Author: kumudika

දුර්ලභ සුමාත්‍රා රයිනෝ ගණයේ රයිනෝ පැටවෙකුඉන්දුනීසියාවේ අභයභූමියක උපත ලබා ඇත.තවමත් නම් කර නොමැති මෙම පැටවාගේ බර කිලෝග්‍රෑම් 25 (රාත්තල් 55) කි.සුමාත්‍රා රයිනෝ වර්ගය සියලුම රයිනෝස් වර්ග අතරින් කුඩාම රයිනෝ වන අතර ඔවුන් දැඩි ලෙස වඳවීමේ තර්ජනයට ලක්ව තිබේ. ඉන්දුනීසියාවේ සුමාත්‍රා සහ බෝර්නියෝ දූපත් වල ජීවත් වන මෙම සතුන් දැනට ලෝකයේ ඉතිරිව ඇත්තේ 40 ක් පමණි. මේ නිසා මෙම සාර්ථක උපත සැමරීමට නියමිත බව ගෝලීය සංරක්ෂණ පුණ්‍යායතනය වන WWF පවසයි.මෙම රයිනෝ වර්ගය භූතානය, ඉන්දියාව, මියන්මාරය, තායිලන්තය සහ තවත් ඈත ප්‍රදේශවල දක්නට ලැබෙන බව සඳහන්.

Read More

එයාර් ඇරබියා අබුඩාබි ගුවන් සේවය විසින් කොළඹ දක්වා සතිපතා ගුවන් ගමන් තුනක් දියත් කිරීමට සැලසුම් කර තිබේ. අගනුවර ප්‍රථම අඩු වියදම් ගුවන් සේවය වන එයාර් ඇරබියා අබුඩාබි, ශ්‍රී ලංකාවේ අගනුවර වන කොළඹ දක්වා සිය නව ගුවන් සේවා දියත් කරන බව නිවේදනය කර ඇත. නව සෘජු ගුවන් ගමන් අබුඩාබි ජාත්‍යන්තර ගුවන් තොටුපළ සිට බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ දක්වා සතිපතා ගුවන් ගමන් තුනක් ලෙස 2024 ජනවාරි 3 සිට ආරම්භ කිරීමට නියමිතය. එයාර් ඇරබියා හි සමූහ ප්‍රධාන විධායක නිලධාරී ඇඩෙල් අල් අලි පැවසුවේ “අබුඩාබියේ සිට සෘජු ගුවන් ගමන් සමඟින් කොළඹ නගරය අපගේ වර්ධනය වන ජාලයට එක් කිරීමට ලැබීම ගැන අපි සතුටු වෙනවා. එයාර්…

Read More

LSEG දත්ත සහ වෙළඳ ප්‍රභවයන්ට අනුව ශීත ඍතුවේ උණුසුමට සහ ගුවන් සේවා සඳහා භාවිතා කරන ඉන්ධන සඳහා ඇති දැඩි ඉල්ලුම හේතුවෙන් පසුගිය අඟහරුවාදා (28) ආසියාවේ ජෙට් ඉන්ධන මිල වසර පහක් තුළ ගෑස් ඔයිල් වලට සාපේක්ෂව ඉහළම අගය දක්වා ඉහළ ගියේය. කඩිනම්-මාස ප්‍රති-ශ්‍රේණියේ ව්‍යාප්තිය, හෝ ගෑස් ඔයිල් සහ ජෙට් ඉන්ධන හුවමාරු අතර මිල වෙනස, වෙළඳපොල ආසන්නයේදී බැරලයක් ශත 85 ක වාරිකයකට වෙළඳාම් කරන ලදී. එය 2019 වර්ෂයේ මුල සිට ඉහළම මට්ටම, දිනකට ශත 50 ක වාරිකයකින් ඉහළ ගොස් ඇති බව මීට පෙර LSEG දත්ත පෙන්වා ඇත. සාමාන්‍යයෙන් පෙට්‍රල් වෙනුවට ජෙට් ඉන්ධන වැඩියෙන් නිපදවීමට පිරිපහදු කරන්නන් දිරිමත් කරන අතර එමඟින් චීනය එහි…

