Author: kumudika

සාජා හි වාහන නැවැත්වීමේ ස්ථානයක් සුරක්ෂිත කිරීම අභියෝගාත්මක වීම හේතුවෙන් සාජා මහ නගර සභාව විශේෂ සැලැස්මක් දියත් කර ඇත. මේ හරහා විශේෂයෙන් කාර්යාල වේලාවන් සහ නිවාඩු දිනවල සාජා හි පෙරගෙවුම් වාහන නැවැත්වීමේ දී විවිධ අවශ්‍යතා සහිත පුද්ගලයන්ට සහ ව්‍යාපාරවලට පොදු වාහන නැවැත්වීමේ ඉඩකඩ භාවිතා කිරීම පහසු කරයි. සාජා නගර සභාව පුද්ගලයන් සහ ව්‍යාපාර සඳහා ස්ටිකරයක් ලබා දේ. එය වාහනයේ වින්ඩ්ස්ක්‍රීන් මත තැබිය යුතුය. මෙය වාහනයේ ලියාපදිංචියට සෘජුව සම්බන්ධ වූ වඩාත් පහසු ස්මාර්ට් කාඩ් පද්ධතියකට ගමන් කරන බව සඳහන් වේ. • සාජා හි ඕනෑම පොදු වාහන නැවැත්වීමේ ස්ථානයකට පුද්ගලික වාහන සඳහා ප්‍රවේශ වීමට ඉඩ සලසයි. දින 10 – ඩිරාම් 170දින 20…

Read More

Global Village වෙත බස් මාර්ග හතරක මෙහෙයුම් නැවත ආරම්භ වේ. ඩුබායි හි මාර්ග සහ ප්‍රවාහන අධිකාරිය (RTA) නිවේදනය කළේ ඔක්තෝබර් 16 වන දින ආරම්භ වූ ග්ලෝබල් විලේජ් 29 වාරය සඳහා බස් මාර්ග හතරක් නැවත සේවයේ යෙදී ඇති බවයි. පහත සඳහන් බස් මාර්ග Global Village වෙත සම්බන්ධ වේ.- රෂ්දියා බස් නැවතුම්පොළේ සිට මාර්ග 102 (සෑම මිනිත්තු 60 කට වරක් ක්‍රියාත්මක වේ)- යුනියන් බස් නැවතුම්පොළේ සිට මාර්ග 103 (සෑම විනාඩි 40 කට වරක් ක්‍රියාත්මක වේ)- Al Ghubaiba බස් නැවතුම්පළ සිට මාර්ග 104 (සෑම විනාඩි 60 කට වරක් ක්‍රියාත්මක වේ)- එමිරේට්ස් බස් නැවතුම්පළේ සිට 106 මාර්ගය (සෑම මිනිත්තු 60 කට වරක් ක්‍රියාත්මක වේ)…

Read More

අතිශය සුන්දර සංගීත අත්දැකීමක් වන The Magic Box අබුඩාබි හි මංගල දර්ශනය ආරම්භ වීමට නියමිතයි. 2025 වසරේ ජනවාරි 29 දා සිට පෙබරවාරි 9 දක්වා මෙම සංදර්ශනය පැවැත්වීමට සූදානම් කර තිබේ. Yas Island හි Etihad Arena හිදී මෙය පැවැත්වෙන අතර, එය Disney ලෝකයකට ඔබව ප්‍රවේශ කරන්නකි. ප්‍රවේශපත්‍ර අලෙවිය ඔක්තෝම්බර් 29 වන දින දියත් කෙරෙන අතර සාමාන්‍ය ප්‍රවේශපත්‍ර අලෙවිය ඔක්තෝබර් 30 වනදා ආරම්භ වේ. ප්‍රවේශ පත් මිල ඩිරාම් 100 සිට ඇරඹේ. මෙම ගීත සංදර්ශනයට ප්‍රකට ඩිස්නි ගීත 75 කට අධික ප්‍රමාණයක් අන්තර්ගතය. මෙම සංගීත අත්දැකීම ලමා, වැඩිහිටි දෙපාර්ශවයේම සිත් ඇදගන්නා ලෙස නිර්මාණය කර ඇත. මෙම නිෂ්පාදනයේ සදා ජනප්‍රිය Mickey, Minnie සහ Donald…

