Author: kumudika

කාබන් විමෝචනය කපා හැරීම සඳහා ඩුබායි ඉන්ටර්නැෂනල් (DXB) විසින් කරන ලද කාර්යය ගුවන්තොටුපල කවුන්සිලයේ ජාත්‍යන්තර (ACI) ගුවන්තොටුපළ කාබන් ප්‍රතීතන (ACA) වැඩසටහනේ 4 මට්ටමේ “පරිවර්තන” ප්‍රතීතනයක් සමඟ පිළිගෙන ඇති අතර, එය සැප්තැම්බර් 2024 වන විට, ඉහළම 5% අතරට ඇතුළත් කර ඇත. “පරිවර්තන” සහතිකය පිරිනමනු ලබන්නේ විමෝචනය අඩු කිරීම සහ එහි පාර්ශ්වකරුවන් සමඟ පද්ධතිමය වෙනසක් ඇති කරන ගුවන් තොටුපළ සඳහා ය. එක්සත් අරාබි එමීර් රාජ්‍යය සමඟ උපායමාර්ගිකව පෙළගැස්වීමේදී, ඩුබායි ගුවන්තොටුපළ රටේ ශුද්ධ ශුන්‍ය 2050 උපාය මාර්ගයට සහාය වීම සඳහා වැදගත් කාර්යභාරයක් ඉටු කරයි. එහි පාරිසරික බලපෑම අවම කිරීමට සහ මෙහෙයුම් කාර්යක්ෂමතාව ඉහළ නැංවීමට ඇති කැපවීම තුළින්, කාබන් විමෝචනය, සම්පත් සංරක්ෂණය සහ සම්මත…

Read More

Dubai Future Foundation හි තුන්වන අදියර නොවැම්බර් 19 සිට 20 දක්වා අනාගත කෞතුකාගාරයේ දී ඔටුන්න හිමි කුමරු ගරු ෂෙයික් හම්දාන් බින් මොහොමඩ් බින් රෂීඩ් අල් මක්තුම් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ. DFF විසින් සංවිධානය කරන ලද, වාර්ෂික සංසදය යනු අනාගතවාදීන්ගේ සහ අනාගතය කේන්ද්‍ර කරගත් ආයතනවල ලොව විශාලතම රැස්වීමයි. මෙම වසරේ සැසියට ජාත්‍යන්තර ප්‍රමුඛ පෙළේ ආයතන 100ක පමණ, රටවල් 100කින් පමණ කර්මාන්ත විශේෂඥයින් 2,500කට අධික සංඛ්‍යාවක් පැමිණෙනු ඇත. කැබිනට් කටයුතු පිළිබඳ අමාත්‍ය, භාරකාර මණ්ඩලයේ උප සභාපති සහ DFF හි කළමනාකාර අධ්‍යක්ෂ Al Gergawi මහතා පැවසුවේ, “ඩුබායි අනාගත සංසදය ප්‍රමුඛ පෙළේ ප්‍රවීණයන්ගේ සහ අනාගතය කේන්ද්‍ර කරගත් ආයතනවල ඉදිරි දර්ශන, අදහස් සහ තීක්ෂණ බුද්ධිය ඉදිරියට…

Read More

“UAE stands with Lebanon” ව්‍යාපාරයේ කොටසක් ලෙස Fujairah හි Al Bustan ශාලාවේ පැවති ස්වේච්ඡා සේවකයන් 1000කට අධික පිරිසකගේ සහභාගීත්වයෙන් ටොන් 100ක් (පාර්සල් 5,000ක්) රැස් කර ගැනීමට හැකි විය. ලෙබනනයේ ජනතාව සඳහා ආහාර සැපයුම් සහ නවාතැන් උපකරණ ඇතුළත් සහන ද්‍රව්‍ය මීට ඇතුලත් වේ. මෙම අතිරේක සහන ආධාර ලැබෙන්නේ ජනාධිපති ගරු ෂෙයික් මොහොමඩ් බින් සයීඩ් අල් නහියන් මහතාගේ උපදෙස් මත, උප ජනාධිපති, නියෝජ්‍ය අගමැති සහ ජනාධිපති උසාවියේ සභාපති ගරු ෂෙයික් මන්සූර් බින් සයීඩ් අල් නහියන් මහතාගේ අධීක්ෂණය යටතේ ය. මානුෂීය කටයුතු සඳහා වන හමාඩ් බින් මොහොමඩ් අල් ෂර්කි පදනම සහ ෆුජයිරා පුණ්‍යායතන සංගමය විසින් ජාත්‍යන්තර මානුෂීය හා පරිත්‍යාගශීලී කවුන්සිලය විසින් අධීක්ෂණය කරන…