Read More

හිටපු ක‍්‍රීඩා ඇමති රොෂාන් රණසිංහ මහතා විසින් ක්‍රිකට් පාලක මණ්ඩලය අත්හිටුවා අතුරු කමිටුවක් පිහිටුවමින් ගැසට් නිවේදනයක් පසු ගියදා නිකුත් කළේය. ක්‍රිකට් ආයතනය විසින් අධිකරණයට ගොස් ඒ සඳහා තහනම් නියෝගයක් ලබා ගෙන ඇති අතර මෙතෙක් එහි අවසන් තීන්දුව ලබා දී නොමැත. එසේම ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය ද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට දැනුම් දී ඇත්තේ ක්‍රිකට් පරිපාලනය සඳහා දේශපාලන මැදිහත්වීමක් සහිත අතුරු කමිටු ප්‍රතික්ෂේප කරන බවයි. ක්‍රීඩා සංගම් වල ඡන්දයෙන් තේරී පත් වූ ක්‍රිකට් ආයතනයේ නිලධාරීන් සමඟ දිගටම කටයුතු කරන බවත් ඔවුන් කියා සිටී. මේ අතර නව ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා සිය අමාත්‍ය ධුරයේ දිවුරුම් දීමෙන් අනතුරුව පැවැත් වූ මාධ්‍ය සාකච්ඡාවකදී කියා…

Read More

පසු ගිය සිකුරාදා ආරම්භ වූ දින 4 ක සටන් විරාමයේ අවසන් හෝරා කිහිපය ගත වීමට පෙර දෙපාර්ශ්වය තවත් දින 2ක සටන් විරාමයකට එකඟ වූ බව කටාර් රාජ්‍යය නිවේදනය කළේ ය.කටාර් රාජ්‍යය යුද්ධය ආරම්භයේ සිට ඊශ්‍රායලය සහ හමාස් සංවිධානය අතර මැදිහත්කරුවෙකු ලෙස කටයුතු කරයි. සිකුරාදා සිට මේ දක්වා හමාස් සංවිධානය ප්‍රාණ ඇපකරුවන් 69 ක් නිදහස් කර ඇත.ඊට ඊශ්‍රායල ජාතිකයින් සහ විදේශිකයින් ඇතුළත් වේ.සටන් විරාමය අතරතුරදී ඊශ්‍රායල බලධාරීන් ද පලස්තීන කාන්තාවන් සහ ළමුන් 150 දෙනෙකු නිදහස් කර ඇති බව විදෙස් වාර්තාවල සඳහන් වේ.ඔක්තෝබර් 7 වැනි දා හමාස් සංවිධානය ඊශ්‍රායලයට එල්ල කළ ප්‍රහාර හමුවේ ආරම්භ වූ ගැටුම් නිසා ඊශ්‍රායලයේ මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 1200කි.…

Read More

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ලෝක දේශගුණ සමුළුවට සහභාගිවීම සඳහා මෙම සතියේ විදෙස්ගත වන බව වාර්තා වේ. සංචාරයට අසූ දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් සහභාගී වන බවද එම වාර්තාවේ දැක්වේ. 28 වන වරට පැවැත්වෙන ලෝක දේශගුණ සමුළුව (Cop28) මෙවර එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ, ඩුබායි හි Expo City සංකීර්ණයේ දී පැවැත් වීමට නියමිතය. නොවැම්බර් 30 වන දා සිට දෙසැම්බර් 12 දක්වා මෙම සමුළුව පැවැත්වෙනු ඇත. කංචන විජේසේකර, කෙහෙළිය රඹුක්වැල්ල, රුවන් විජේවර්ධන, දිනුක් කොළඹගේ යන මහත්වරුන් ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අසූ දෙනෙකු ශ්‍රී ලංකාව නියෝජනය කරමින් මෙම සංචාරයට එක් වීමට නියමිතය. මෙම සංචාරය සඳහා යන වියදම අනුග්‍රාහකයා මාර්ගයෙන් සහ ඔවුන් විසින්ම දරනු ඇති බවත් තවදුරටත් දැක්වේ.

Read More

වහාම ක්‍රියාත්මක වන පරිදි රොෂාන් රණසිංහ මහතා සියලු අමාත්‍ය ධූර වලින් ඉවත් කර තිබේ. ඒ අනුව නව ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යවරයා ලෙස සංචාරක අමාත්‍ය ධූරය දැරූ හරීන් ප්‍රනාන්දු මහතා ජනාධිපතිවරයා ඉදිරියේ දී දිවුරුම් දුන් බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි. වාරිමාර්ග නව අමාත්‍යවරයා ලෙස වන ජීවී අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය ද දිවුරුම් දෙන ලදී. රොෂාන් රණසිංහ මහතා ක්‍රීඩා, යෞවන කටයුතු හා වාරිමාර්ග අමාත්‍ය ධුරය දරනු ලැබීය. තමන් අදාළ අමාත්‍ය ධුරවලින් ඉවත් කර ජනාධිපතිවරයා විසින් ලිපියක් එවා ඇති බව ඔහු සඳහන් කලේය.ක්‍රීඩා අමාත්‍යාංශයට හා වාරි මාර්ග අමාත්‍යාංශයටඅදාලව ජනාධිපතිවරයා කැබිනට් මණ්ඩලයේ දී යොමු කළ ප්‍රශ්න දෙකකට රොෂාන් රණසිංහ මහතා නිසි පිළිතුරක්…