Read More

දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය ක්ෂණික වෘත්තීය ක්‍රියාමාර්ගයක් ආරම්භ කිරීමට තීරණය කර ඇත. දුම්රිය ස්ථානාධිපතිවරුන් බඳවාගැනීමේ සහ උසස්වීම්හි පවතින ගැටලුවලට ඉදිරි පැය 72ක තුළ විසඳුමක් ඉල්ලමින් මෙම වර්ජනය ක්‍රියාත්මක වේ. කෙසේ වෙතත් වැඩ වර්ජන සිදු කරන දිනය සම්බන්ධයෙන් ඔවුන් ඉදිරියේදී ප්‍රකාශ කරනු ඇත.දුම්රිය නියාමක සහ දුම්රිය ස්ථානාධිපති තනතුරු සඳහා වසර පහෙන් පහට ශ්‍රේණි උසස්වීම් දීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී ඇති බව සඳහන් ය. ඒ අනුව පැරණි විභාග ප්‍රතිඵල මත නියාමකවරුන්ගේ උසස්වීම් දී වැටුප් පරිවර්තනයක් ද සකස් කර ඇති බව එම සංගමයේ සභාපති සුමේධ සෝමරත්න මහතා සඳහන් කළේය. දුම්රිය ස්ථානාධිපතිවරුන් සඳහා බඳවාගැනීමේ පටිපාටිය අනුමත කිරීමෙන් පසු උසස් කිරීමේ ක්‍රමවේදය ආරම්භ කළ යුතු යැයි…

Read More

රට තුළ සිටින ඊශ්‍රා­යල ජාති­ක­යන් වෙත ප්‍රහා­ර­යක් එල්ල කිරී­මට සැල­සුම් කළ බව කියන සිද්ධි­යට සම්බන්ධ තවත් සැක­ක­රු­වන් කිහි­ප­දෙ­නකු පිළි­බඳ තොර­තුරු හෙළි වූ බව අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුවේ ත්‍රස්ත විම­ර්ශන කොට්ඨා­සය කොළඹ අති­රේක මහේ­ස්ත්‍රාත් පසාන් අම­ර­සේන මහ­තාට ඊයේ (28) දැනුම් දුන්නේය. ආරු­ගම්බේ ප්‍රදේ­ශය මුල් කර­ගෙන ත්‍රස්ත ප්‍රහා­ර­යක් එල්ල කිරීම සම්බ­න්ධ­යෙන් අත්අ­ඩං­ගු­වට ගත් සැක­ක­රු­වන් සිව් දෙ­නා­ගෙන් රඳ­වා­ගෙන ප්‍රශ්න කළ අව­ස්ථාවේ මෙම සිද්ධි­යට අදා­ළව තවත් සැක­ක­රු­වන් කිහිපදෙනකු පිළි­බඳ තොර­තුරු අනා­ව­ර­ණය වූ බව ත්‍රස්ත විම­ර්ශන කොට්ඨා­සය අධි­ක­ර­ණ­යට දැනුම් දුන්නේය. ඒ අනුව මෙම සැක­ක­රු­වන්ට අදා­ළව ඉදිරි විමර්ශන කට­යුතු ආරම්භ කිරී­මට අප­රාධ පරීක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුවේ ත්‍රස්ත විම­ර්ශන කොට්ඨා­සය විශේෂ මෝස­මක් ගොනු කර මහේස්ත්‍රා­ත්ව­ර­යා­ගෙන් අව­සර ඉල්ලීය. මෙම සිද්ධි­යට අදාළ…

Read More

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් රුපියල් බිලියන සීයකට ආසන්න මුදලක් මුද්‍රණය කර තිබේ.වෙන්දේසියක් හරහා රුපියල් බිලියන 36.1ක් සහ මුද්‍රිත මුදල් වාරික වෙන්දේසියක් හරහා දින හතකට රුපියල් බිලියන 70ක් එකතු කර ඇත. ශ්‍රී ලංකා මහ බැංකුවේ නිල වාර්තා අනුව බහු ද්‍රවශීලතා මෙවලම් හරහා දේශීය වත්කම් වෙනුවෙන් රුපියල් බිලියන එකසිය හයකට ආසන්න මුදලක් යොදවා තිබේ. ඒ හරහා බැංකු පද්ධතියට අතිරේකව එක් කර ඇති මුදල් ප්‍රමාණය රුපියල් බිලියන 190ක් දක්වා ඉහළ යයි. මෙය මහා බැංකුවේ සුපුරුදු විවෘත වෙළඳපොළ මෙහෙයුම්වලට අනුකූලවන අතර රජයේ අයවැය හිඟය පියවීමක් සිදු නොවේ. රජයට අයවැය හිඟය පියවා ගැනීම සඳහා අදාළ මුදල් මුද්‍රණය කිරීම මහ බැංකු පනත සහ ජාත්‍යන්තර මුල්‍ය…