Read More

2024 නොවැම්බර් 1 සිට, සාජා හි ඉහළ ඉල්ලුමක් ඇති ප්‍රදේශවල ගෙවන වාහන නැවැත්වීමේ වේලාවන් දීර්ඝ කරනු ඇත. Sarjah city මහ නගර සභාව විසින් ක්‍රියාත්මක කරන ලද නව ප්‍රතිපත්තියෙන්, පෙරවරු 10.00 ට පැවති කඩඉම් කාලය පැය දෙකක් දීර්ඝ කරමින් පෙරවරු 8.00 සිට මධ්‍යම රාත්‍රිය දක්වා ඇතැම් කලාපවල වාහන නැවැත්වීම සඳහා රියදුරන්ට ගෙවීමට සිදු වේ. නිල් සංඥා මගින් දැක්වෙන මෙම කලාප සිකුරාදා සහ රජයේ නිවාඩු දිනවල ද ක්‍රියාකාරීව පවතිනු ඇත. සතිය පුරා වාහන නැවැත්වීම නියාමනය කර තිබේ. සාජා හි දිගු කලක් තිස්සේ රාත්‍රී 10.00 සිට නොමිලේ වාහන නැවැත්වීමේ පහසුකම් ලබා දී ඇත. නගරය පුරා පෙ.ව. 8.00 දක්වා, බොහෝ ප්‍රදේශවල සිකුරාදා සහ රජයේ…

Read More

ඩුබායි හි මාර්ග සහ ප්‍රවාහන අධිකාරිය (RTA) නගරයේ වඩාත්ම වැදගත් මංසන්ධිවලින් එකක් සංවර්ධනය කිරීමේ අරමුණින් AED696.414 මිලියන වටිනාකමින් යුත් trade Center වටරවුම සංවර්ධන ව්‍යාපෘතිය සඳහා කොන්ත්‍රාත්තුවක් ලබා දී ඇත. මෙම ව්‍යාපෘතිය Sheikh Zayed Road ප්‍රධාන වීදි පහක් සමඟ සම්බන්ධ කරයි. Sheikh Khalifa bin Zayed Street, Sheikh Rashid Street, 2nd December Street, Zabeel Palace Street සහ Al Mustaqbal Street ඊට ඇතුලත් වේ. මෙම පුළුල් ව්‍යාපෘතියට මීටර් 5,000 ක පාලම් පහක් ඉදිකිරීම සහ දැනට පවතින වටරවුම ගමනාගමනය විධිමත් කිරීම සඳහා මතුපිට මංසන්ධියක් බවට පත් කිරීම ඇතුළත් වේ. ඩුබායි trade Center, ඩුබායි world Trade Center (DWTC) සහ ඩුබායි ජාත්‍යන්තර මූල්‍ය මධ්‍යස්ථානය (DIFC) වෙත…

Read More

වසර පහකට පමණ පෙර අත්තනෝමතික ලෙස විසුරුවා හැරී FCID හෙවත් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය නැවත බලාත්මක කර දූෂණ ලිපිගොනු කඩිනමින් විමර්ශනය කිරීමේ සූදානමක් පවතින බව නීතිය හා සාමය අමාත්‍යාංශයේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි. යහපාලන රාජ්‍ය සමයේදී කැබිනට් අනුමැතියෙන් පිහිටනු ලැබූ FCID ය ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ධුරයට පත්වීමත් සමඟම එහි සිටි නිලධාරීන් 180 න් 19 දෙනෙක් හැරෙන්නට අනෙක් සියලුම නිලධාරීන් ඔහුගේ ආරක්ෂාවට යැයි කියා මාර්ග දෙපස රාජකාරියේ යොදවන්නට කටයුතු කලේය. ඒ අනුව දූෂණ ලිපිගොනු අල්මාරි වලට සීමා වූ අතර FCID ට නැවතීමේ තිත තැබිණි. අනතුරුව ඒ සම්බන්ධයෙන් කොමිසමක් පිහිටුවා FCID සිදුකළ විමර්ශන නීති විරෝධී යැයි ප්‍රකාශ කරමින් ප්‍රධාන පෙළේ…

Read More

ශ්‍රී ලංකාවේ කාන්තාවන් පියයුරු පිළිකාවට සහ පිරිමි පුද්ගලයන් මුඛ පිළිකාවට වැඩි වශයෙන් ගොදුරුවීමේ ප්‍රවණතාවක් පිළිකා රෝගී දත්තවලින් පෙන්නුම් කෙරෙන බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි. එම වාර්තාවලට අනුව ලියුකේමියාව, වසා ගැටිති ආශ්‍රිත පිළිකා, මොළය ආශ්‍රිත පිළිකා සහ අස්ථි ආශ්‍රිත පිළිකාවලට ළමයින් වැඩි වශයෙන් ගොදුරු වී ඇති බව හෙළි වී තිබේ. පිළිකා රෝග මේ වන විට ලොව ශීඝ්‍රයෙන් ඉහළ යමින් ඇත. සෞඛ්‍ය අමාත්‍යංශ වාර්තාවන්ට අනුව මෙරටින් සෑම වසරකම පිළිකා රෝගීන් 35,000 ත් 40,000 ත් අතර සංඛ්‍යාවක් අලුතින් හඳුනා ගැනේ. මෙරට වාර්ෂික සාමාන්‍ය පිළිකා මරණ ගණන 19,000කට අධිකය. කාන්තාවන් අතර වඩාත් වේගයෙන් ඉහළ යමින් පවතින්නේ පියයුරු පිළිකා අවදානම බව සඳහන් වේ. 2023 වසරේ වාර්තා වූ…

