Author: kumudika
ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය විසින් කටුනායක ගුවන්තොටුපළ සහ මාකුඔුර – බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය අතර සුඛෝපභෝගී බස් රථ සේවාවක් අද සිට ආරම්භ කර තිබේ. ගුවන්තොටුපළට පැමිණෙන මගීන්ගේ පහසුව සදහා දිනකට ගමන්වාර 10ක් මේ හරහා ක්‍රියාත්මක බව ගුවන්තොටුපළ හා ගුවන්සේවා සමාගම සදහන් කළේය. කටුනායක ගුවන්තොටුපළ පොලිසිය ඉදිරිපිට සිට මෙහි ගමන් ආරම්භ කෙරෙන අතර මාකුඔුර – බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය දක්වා යාමට අය කරන ගාස්තුව රුපියල් 450 කි.
විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ ලියාපදිංචි නොවූ ජංගම දුරකතන ඇතුළු සන්නිවේදන උපකරණ ශ්‍රී ලංකාවේදී භාවිතය තහනම් කරන බව එම කොමිෂන් සභාව පවසයි. නීති විරෝධී ආකාරයෙන් සන්නිවේදන උපකරණ මෙරටට රැගෙන ඒම වැළැක්වීම මෙහි අරමුණ බව විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් විශ්‍රාමික එයාර් වයිස් මාර්ෂල් බන්දුල හේරත් මහතා කියා සිටියේය. ජනවාරි මාසය අවසන් වන විට ඒ සඳහා විශේෂ ස්වයංක්‍රිය පද්ධතියක් හඳුන්වාදීමට ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව සැලසුම් කර තිබේ. නිසි ප්‍රමිතියකින් තොර වූ, නීත්‍යනුකූල නොවන සන්නිවේදන උපකරණ මිල දී ගැනීමෙන් ජනතාවට අපහසුතා හා අවහිරතාවලට මුහුණදීමට සිදුව ඇති හෙයින් එවැනි උපකරණ පාරිභෝගිකයන්ට විකිණීම වැළැක්වීම කොමිෂන් සභාවේ වගකීමකි. දැනට භාවිත…
ශ්‍රී ලංකා වරාය අධිකාරියේ බහලුම් පර්යන්ත 2024 දෙසැම්බර් 31 වන විට බහලුම් මිලියන 2.4 කට අධික ප්‍රමාණයක් හසුරුවමින් ඓතිහාසික සංධිස්ථානයකට ලඟා වී තිබේ. මෙය 2023 දී හසුරුවන ලද බහලුම් 1.9ට සාපේක්‍ෂව 23% කැපි පෙනෙන වර්ධනයකි. ඒ තුළින් කොළඹ වරාය තුළ ඉහළම වර්ධනය පෙන්නුම් කරන පර්යන්තයක් ලෙසින් ශ්‍රී ලංකා වරාය අධිකාරියේ බහලුම් පර්යන්තයන් පත්ව තිබේ. නැගෙනහිර බහලුම් පර්යන්තය දිගින් මීටර් 400 ඉක්මවන සහ බහලුම් 23000 කට වඩා රැගෙන යා හැකි නැව් ඇතුළුව ලොව විශාලතම නෞකා හැසිරවීමේ හැකියාව පෙන්නුම් කර ඇත. එමගින් ගෝලිය සමුද්‍ර කර්මාන්තයේ ප්‍රමුඛ ස්ථානයකට පත්වීමේ හැකියාව පෙන්නුම් කර තිබේ. සමස්ථ කොළඹ වරාය 2024 වර්ෂයේ දී බහලුම් මිලියන 7.7 ක්…
ශ්‍රී ලංකාවේ දිස්ත්‍රික්ක දහයක කරන ලද සමීක්ෂණයකදී පවුල් ඒකක සියයට 32 ක් සිය ආහාර අවශ්‍යතා සපුරා ගැනීම සඳහා ණයට මුදල් ලබා ගන්නා බවට තොරතුරු අනාවරණයවී ඇත. “ආහාර මූලික කරගත් තොරතුරු හා ක්‍රියාකාරී ජාලය’’ (FLAN Sri Lanka) විසින් කරන ලද සමීක්ෂණයකදී මෙම තොරතුරු අනාවරණය වී තිබේ. එම ආයතනයේ පර්‌යේෂණ නිලධාරිනී ෂෙහාරි විජේසිංහ විසින් මෙම සමීක්ෂණය කර තිබේ. ඉකුත් වසරේ (2024) මැයි, ජූනි සහ ජූලි යන මාසවලදී මෙම සමීක්ෂණය සිදුකර ඇත. මුලතිව්, මන්නාරම, මඩකලපුව, බදුල්ල, රත්නපුර, ගාල්ල, නුවරඑළිය, කොළඹ, අනුරාධපුර සහ පුත්තලම යන දිස්ත්‍රික්කවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 20 ක් ආවරණය වන පරිදි මෙම සමීක්ෂණය සිදුකර තිබේ. කොළඹ දිස්ත්‍රික්කයේ කොළොන්නාව සහ මහරගම යන…