Read More

ඊශ්‍රා­යල ප්‍රාණ ඇප­ක­රු­වන් සිව්දෙ­නකු සහ පලස්තීන සිර­ක­රු­වන් කිහි­ප­දෙ­නකු නිද­හස් කර­ගැ­නීම සඳහා ගාසා තීර­යට දින දෙකක සටන් විරා­ම­යක් ප්‍රකා­ශ­යට පත් කරන ලෙස ඊජිප්තු ජනා­ධි­පති අබ්දෙල් ෆටා එල් සිසී මහතා ඊශ්‍රා­යල රජ­යට සහ හමාස් සංවි­ධා­න­යට යෝජනා කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ඊශ්‍රා­යල – පල­ස්තීන සාම ප්‍රය­ත්න­යට මැදි­හත් ප්‍රධාන­තම රටක් වන ඊජි­ප්තුවේ යෝජ­නා­වට අනුව එම සාම ප්‍රය­ත්නයේ තවත් මැදි­හත් රටක් වන කටාර් රාජ්‍යයේ දී නව සටන් විරාම යෝජනා සම්බන්ධ සාකච්ඡා පැවැ­ත්වී­මට නිය­මිත බව ද විදෙස් මාධ්‍ය වැඩි­දු­ර­ටත් වාර්තා කළේය. සටන් විරා­මය අත­ර­තුර ගාසා තීරයේ අව­තැන් වූ සිවිල් ජන­තා­වට මානු­ෂීය ආධාර සැපයීම පුළුල් කළ හැකි බව ද ඊජිප්තු ජනා­ධි­ප­ති­ව­රයා ප්‍රකාශ කර ඇති අතර, දෙපා­ර්ශ්වය…

Read More

පාර්ලි­මේන්තු මැති­ව­ර­ණයේ තැපැල් ඡන්ද සල­කුණු කිරීම හෙට (30) ආරම්භ කෙරේ. නොවැ­ම්බර් 01 වැනිදා සහ 04 වැනිදා යන දින­ව­ල­දීද තැපැල් ඡන්ද සල­කුණු කිරීමේ කට­යුතු සිදු කෙරෙන බව මැති­ව­රණ කොමි­සම පව­සයි. එම දින­වල තැපැල් ඡන්දය සල­කුණු කිරී­මට නොහැකි වන රාජ්‍ය සේව­ක­යන්ට නොවැ­ම්බර් 7 වැනිදා සහ 8 දෙදින ඒ සඳහා අවශ්‍ය පහ­සු­කම් සලසා ඇතැයි මැති­ව­රණ කොමි­සම කියයි. 2024 පාර්ලි­මේන්තු මැති­ව­ර­ණය ලබන මස 14 වැනිදා පැවැ­ත්වී­මට නිය­මි­තය.

Read More

දකුණු ඉන්දීය සිනමාවේ ජනප්‍රිය රංගන ශිල්පී තලපති විජේ සිය නායකත්වයෙන් යුතු තමිල්ගා වෙට්රි කලගම් පක්ෂයේ මංගල රැලිය ඊයේ (27) පැවැත්විණි තමිල්නාඩුවේ වික්‍රාවන්ඩි හිදී පැවති මෙම රැලියට අති විශාල ජනකායක් රැස්ව සිටි බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර ඇත. උද්යෝගිමත් ආධාරකරුවන් විශාල පිරිසක් එහි සිටි බව සදහන් වේ. එහිදී අදහස් පළකළ විජේ අවධාරණය කළේ, තමිල්නාඩුවේ දශක ගණනාවක් පුරා ක්‍රියාත්මක, ද්වි පක්ෂ දේශපාලනයට තිත තබා ප්‍රාන්තයේ ප්‍රධාන බලවේගය වීම සිය අපේක්ෂාව බවය. මේ වන විට 50 හැවිරිදි වියේ පසුවන තලපති විජේ, පසුගිය පෙබරවාරි මාසයේදී තමිල්ගා වෙට්රි කලගම් පක්ෂයේ කටයුතු ආරම්භ කළ අතර ඔහු 2026 පාර්ලිමේන්තු මැතිවරණයේදී තමිල්නාඩු දේශපාලනයට නව මානයක් එක් කරනු ඇතැයි…

Read More

ශ්‍රී ලංකාවට කිසිදු සංචාරක තහනමක් පනවා නොමැති බව ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපති Julie Chung පවසයි. අද (28) කොළඹ පැවති වැඩසටහනකට එක් වෙමින් ඇය මේ බව ප්‍රකාශ කළාය. එහිදී ඇය වැඩිදුරටත් කියා සිටියේ ඇමරිකානු ජාතිකයන්ට ආරුගම්බේ ප්‍රදේශයේ සංචාරය කිරීමේදී සැලකිලිමත් වන ලෙස පමණක් උපදෙසක් ලබා දී ඇති බවයි.

Read More