Author: kumudika
දකුණු මුහුදු ප්‍රදේශ රළු වීමත් සමග මේ දිනවල මුහුදු රළ ගොඩබිමට පැමිණිම ආරම්භ කර ඇතිබව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ ගාල්ල දිස්ත්‍රික් සහකාර අධ්යක්ෂ ආර්.එල්.ඩී.ලියනගේ මහතා පැවසීය. ඒ අනුව ගාල්ල – මාතර ප්‍රධාන මාර්ගයේ සමුද්‍ර මාවත ප්‍රදේශයෙන් මුහුදු රළ ගොඩබිමට පැමිණෙමින් තිබේ.මේ හේතුවෙන් සමුද්‍ර මාවතට කැලි කසළ සහ වැලි ගසාගෙන එමින් ඇත. ඒ හේතුවෙන් බොහෝ ස්ථාන වල විශාල වැලි තට්ටු පවති. මේ හේතුවෙන් රථවාහන ධාවනය කිරීමේදී වඩාත් සැලකිලිමත් විය යුතුය. රළු මුහුදු රලට හසුවීමෙන් සමුද්‍ර මාවතේ පැති බැමි සඳහා හානි සිදුව තිබේ.මේ අතර ජාකොටු වැල්ලේ නතර කර තිබූ බෝට්ටුද රළ පහරට හසුව මාර්ගයට ගසා ගෙනවිත් ඇත. සමුද්‍ර මාවත මාර්ගයේ ඇති අපද්‍රව්‍ය සහ…
ප්‍රවාහනය සහ සාප්පු සවාරි සඳහා ආකර්ෂණීය වට්ටම් ලබා දෙමින් සිසුන් සඳහා විශේෂයෙන් නිර්මාණය කරන ලද නවතම Nol Student Card එකක් හඳුන්වා දී ඇත. මාර්ග සහ ප්‍රවාහන අධිකාරියේ (RTA) මෙම මුලපිරීම එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ, විශේෂයෙන් ඩුබායි හි පාසල් සහ විශ්ව විද්‍යාල සිසුන්ගේ දෛනික ජීවිතය පහසු කිරීම අරමුණු කරයි. නව නෝල් ශිෂ්‍ය කාඩ්පතෙහි වඩාත් ආකර්ෂණීය අංගයක් වන්නේ පොදු ප්‍රවාහනය සඳහා 50% ක වට්ටමක් ලබා දීමයි. මෙට්‍රෝ, බස් හෝ ට්රෑම් රථවල ගමන් කරන සිඩුවෙකුට, දැන් ඔවුන්ගේ දෛනික ගමනාගමන පිරිවැය සැලකිය යුතු ලෙස ඉතිරි කර ගත හැක. වෙලඳ සැල්වලින් මිලට ගැනීමේදී 70% දක්වා වට්ටම් නොල් ශිෂ්‍ය කාඩ්පතට හිමි වේ. මේවාට එමීර් රාජ්‍යයේ සහ…
මයික්‍රොසොෆ්ට් සමාගම එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ රජයේ සේවකයින් 100,000ක් පුහුණු කිරීම සඳහා AI තාක්ෂණික වැඩසටහන ආරම්භ කර තිබේ. 2024- GITEX Global හිදී, Microsoft සමාගම විසින් AI ජාතික කුසලතා මුලපිරීම දියත් කරන බව නිවේදනය කලේය. මේ හරහා අබුඩාබි, ඩුබායි සහ සාජා හි 100,000 රාජ්‍ය සේවකයින්ගේ කුසලතා ඉහළ නැංවීම අරමුණු කර ගෙන ඇත. පළාත් පාලන ආයතන සමඟ සහයෝගීව, වසරක පුහුණු වැඩසටහන මගින් AI නවෝත්පාදනයන් මෙහෙයවීමට සහ කෘතිම බුද්ධියේ ගෝලීය ප්‍රමුඛයා ලෙස එමීර් රාජ්‍යයේ භූමිකාව ශක්තිමත් කිරීමට සිවිල් සේවකයින් බල ගැන්වීම මෙහිදී සිදු වේ. මෙම මුලපිරීම රජයේ නායකයින්, සංවර්ධකයින් සහ පෙරටුගාමී සේවකයින් සඳහා ගැලපෙන විශේෂිත පුහුණුවක් ලබා දෙයි. එමීර් රාජ්‍යයේ කෘත්‍රිම බුද්ධිය සඳහා…
