංගනයෙන් එක් වන්නේ කලා ශිල්පී දර්ශන තවරාජායි. ප්‍රසංගය නිවේදනයෙන් රස ගන්වන්නේ සචිත්‍ර පෙරේරා විසිනි. Virgin mega store වෙතින් ප්‍රවේශපත් ලබා…

Read More

අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතාට නව ජාත්‍යන්තර තනතුරක් පිරිනමා තිබේ. ප්‍රංශයේ පැරිස් හි යුනෙස්කෝ (UNESCO )මූලස්ථානයේ පැවති අධ්‍යක්ෂ මණ්ඩලය සඳහා වන ඡන්ද විමසීමේ දී එහි අධ්‍යක්ෂක මණ්ඩලයට ශ්‍රී ලංකාව නියෝජනය කරමින්, ඉදිරිපත් වූ අධ්‍යාපන අමාත්‍යවරයා, ඡන්ද හිමි රටවල් 188න් 144ක (76% ක) ඡන්ද ලබාගෙන ආසියානු ශාන්තිකර කලාපයෙන් තේරී පත්වී ඇත. ඒ අනුව, 2024 සිට 2027 වසර දක්වා යුනෙස්කෝ අධ්‍යක්ෂ මණ්ඩලය නියෝජනය කිරීමට ශ්‍රී ලංකාවට අවස්ථාව හිමි විණි.සුසිල් ප්‍රේමජයන්ත මහතා මීට ඉහත 2008 වර්ෂයේ දී ද මේ සඳහා ඉදිරිපත් වූ අතර, මෙවර දෙවැනි වතාවටත් යුනෙස්කෝ අධ්‍යක්ෂ මණ්ඩලයට ඡන්දයෙන් තේරී පත් වීම විශේෂත්වයකි.

Read More