Author: kumudika

2024 වර්ෂයේ, ජනවාරි මාසය වන විට වයස අවුරුදු 18 සම්පූර්ණ කල අයවලුන් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි විය යුතු බව එම දෙපාර්තමේන්තුව දන්වා තිබේ.ඒ අනුව ජනවාරි මාසයෙන් අනතුරුව ලියාපදිංචි වී නැති පුද්ගලයන් සම්බන්ධයෙන් සොයා බලන බවත් පනත අනුව දඩ මුදල් පවා ගෙවීමට ඇතැම් විට ඔවුන්ට සිදුවනු ඇති බවත් වැඩබලන කොමසාරිස් ජෙනරාල් උපුල් ජයවර්ධන මහතා ප්‍රකාශ කර සිටියේය. තවද ලබන වසරේ සිට වාහන ආදායම් බලපත්‍ර ලබා ගැනීම, ලියාපදිංචිය පැවරීම, ජංගම ගිණුම් විවෘත කිරීම ආදී කාර්යයන් සඳහා ආදායම් බදු අංකයක් ඇතුලත් කිරීම අනිවාර්ය කර ඇති බවද ඔහුගේ ප්‍රකාශයේ වැඩිදුරටත් සදහන් වේ.

Read More

Black Friday දිනයෙන් ආරම්භ වන 3 day Super sale අත්දැකීම නොවැම්බර් 24 වන දා ආරම්භ වීමට නියමිතය.නොවැම්බර් 24 වන සිකුරාදා සිට 26 වන ඉරිදා දක්වා පුරා දින 3ක්, ඩුබායි හි ජනතාවට මෙම super sale වාසිය ලබා ගත හැකිය. මෙම තෙදින සුපිරි අලෙවියෙන් සිල්ලර වෙළෙන්දන් නිෂ්පාදන ‍රැසකට, සියයට 90ක් දක්වා වට්ටම් ලබා දෙනු ඇත. ඩුබායි පුරා වෙළඳසැල් 2,000කට වැඩි ගණනක් මීට සහභාගී වන අතර ජනප්‍රිය වෙළෙඳ සන්නාම 500කට අධික සංඛ්‍යාවක් මෙම ව්‍යාපාරයට සම්බන්ධ වේ. අබුඩාබි නගරයේද වෙළඳ ආයතන 27 කට වඩා වැඩි ප්‍රමාණයක්, 80% ක වට්ටම් ලබා දීමට සැලසුම් කර තිබෙන බව සදහන්ය.මෙම තුන්දින Super sale අත්දැකීම වසරකට දෙවරක් පැවැත්වෙන අතර…

Read More

ප්‍රධානම ක්‍රිප්ටෝ මුදල් ඒකක හුවමාරුවේ ප්‍රධානියා වන Changpeng Zhao, මුල්‍ය විශුද්ධිකරණ සම්බන්ධයෙන් වරද පිළිගෙන එම ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.ලෝකයේ විශාලතම ක්‍රිප්ටෝ මුදල් හුවමාරු වන බයිනෑන්ස් වෙත ඩොලර් බිලියන හතර හමාරකට ආසන්න මුදලක දඩයක් හා රාජසන්තක කිරීමට ද යටත් වනු ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඇමෙරිකානු අධිකරණ දෙපාර්තමේන්තුව සඳහන් කර ඇත්තේ බයිනෑන්ස් විසින් ලොව පුරා සම්බාධක හා බදු මගහැරීමට උදව් කර ඇති බවයි.මෙම මුදල් හුවමාරුව හරහා ත්‍රස්තවාදීන් හා අපරාධකරුවන්ට මුදල් ගෙනයාම පහසු වී ඇත.මොහුගේ ඉල්ලා අස්වීමත් සමග ක්‍රිප්ටෝ මුදල් ඒකක වල වටිනාකම වේගයෙන් පහළ යමින් තිබේ

Read More

එමීර් රාජ්‍යයේ 52 වන ජාතික දින සැමරීම සඳහා දෙසැම්බර් 2,3 යන දිනයන් රජයේ නිවාඩු දින බවට ප්‍රකාශයට පත් කර තිබේ. පෞද්ගලික අංශයේ සේවකයින් සඳහා එම දිනයන් වැටුප් සහිත නිවාඩු දින බවට කැබිනට් නිවේදනයකින් දන්වා සිටී. මෙම දින සෙනසුරාදා හා ඉරිදා දිනයන් වන නිසා ඒවා දීර්ඝ නිවාඩු බවට පත් නොවේ. පසුගිය වසරේ පෞද්ගලික හා රාජ්‍ය අංශ දෙකේම සේවකයින්ට දෙසැම්බර් 1 දා අතිරේක නිවාඩු දිනයක් ලබා දුන් අතර ඒ පෙර දිවි පිදූ දිනය සැමරීම සඳහාය. 2022 වසරේදී ජාතික දින නිවාඩු දිනය සමග දින තුනක නිවාඩුවක් ජනතාවට හිමි විණි. මේ වසරේදී එම තත්ත්වය වෙනස් වන අතර ඒ අනුව දෙසැම්බර් 1 සිකුරාදා වැඩ කරන…

