Author: kumudika
ආබාධයන්ට ලක් වූ ශ්‍රී ලංකා පිතිකරුවන් වන පැතුම් නිස්සංක සහ කමිඳු මෙන්ඩිස්ගේ ටෙස්ට් තරගාවලියට පෙර පැවැත්වෙන අවසන් වෛද්‍ය පරීක්ෂාවන් ඊයේ (20) සිදු කෙරුණු අතර ඒ අනුව කමිඳු මෙන්ඩිස් හට ටෙස්ට් තරගාවලියේ පළමු තරගය ක්‍රීඩා කිරීමට හැකි බව තහවුරු වී ඇත. කෙසේ වෙතත් තවමත් පූර්ණ සුවය ලබා නොමැති පැතුම් නිස්සංක හට පළමු ටෙස්ට් තරගය ක්‍රීඩා කිරීමට අවස්ථාවක් හිමි නොවේ. C.C.C. සහ S.S.C. කණ්ඩායම අතර පසුගිය සිකුරාදා (17 ) පැවැති මේජර් ක්ලබ් තුන්දින තරගාවලියේ තරගය අතරතුර උඩ පන්දුවක් රැක ගැනීමට උත්සාහ කිරීමේදී කමිඳු දකුණු අතෙහි ආබාධයකට ලක් විය. එහිදී ඔහුගේ ඇඟිලි අතර පටලය හානි වූ අතර එම ආබාධයේ තත්ත්වය බරපතළ නොවන බැවින්…
කොළඹ වරාය නගරය ආශ්‍රිතව අති නවීන ප්‍රදර්ශන සහ සම්මන්ත්‍රණ මධ්‍යස්ථානයක් ඉදිකිරීමට චීනය කැමැත්ත පළ කළ බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි. ඉකුත් 19 වැනිදා කටුකුරුන්ද ප්‍රදේශයේ පැවැති මහජන රැලියක් අමතමින් ජනාධිපතිවරයා සඳහන් කළේ, සම්පූර්ණයෙන්ම චීනය විසින් අරමුදල් සපයන ලද මෙම නව පහසුකම, ප්‍රමාණයෙන් සහ ක්‍රියාකාරීත්වයෙන් බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාව (BMICH) අභිබවා යනු ඇති බවය. මේ අතර සිය සංචාරයේදී චීනය ශ්‍රී ලංකාවට යුවාන් මිලියන 500ක (ආසන්න වශයෙන් රු. බිලියන 20) ප්‍රදානයක් ලබා දීමට පොරොන්දු වූ බව ද ජනාධිපතිවරයා මෙහි දී සඳහන් කළේය.
අමෙරිකා එක්සත් ජනපදයේ 47 වැනි ජනාධිපතිවරයා ලෙස ඊයේ(20) රාත්‍රියේ ඩොනල්ඩ් ට්‍රම්ප් දිවුරුම් දී දෙනු ලැබීය. ඒ, එරට අගවිනිසුරු ජෝන් රොබට්ස් ඉදිරියේදීය. අමෙරිකානු කොංග්‍රසය රැස්වන, වොෂින්ටන් අගනුවර පිහිටි කැපිටල් ගොඩනැගිල්ලේ රොටුන්ඩා ශාලාවේදී පදවි ප්‍රාප්ති උත්සවය පැවැත්විණ. බැරැක් ඔබාමා, බිල් ක්ලින්ටන් සහ ජෝර්ජ් ඩබ්ලිව් බුෂ් ඇතුළු අමෙරිකාවේ හිටපු ජනාධිපතිවරුන් මෙන්ම, එලෝන් මස්ක්, ජෙෆ් බේසොස් සහ මාක් සකර්බර්ග් වැනි තාක්ෂණ ලෝකයේ දැවැන්තයින් සහ සුපිරි ධනවතුන් පිරිසක් ද එම අවස්ථාවට එක්ව සිටි බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ බිරිඳ වන මෙලානියා ට්‍රම්ප් ඇතුළු ඔහුගේ පවුලේ සමීපතමයින් ද ඊට එක්ව සිටියහ. අමෙරිකාවේ නව උපජනාධිපතිවරයා ලෙස ජේ ඩී වෑන්ස් දිවුරුම් දීමෙන් අනතුරුව, ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ දිවුරුම්…