ඩුබායි Hills Mall හි සිත් ඇදගන්නාසුළු වාහන 40 ක්, ළමා වැඩමුළුවක් සහ තවත් දේ ඇතුළත් මෝටර් රථ ප්‍රදර්ශනාගාරයක් පැවැත්වේ.සියලුම මෝටර් රථ ලෝලීන්ට ඩුබායි හිල්ස් මාල් කාර් ප්‍රදර්ශනාගාරය ඉදිරිපත් කරන අතර 2025 ජනවාරි 1 සිට 12 දක්වා, මෙම උත්සවය වාහන 90කට අධික ප්‍රමාණයක ත්‍රාසජනක සංදර්ශනයක් පවත්වයි. එය හුදෙක් මෝටර් රථ ප්‍රදර්ශනයකට වඩා වැඩි දෙයක් වන අතර එය නවෝත්පාදන, ඉතිහාසය සහ මෝස්තරයේ සැමරුමක් ලෙස සඳහන් වේ. සමාරම්භක ඩුබායි ශොපින් ෆෙස්ටිවල් ඔටෝ සීසන් සමඟ සමපාත වන අතර විශේෂිත කලාප සමඟින්, නරඹන්නන්ට මෝටර් රථ රැසක් දැකබලා ගත හැක.
සංචාරක වීසා මත පැමිණ දිවයිනේ ව්‍යාපාර කිරීමට කිසිදු නීතිමය අවසරයක් නැති බවත් එවැනි සිද්ධි සම්බන්ධයෙන් රජය නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය. ජනවාරි 8 වන දා පැවති පාර්ලිමේන්තු සභා වාරයේදී විපක්ෂයේ මන්ත්‍රීවරයෙකු නැගූ ප්‍රශ්නයකට පිලිතුරු ලබා දෙමින් අග්‍රාමාත්‍යවරිය මේ බව සඳහන් කළා ය. මෙහිදී වැඩි දුරටත් අදහස් දැක් වූ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙසේ සඳහන් කළාය. “ගෙවී ගිය වසර තුළ ශ්‍රී ලංකාවේ සංචාරය සඳහා පැමිණි ඊශ්‍රායල් ජාතිකයින් සංඛ්‍යාව 25,514 යි.ආගමන සහ විගමන දෙපාර්තමේන්තුවේ පරිගණක පද්ධතිය තුළ ඊශ්‍රායල් ජාතිකයන් ලෙස පැමිණීම සටහන් වන නමුත් සන්නද්ධ හමුදා ලෙස වර්ගීකරණයකින් යුතුව තොරතුරු වාර්තා නොවන බැවින් කිසිම කෙනෙක් පිළිබඳ මෙහෙම වර්ගීකරණයක්…
ජනවාරි 7 වන අඟහරුවාදා සිට, අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය විසින් තහනම අර්ධ වශයෙන් ඉවත් කරන බව ප්‍රකාශ කිරීමත් සමඟ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පුද්ගලයින්ට ඩ්‍රෝන යානා භාවිතා කිරීමට දැන් අවසර දී ඇත. මෙම පියවර ප්‍රජාවේ සහ ගුවන් අවකාශයේ ආරක්ෂාව සහතික කිරීම අරමුණු කරගත් දැඩි ආරක්ෂක රෙගුලාසි හඳුන්වා දීමෙන් පසුවයි. සාමාන්‍ය සිවිල් ගුවන් සේවා අධිකාරිය (GCAA) සමඟ සහයෝගයෙන් අමාත්‍යාංශය ප්‍රකාශ කළේ කිසියම් ආරක්ෂක අවදානමක් වළක්වා ගැනීම සඳහා නිශ්චිත කොන්දේසි යටතේ ඩ්‍රෝන් භාවිතයට අවසර දෙන බවයි. මෙහෙයුම් නියාමනය කිරීම සඳහා හදිසි, අර්බුද සහ ආපදා කළමනාකරණය සඳහා වූ ජාතික අධිකාරිය (NCEMA) ඒකාබද්ධ ජාතික වේදිකාවක් හඳුන්වා දී ඇත. මෙම වේදිකාව ඩ්‍රෝන් ක්‍රියාකාරකම් අධීක්‍ෂණය කිරීමට උපකාරී…