Read More

අධිවේගී මාර්ග ජාලය පෞද්ගලිකරණය කිරීම ඇතුළු ඉල්ලීම් කීපයක් මුල් කරගනිමින් අද (22) අධිවේගී මාර්ග වල සේවකයින් තම රාජකාරී කටයුතු වලින් ඉවත් වීමට තීරණය කර තිබේ. ඒ අනුව ලෙඩ නිවාඩු වාර්තා කර සේවයට  නොපැමිණ, වෘත්තිය ක්‍රියාමාර්ගයක් අරඹා ඇත. උදෑසන 7.00 සිට රාත්‍රී 7.00 දක්වා මෙම වර්ජනය ක්‍රියාත්මක බව අධිවේගී මාර්ග සේවක සංගමයේ සභාපති යොහාන් හසිත මුණසිංහ මහතා සඳහන් කරයි.මාර්ග සංවර්ධන අධිකාරියට අනුයුක්තව සේවය කරන 11,000ක පමණ සේවකයින් පිරිසක් මෙම වර්ජනය සඳහා එක් වන බවද ඔහු වැඩිදුරටත් කියා සිටියේය. මේ නිසා අධිවේගී මාර්ගයේ රාජකාරි කටයුතු යුද්ධ හමුදා නිලධාරීන්ගේ මැදිහත්වීම මත සිදු කෙරෙන අතර ප්‍රවේශපත්‍ර නිකුත් කිරීම ඔවුන් විසින් සිදු කරති.

Read More

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා,  චීන ජනාධිපති ෂී ජින් පිං මහතාගේ විශේෂ නියෝජිත, රාජ්‍ය මන්ත්‍රී ෂෙන් යිකින් (Shen Yiqin) මහත්මිය අතර හමුවක් අරලියගහ මන්දිරයේ දී පසුගිය සදුදා (20) පැවැත්විණි. ශ්‍රී ලංකාව වෙත චීනය ලබා දෙන අඛණ්ඩ සහයෝගය ඉතා ඉහළින් අගය කරන බවත්, චීනය සහ ශ්‍රී ලංකාව අතර ආර්ථික සහයෝගීතාව තවදුරටත් පුළුල් කර ගැනීමේ විශාල හැකියාවක් පවතින බවත් මෑත කාලීන ණය අර්බුදයෙන් පසු ආර්ථිකය යථා තත්ත්වයට පත්කිරීම සඳහා ශ්‍රී ලංකාවට ලබා දුන් සහයට ස්තූතිවන්ත වන බවත් අග්‍රාමාත්‍යවරයා මෙහිදී පවසා සිටියේය. සෘජු පෞද්ගලික ආයෝජන මෙන්ම කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ ආයෝජන සහ අපනයනය, පුනර්ජනනීය බලශක්තිය, තොරතුරු තාක්ෂණ, අධ්‍යාපනය ආදී ක්ෂේත්‍ර සඳහා ආයෝජන මෙන්ම, පවතින ආර්ථික ප්‍රශ්නවලට…

Read More

ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා විසින් පත් කල අතුරු කමිටුව අහෝසි කර ගන්නා තුරු ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ශ්‍රී ලංකාවට පනවා ඇති ක්‍රිකට් වාරණය තව දුරටත් ක්‍රියාත්මක වන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඊයේ (21) නිවේදනය කලේය.ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ විධායක මණ්ඩල හමුවේදී මේ පිළිබඳ නිවේදනයක් නිකුත් විය. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නියෝජිතයා ලෙස තවදුරටත් ෂම්මි ද සිල්වා මහතා පිළිගන්නා බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිල අධ්‍යක්ෂ මණ්ඩලය නිවේදනයෙන් ප්‍රකාශ කර තිබේ.ශ්‍රී ලංකා ක්‍රිකට් තහනම් කිරීමට ගන්නා ලද තීරණය ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිල විධායක මණ්ඩල රැස්වීමේ දී අනුමත කර තිබෙන අතර තහනම පැවතුනද ජාතික කණ්ඩායම සහභාගී වන තරඟාවලි සඳහා එයින් බලපෑමක් ඇති නොවන බවද…