Taste Of Dubai Food Festival ලබන මාසයේදී නැවතත් පැවැත්වීමට නියමිතය. එළඹෙන පෙබරවාරි 14 වන සිකුරාදා සිට පෙබරවාරි 16 ඉරිදා දින දක්වා, විවිධ ආහාර පාන ඇතුලත් Taste Of dubai උත්සවය පැවැත්වීමට සූදානම් වේ. ඩුබායි මීඩියා සිටි ඇම්ෆිතියටර් විසින් සංවිධානය කරන මෙම ඉසව්ව සඳහා 25,000 ක පමණ නරඹන්නන් ආකර්ෂණය කරගනු ඇත.දින තුනක් පුරා පැවැත්වෙන මෙම ආහාර උත්සවය සඳහා ප්‍රවේශපත්‍ර දැන් ඩොලර් 75 සිට ලබා ගත හැකියි. අන්තර් ජාලය හරහා ප්‍රවේශ පත් මිලදී ගැනීමේ අවස්ථාව දැන් විවෘතය. ඩුබායි නගරයේ ඇති හොඳම ආහාර වර්ග සහිත අවන්හල් රැසක් මෙම උත්සවය සඳහා තෝරාගෙන තිබේ. සෑම ආපනශාලාවක්ම ආහාර වර්ග තුනේ සිට පහ දක්වා මෙනුවක් විශේෂයෙන් සකස් කරනු…
අමෙරිකාව තුළ ක්‍රියා විරහිත කළ ලොව ජනප්‍රියතම සමාජ මාධ්‍ය යෙදවුමක් වන TikTok යෙදවුම යළි එරට තුළ සක්‍රීය කිරීමට පියවර ගෙන තිබේ. ඒ අනුව යළි අමෙරිකාවේ සක්‍රීය වන TikTok ගිණුම් සංඛ්‍යාව මිලියන 170 කි. අමෙරිකා එක්සත් ජනපදයේ TikTok තහනම ඊයේ (19) සිට ක්‍රියාත්මක වීමට නියමිතව තිබේ. එම තහනම ක්‍රියාත්මක වීමට පෙර, ඊයේ (19) දිනයේ Apple සහ Google යෙදවුම්වලින් TikTok ස්වයංක්‍රියව ඉවත් කර තිබු බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ඒ අනුව පරිශීලකයින්ට TikTok යෙදවුමට පිවිසීමට උත්සහ කිරීමේදී ඊට ‘ප්‍රවේශ විය නොහැකි බවට’ ඊයේ දිනයේ කෙටි පණිවුඩයක් පෙන්නුම් කර තිබේ.මෙම තහනම බලාත්මක කරන්නේ කෙසේද යන්න අවිනිශ්චිතව පවතින පසුබිමක ධවල මන්දිරය ප්‍රකාශ කළේ එය…
ආචාර්ය හාන්ස් විජයසූරිය මහතා, ඩයලොග් ආසියාටා පීඑල්සී හි අධ්‍යක්ෂ මණ්ඩ සාමාජිකත්වයෙන් ඉවත් වී ඇති බව එම සමාගමේ ලේකම්වරිය විසින් දැනුම් දී තිබේ. 2025 ජනවාරි 15 දින සිට මෙම අධ්‍යක්ෂ මණ්ඩල සංශෝධනය බලපැවැත්වෙන බව අදාළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ. මේ අතර 2025 ජනවාරි 15 දින සිට බලපැවැත්වෙන පරිදි ආචාර්ය හාන්ස් විජයසූරිය මහතා, ඩිජිටල් ආර්ථිකය පිළිබඳ ජනාධිපති ප්‍රධාන උපදේශක තනතුරට පත්කෙරුණු අතර ඊට අදාළ පත්වීම් ලිපිය පසුගිය වසරේ නොවැම්බර් 01 දින ජනාධිපති අනුර දිසානායක මහතා විසින් ආචාර්ය හාන්ස් විජයසූරිය මහතා වෙත පිරිනමනු ලැබීය. මීට පෙර ඒ මහතා ඩයලොග් ආසිආටා හි මව් සමාගම වන ආසිආටා ගෲප් බර්හාඩ් හි සමූහ විධායක අධ්‍යක්ෂ සහ එහි…
ඔන්ලයින් දත්ත වාර්තාවක් වන Numbeo විසින් ශ්‍රේණිගත කිරීම්වල ඉහළින්ම අඛණ්ඩව නවවන වසර සනිටුහන් කරමින් අබුඩාබි නගරය 2025 සඳහා ලොව ආරක්ෂිතම නගරය ලෙස නම් කර ඇත. ගෝලීය නගර 382 න් පළමු ස්ථානය ලබා ගත් අබුඩාබිය 2017 වසර් සිට එහි ස්ථානය පවත්වා ගෙන යයි. මෙම ජයග්‍රහණය පුරවැසියන්, පදිංචිකරුවන් සහ සංචාරකයින්ගේ ජීවන තත්ත්වය වැඩිදියුණු කිරීම අරමුණු කරගත් උසස් ආරක්ෂක සැලසුම්, උපාය මාර්ග සහ මුලපිරීම් ක්‍රියාවට නැංවීම සඳහා එමිරේට් හි කැපවීම ඉස්මතු කරයි. ආරක්ෂාව පිළිබඳ හැඟීමක් ඇති කිරීමට සහ ප්‍රජා විශ්වාසය ශක්තිමත් කිරීමට අබුඩාබි පොලිසිය දරන උත්සාහය මෙම පිළිගැනීම ලබා ගැනීමට ඉවහල් වී ඇත.