Read More

ජනාධිපතිවරණයේදී ඡන්දය ලබා නොදුන් ඡන්ද දායකයින් පවා පාර්ලිමේන්තු මහ මැතිවරණයේදි නියත වශයෙන් ජාතික ජන බල වේගයට ජන්දය ලබා දෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඊයේ (27) පස්වරුවේ ගාල්ල බද්දේගම කුම්මේ ක්‍රීඩාංගණයේ පැවති “රට හදන අපි එකට” ජයග්‍රාහි රැළිය අමතමින් පැවසීය. ජනාධිපතිවරණයේදී එවක පාලකයින් ජාතික ජන බලවේගය පිළිබඳ භීතියක් ඡන්ද දායකයින් තුළ මැව් බව ඔහු සඳහන් කලේය.එය මේ වනවිට අසත්‍ය ප්‍රකාශයක් බවට ඔප්පු වී තිබේ. පසුගිය පාලනයට වඩා වත්මන් පාලනය තුළ විදේශීය සබදතා ශක්තිමත් වී ඇත.අලුතින් පාර්ලිමේන්තුවට පැමිණෙන පුද්ගලයන්ට රට පාලනය කිරීමට පුරුද්දක් නොමැති බවට ප්‍රචාරයක් ගෙන යාමද තවදුරටත් සිදු වේ. ඒ හේතුවෙන් හිටපු දේශපාලඥයින්ට නැවත බලය ලබා දෙන ලෙස…

Read More

ශ්‍රී ලංකාව 5 වැනි වරටත් ආසියානු නෙට්බෝල් අනුශූරතාවය ඊයේ (27) දිනා ගෙන තිබේ. ඉන්දියාවේ බැංගලෝර්හිදී පැවැති 2024 ආසියානු නෙට්බෝල් ශූරතාවලියේ තියුණු අවසන් මහා තරගයෙන් පසුව මෙම ජය හිමි විය. 2024 ආසියානු නෙට්බෝල් ශූරතාවලියේ අවසන් මහා තරගය අද පැවැත්වුණේ, ශ්‍රී ලංකාව සහ සිංගප්පූරුව අතරයි.මෙම කණ්ඩායම් ද්විත්වය තරගාවලි ඉතිහාසයේ අවසන් මහා තරගයකදී හමු වූ 7වැනි අවස්ථාව ද මෙය වේ. මෙම තරගය නැරඹීම සඳහා හිටපු ශ්‍රී ලංකා නෙට්බෝල් ක්‍රීඩිකා තර්ජනී සිවලිංගම් ඇතුළු විශාල ප්‍රේක්ෂක පිරිසක් එක්ව සිටියහ.තරගය ආරම්භයේ සිටම කණ්ඩායම් දෙකම ප්‍රදර්ශනය කළේ දක්ෂ ක්‍රීඩා විලාසයකි. තරගයේ පළමු කාර්තු 2 අවසන් වනවිට ලකුණු 28ට 27ක් ලෙස පෙරමුණ ගැනීමට සිංගප්පූරුව සමත් විය. තුන්වැනි සහ…

Read More

අත්‍යවශ්‍යම කාරණාවකට හැර විදේශ ගමන් බලපත්‍ර ලබාගැනීමට නොපැමිණෙන ලෙස විදේශ කටයුතු ඇමති විජිත හේරත් මහතා ජනතාවගෙන් ඉල්ලා සිටියේය. මෑත කාලයේදී විදේශ ගමන් බලපත්‍ර ලබාගැනීමට වැඩි ඉල්ලුමක් ඇති වී තිබෙන්නේ පසුගිය කාලයේ විදේශ ගමන් බලපත‍්‍ර ලබා දීමේ ප‍්‍රමාදය බවත් ඔහු පැවසීය. නව ක්‍රමයක් යටතේ විදේශ ගමන් බලපත්‍ර අත්‍යවශ්‍ය සියලුම පුද්ගලයන්ට ලබා දීමට බලාපොරොත්තු වන බවද ඔහු සඳහන් කළේය.මේ වන විට විදේශ ගමන් බලපත්‍ර තොගයක් ලැබී තිබෙන බවත් ඉදිරියේදී තවත් ලැබෙනු ඇති බවත් ඔහු කියා සිටියේය. කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මෙම අදහස් පළ කරන ලදී.

Read More