RTA ස්වයං-රිය පැදවීමේ ප්‍රවාහනය සඳහා ඩුබායි 2025 ලෝක අභියෝගයෙහි අවසන් තරඟකරුවන් පස් දෙනෙකු ඉදිරියට පැමිණ තිබේ.ඩුබායි හි මාර්ග සහ ප්‍රවාහන අධිකාරිය (RTA) නිවේදනය කර ඇත්තේ සමූහ පහක් සහ ප්‍රමුඛ සමාගමක් 2025 ස්වයං-රිය පැදවීමේ ප්‍රවාහනය සඳහා වන 4 වන ඩුබායි ලෝක අභියෝගයේ අවසන් අදියරට පැමිණ ඇති බවයි. “ඩුබායි ස්වයංක්‍රීය ප්‍රවාහන කලාපය” තේමා කර ඇති මෙම අභියෝගය නේවාසික සංචලනය වැඩිදියුණු කිරීමට සහ ස්වයංක්‍රීය ප්‍රවාහනය සඳහා ගෝලීය ප්‍රමිතීන් සැකසීමට විවිධ ප්‍රවාහන ක්‍රම ඒකාබද්ධ කරමින් ආදර්ශ දිස්ත්‍රික්කයක් සැලසුම් කිරීමට සහභාගිවන්නන් දිරිමත් කරයි. ජයග්‍රාහකයින් ඩුබායි ලෝක වෙළඳ මධ්‍යස්ථානයේදී 2025 සැප්තැම්බර් මාසයේදී ඩුබායි ලෝක සම්මේලනය සහ ස්වයං-රිය පැදවීමේ ප්‍රවාහනය සඳහා වූ අභියෝගයේදී හෙළිදරව් කෙරේ. ස්වයං-රිය පැදවීමේ…
අල් මාම්සාර් වෙරළ සංවර්ධන ව්‍යාපෘතියේ කොටසක් ලෙස ඩුබායි කාන්තාවන් සඳහා වෙන්වූ පොදු වෙරළ තීරයක් විවෘත කිරීමට සූදානම් වේ. රාත්‍රී පිහිනීමටද පහසුකම් සපයන කාන්තා වෙරළ තීරය මීටර් 80ක් පුරා විහිදෙන අතර Al Mamzar Corniche Beach ඔස්සේ වර්ග මීටර් 125,000ක මුළු භූමි ප්‍රමාණයකින් සමන්විත වේ. ඩුබායි මහ නගර සභාව විසින් කාන්තාවන් සඳහා ආරක්ෂිත සහ පෞද්ගලික අත්දැකීමක් සහතික කිරීම සඳහා ගේට්ටු සහිත පිවිසුමක් සහ වැටක් සහිත පහසුකම සැලසුම් කර ඇත. නව වෙරළ තීරය ක්‍රීඩා සමාජයක්, ළමා ක්‍රීඩා පිටියක් සහ එහි සංචාරකයින්ගේ අවශ්‍යතාවලට ගැලපෙන වාණිජ සේවා ද පිරිනමනු ඇත. මෙම මුලපිරීම අල් මම්සාර් වෙරළ සංවර්ධන ව්‍යාපෘතියේ 2 වන අදියරේ කොටසකි, එය 2025 අවසානය වන…
අයවැයෙන් සැලකිය යුතු රාජ්‍ය සේවක වැටුප් වැඩිකිරීමක් සිදුකිරීමට නියමිත බව කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා පවසයි.පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා විසින් අද (09) පාර්ලිමේන්තුවේ දී අසන ලද පැනයකට පිළිතුරු දෙමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව කියා සිටියේය. එසේම රාජ්‍ය සේවක වැටුප් වැඩිකිරීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කිසිදු විරෝධයක් නොමැති බව ද නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසීය. “රු 25,000ක් කියලා නෑ. අපි ඉලක්කම බලාගමු. කලබල වෙන්න එපා. ලිහලා බලන්න තියෙන මල්ල ඔබලා බලන්න හදන්න එපා. රනිල් වික්‍රමසිංහ මහතා සැප්තැම්බර් 4 තැපැල් ඡන්දෙට පෙර කැබිනට් තීන්දුවක් ගත්තා මේ රටේ රාජ්‍ය සේවකයින්ගේ ඡන්දය ඉලක්ක කරගෙන. හැබැයි රාජ්‍ය සේවකයෝ හොඳ උත්තරයක් දුන්නා. ඒක රාජ්‍ය සේවකයින් මුලා කරන්න…