Read More

ශ්‍රී ලංකාව පුරා මේ දිනවල වාර්තා වන සෙම්ප්‍රතිශ්‍යාව ,උණ ඇතුළු ස්වසන පද්ධතිය ආශ්‍රිත රෝගී තත්වයන් වෛරස් රැසක එකතුවක් විය හැකි බව ශ්‍රී ජයවර්ධන පුර විශ්ව විද්‍යාලයේ ආසාත්මිකතා සහ සෛල ජෛව විද්‍යා ඒකකයේ අධ්‍යක්ෂ වෛද්‍ය මහාචාර්ය චන්දන ජීවන්දර මහතා කියා සිටී. මෙම රෝග තත්ත්වය චීනයෙන් වාර්තා වන සෙම්ප්‍රතිශ්‍යා තත්ත්වයේ සම්මිශ්‍රණයක් බව හෙතෙම අවධාරණය කලේය.කෙසේ වුවද චීනය තුල ව්‍යාප්ත වන නියුමෝනියා තත්ත්වය, ශ්‍රී ලංකාව තුල පැතිරී ගියහොත් එය හඳුනා ගැනීම සදහා අවශ්‍ය පරීක්ෂණාගාර රට තුළ තිබෙන බවද සඳහන් කරයි. වෛරසය පිළිබඳ මෙතෙක් නිශ්චිත තොරතුරු නොමැත. උතුරු චීනයෙන් හඳුනා නොගත් නියුමෝනියා රෝගී තත්වයක් පසුගිය 21 වනදා වාර්තා වූ අතර එම රෝගී තත්වය වාර්තා…

Read More

Rush events සාඩම්බරයෙන් පවත්වනු ලබන Ceylon food festival සැණකෙළිය දෙසැම්බර් 2, 3 දෙදින පුරා ඩුබායි Zabeel park ක්‍රීඩාංගනයේදී පැවැත් වීමට කටයුතු සැලසුම් කර තිබේ. ප්‍රථම වතාවට සංවිධානය වන මෙම සැණකෙළිය උදෑසන 10.00 සිට රාත්‍රි 11.00 දක්වා විවෘතව පවතී. Zabeel park හි ඇතුල්වීමේ දොරටු 1 හා 3 මගින් සියලු දෙනාටම සැණකෙලියට ප්‍රවේශ විය හැක. ශ්‍රී ලාංකේය සංගීත හඬ සමගින්, දේශීය ආහාර පාන රස විඳීමට සේම විවිධ තරඟ ඉසව් රැසක් ද විනෝදකාමීන් වෙනුවෙන් සූදානම්ය. දිවයිනේ සංගීත ලොවේ මං සළකුණු තැබූ Centigradz, Daddy සමගින් journey සංගීත කණ්ඩායමද , දිනේෂ් ගමගේ සමගින් kaizer kaiz ද සැණකෙළිය ගීතයෙන්,නාදයෙන් වර්ණවත් කිරීමට එක්වෙනු ඇත. චන්දන වික්‍රමසිංහයන්ගේ Feat…

Read More

කටුනායක ගුවන් තොටුපොළ ආගමන විගමන දෙපාර්තමේන්තු පරිගණක පද්ධතිය අද (26) දහවල් 11.30 පමණ සිට ක්‍රියා විරහිත වී තිබේ. එම තත්ත්වය හේතුවෙන්, විදෙස් ගත වීමට පැමිණි විශාල ගුවන් මගීන් පිරිසක් කටුනායක ගුවන් තොටුපොළ තුළ ප්‍රකෝපකාරීව සිටි බවට වාර්තා විණි. ආගමන විගමන දෙපාර්තමේන්තු මෙම පරිගණක පද්ධතිය පෞද්ගලික අංශයේ සමාගම් කීපයක් විසින් සකස් කර පවත්වා ගෙන යනු ලබයි. නමුත් නිසි නඩත්තු කිරීමක් නොමැති නිසා මාසයකට කීප වරක් මේ ආකාරයට ‍යන්ත්‍ර අක්‍රීය වන බව ආගමන විගමන දෙපාර්තමේන්තු ප්‍රකාශකවරයෙකු පවසා සිටියේය .එසේම ජාත්‍යන්තර ඉන්ටර්පෝල් පොලිසිය සමග මෙම පරිගණක පද්ධතිය ඒකාබද්ධ කර තිබෙන බව සඳහන්. ජාත්‍යන්තර පොලීසියේ යාන්ත්‍රික දෝෂ නිසා සිදුවන මන්දගාමී තත්ත්වයන්ද කටුනායක ගුවන් තොටුපොළ…

Read More