දෙසැම්බර් මාසයේදී නිෂ්පාදන කටයුතුවල තවදුරටත් වර්ධනයක් සිදුව ඇතැයි මහ බැංකුව කියයි. මේ අනුව නිෂ්පාදන අංශයේ ශ්‍රී ලංකා ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය 2024 දෙසැම්බර් මාසයේදී 57.2ක දර්ශක අගයක් වාර්තා කර ඇතැයි මහ බැංකුව නිකුත් කළ නවතම වර්තාවක දැක්වේ. සේවා නියුක්තිය හැර අනෙකුත් සියලුම උප දර්ශක මෙම වර්ධනය සඳහා දායක විය. උත්සව සමයේ විශේෂයෙන් ආහාරපාන නිෂ්පාදන අංශයේ ඇණවුම් වැඩිවීම හේතුවෙන් නව ඇණවුම් සහ නිෂ්පාදන උප දර්ශක දෙසැම්බර් මාසයේදී තවදුරටත් ඉහළ ගොස් ඇත. කෙසේ වෙතත් ශීත ඍතුවේ දීර්ඝ නිවාඩු පැවතීම හේතුවෙන් ප්‍රධාන ඇඟලුම් අපනයන ගමනාන්තවලින් ලැබෙන ඇණවුම් පහත වැටීමෙන් රෙදිපිළි සහ ඇඟලුම් නිෂ්පාදන අංශයේ නව ඇණවුම් සහ නිෂ්පාදන උප දර්ශක පහළ ගියේය. මෙහි ප්‍රතිඵලයක්…
රාස් අල් කයිමා හි අද සිට (ජනවාරි 20) මාර්ග නීති කඩකිරීම් කළමනාකරණය කරන ආකාරයේ කැපී පෙනෙන වෙනසක් සිදුකිරීමේ අරමුණින් ස්මාර්ට් වාහන ගොඩගැනීමේ පද්ධතියක් ක්‍රියාත්මක කළේය. රාස් අල් කයිමා පොලිසිය විසින් ප්‍රකාශයට පත් කරන ලද මෙම ක්‍රමය මඟින් වාහන හිමිකරුවන්ට ඉලෙක්ට්‍රොනික නිරීක්ෂණ හරහා රාජසන්තක කිරීමේ රෙගුලාසිවලට අනුකූල වන බව සහතික කරන අතරම වාහන රඳවා තබා ගැනීමට ඉඩ සලසයි. රාස් අල් කයිමා පොලිසියේ ප්‍රධාන අණදෙන නිලධාරී මේජර් ජෙනරාල් අලි අබ්දුල්ලා බින් අල්වාන් පැහැදිලි කළේ, ස්මාර්ට් රදවා ගැනීමේ පද්ධතිය සැලසුම් කර ඇත්තේ රථවාහන නීති දැඩි ලෙස පිළිපැදීම සහතික කරන අතරම වාහන හිමියන්ගේ බර ලිහිල් කිරීමට බවයි. නව ක්‍රමය යටතේ, උල්ලංඝනය කරන්නන්ට ඔවුන්ගේ වාහන…
විද්‍යුත් වාහන, සමාජ මාධ්‍ය, අභ්‍යවකාශ රොකට් දක්වා සෑම ක්ෂේත්‍රයක්ම පාහේ ආවරණය කෙරෙන පුළුල් ‘ව්‍යාපාර අධිරාජ්‍යයකට’ හිමිකම් කියන එලෝන් මස්ක්, වසර පහකට අඩු කාලයකදී ලොව පළමු ට්‍රිලියනපතියා බවට පත්වෙනු ඇති බවට විදෙස් මාධ්‍ය තොරතුරු වාර්තා කරයි. මස්ක්ගේ ව්‍යාපාරික සාර්ථකත්වය දැනටමත් ඔහුව ලෝකයේ වඩාත්ම බලගතු, ධනවත් සහ මතභේදාත්මක පුද්ගලයෙකු බවට පත් කර තිබේ.දැනට ඔහුගේ වාර්තාගත වත්කම ඩොලර් බිලියන 430 කට වඩා වැඩි බව සඳහන් වේ. ඊයේ (19) නිකුත් කරන ලද ‘The Oxfam’ වාර්ෂික වාර්තාව මඟින් පෙන්වා දෙන්නේ, බිලියනපතියන් අභිබවා පළමු ට්‍රිලියනපතියන් මේ වන විටත් සිය ගමන ආරම්භ කර ඇති බවය. ඒ අනුව වත්මන් ප්‍රවණතා දිගටම පැවතුණහොත් ඉදිරි දශකය තුළ පුද්ගලයින් පස් දෙනෙකු…