Read More

එමීර් රාජ්‍යයේ විශාලතම අධිවේගී මාර්ගයේ කොටසක් වන ඩුබායි sheikh zayed මාර්ගය එලඹෙන ඉරිදා (නොවැම්බර් 26 ) විශාලතම ධාවන පථයක් බවට පත් වීමට නියමිතය. මේ හේතුවෙන් sheikh zayed මාර්ගයේ වාහන ගමනාගමනය තාවකාලිකව නතර කිරීමට සිදු වේ. මාසයක් පුරා පැවති ඩුබායි යෝග්‍යතා අභියෝගයේ (Dubai Fitness Challenge ) අවසන් මහා තරඟය අති උත්කර්ෂවත් ලෙස ආරම්භ කිරීමට මෙලෙස සැලසුම් කර තිබේ. ඒ අනුව, ඩුබායි පොලීසියේ සුපිරි මෝටර් රථ පෙලපාළියකින් ධාවනයේ සමාරම්භය සිදුවේ. මෙය නිදහස් ධාවන තරඟයක් වන අතර වයස් භේදයකින් හා ධාවන හැකියා මට්ටමකින් තොරව සැමටම සහභාගී විය හැකි විවෘත තරඟයකි. ධාවන මාර්ග දෙකක් මෙහිදී හදුන්වා දී තිබෙන අතර ඒවායේ ගමන් මාර්ග පහත පරිදි…

Read More

2023 – ලෝක කුසලාන තරඟාවලිය සඳහා සහභාගි වූ රටවල් වලට හිමි මුදල් ත්‍යාග වල වටිනාකම් ප්‍රසිද්ධියට පත් කර තිබේ. ඒ අනුව ශූරතාවය දිනාගත් ඕස්ට්‍රේලියානු කණ්ඩායමට ඇමරිකානු ඩොලර් මිලියන හතරක ත්‍යාගයක් හිමිව ඇති අතර අනුශූරයන් වූ ඉන්දියාවට ඩොලර් මිලියන දෙකක මුදලක් හිමිවී ඇත. අවසන් පුර්ව වටයට ක්‍රීඩා කල නවසීලන්තය හා දකුණු අප්‍රිකාවට ඇමෙරිකානු ඩොලර් ලක්ෂ 8 බැගින් හිමිවිණි.තරගයට සහභාගී වූ සෑම කණ්ඩායමකටම ඩොලර් ලක්ෂයක් සහ ජයග්‍රහණය කළ තරගයට ඩොලර් හතලිස් දහස  බැගින් ලැබෙනු ඇත. තරගාවලියේ තරග දෙකක් පමණක් ජය ගත් ශ්‍රී ලංකා කණ්ඩායමට ඒ අනුව හිමි වන මුදල ඇමරිකානු ඩොලර් 180,000 කි. මේ වනවිට ශ්‍රී ලංකා ක්‍රිකට් වලට පනවා ඇති තහනම…

Read More

ආජන්ටිනාවේ ජනාධිපතිවරණයෙන් ස්වාධීන මතධාරී ජාවියේ මිලෙයි ජයග්‍රහණය කර තිබේ. සියයට 55 ක ඡන්ද ප්‍රතිශතයක් ඔහු හිමි කර ගත්තේය.ජනාධිපතිවරණයේ පළමු වටය ඔක්තෝබර් මාසයේ පැවැත් විය. එහිදී කිසිදු අපේක්ෂකයකු සියයට 50 කට වැඩි ඡන්ද ප්‍රතිශතයක් දිනා ගැනීමට නොහැකි වූ නිසා දෙවෙනි වටයක් පැවැත්විණි. මුදල් අමාත්‍ය ධුරය දැරූ සර්ගියෝ තෝමස් මසා සහ ජාවියේ මිලෙයි අතර දෙවෙනි වටයේ තරගය පැවති අතර තෝමස් මසා ට හිමි කර ගැනීමට ලැබුනේ සියයට 44 ක ඡන්ද ප්‍රතිශතයකි.ලතින් ඇමෙරිකානු රටක් වන ආජන්ටිනාව, විශාල ආර්ථික අර්බුදයකට ගොදුරුව සිටින රටකි. මෙසේ අඩපණ වී කඩා වැටුණු රටේ ආර්ථිකයට නැවත පණ දීම තම ප්‍රධාන අරමුණ බව ජය සමරමින්, ජාවියේ මිලෙයි තම පාක්ශිකයන් අමතා පැවැසුවේය.

Read More