කෘත්‍රිම බුද්ධි තාක්ෂණයට යොමුවීමේ අරමුණ ඇතිව TikTok සමාජ මාධ්‍ය ජාලයේ කාර්යය මණ්ඩලය සැලකිය යුතු ආකාරයෙන් අවම කිරීමට එම සමාජ මාධ්‍ය ජාලයේ හිමිකරු වන බයිට් ඩාන්ස් සමාගම පියවර ගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. මේ වන විට මැලේසියාවේ TikTok සමාජ මාධ්‍ය ජාලයේ කාර්යමණ්ඩලයේ 500කට සේවය අහිමි වී ඇතැයි ද වැඩිදුරටත් වාර්තා වේ. සේවයෙන් පහ කිරීම සම්බන්ධව එහි සේවකයන් මාධ්‍යයට ප්‍රකාශ නිකුත් කර ඇතැයි ද, සමාගමේ නීති රෙගුලාසිවලට අනුව මාධ්‍යයට ප්‍රකාශ නිකුත් කිරීම එහි කාර්යමණ්ඩලයට තහනම් කර ඇති බැවින් ඔවුන් නිර්නාමිකව එම තොරතුරු මුදාහැර ඇතැයි ද විදෙස් මාධ්‍ය සඳහන් කළේය. කෘත්‍රිම බුද්ධියට හුවමාරු වීමේ පුළුල් සැලැස්මකට අනුව එම සේවක කප්පාදුව සිදු කරන…
තමිල්නාඩුවට මහ වැසි – ගුවන් ගමන් අවලංගුයි ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයට ඇද හැලෙන ධාරානිපාත වර්ෂාව හේතුවෙන් චෙන්නායි ඇතුළු නගර රැසක මහාමාර්ග ජලයෙන් යටවී ඇතැයි ද, ජල ගැලීම් හේතුවෙන් නිවාස රැසක් විනාශ වී ඇතැයි ද එරට මාධ්‍ය වාර්තා කළේය. ඉදිරි දින කිහිපයේදී වැසි තත්ත්වය තවත් දරුණු අතට හැරෙන බවට එරට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවැකි පළ කිරීමත් සමඟ පහත් බිම්වල පදිංචිව සිටින දහස් සංඛ්‍යාත ජනතාව ඉවත් කිරීමට ප්‍රාන්ත රජය කටයුතු කරමින් සිටින බව ද එරට මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය. චෙන්නායි නුවර ගුවන්තොටුපොළ අවට මාර්ග සියල්ල ජලයෙන් යටවී ඇති බවත්, අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් ගුවන් ගමන් අටක් අවලංගු කිරීමට සිදුවී ඇති බවත් ඉන්දීය මාධ්‍ය…
මැදපෙරදිග ගැටුම හෙවත් අරාබි – ඊශ්‍රායල් යුද්ධය තීරණාත්මක හා අතිශය සංකීර්ණ තත්ත්වයක් කරා තල්ලු වී තිබේ. තත්ත්වය බරපතළ වූයේ ඉරානය හා ඊශ්‍රායලය ඍජු යුද්ධයක පැටලීම හේතුවෙනි. මේ වනවිට ඊශ්‍රායලය ඉරානයට ප්‍රහාරයක් එල්ල කිරීමට සූදානමින් සිටින අතර, එම ප්‍රහාරය තෙල් නිෂ්පාදනාගාර ඉලක්ක කොට සිදුවෙතැයි අනුමාන කෙරේ. ඉරානය ඊට ප්‍රතිචාර දක්වමින් කියා සිටින්නේ ඊශ්‍රායලය තෙල් නිෂ්පාදනාගාර වෙත ප්‍රහාරයක් එල්ල කළහොත්, විස්මිත ප්‍රති-ප්‍රහාරයක් ලබාදීමට සූදානම් බවය. වඩාත් භයානක පසුබිමක් ගොඩනැඟෙමින් පවතින්නේ තවත් රටවල් මේ ගැටුමට සම්බන්ධ වෙතැයි ඉඟි පළවීමත් සමඟය. අරාබි රටවල් රුසියාව, චීනය, උතුරු කොරියාව, ඉරාන පාර්ශවය ගන්නා බවක් පෙනෙන්නට ඇති අතර, ඊශ්‍රායලය, අමෙරිකාව, යුරෝපා සංගමය, නේටෝ සංවිධානය ප්‍රතිවිරුද්ධ පාර්ශ්වය නියෝජනය කරන…
අමාත්‍යාංශවල වියදම් පියවා ගැනීම සහ කල්පිරුණු භාණ්ඩාගාර බිල්පත් හා භාණ්ඩාගාර බැඳුම්කර ආපසු ගෙවීම සඳහා දේශීය මූල්‍ය වෙළෙඳපොළෙන් අරමුදල් රැස් කර ගන්නවා විනා අමුතු දෙයක් මේ දිනවල සිදු නොකරන බව ජනාධිපති ආර්ථික හා මූල්‍ය කටයුතු පිළිබඳ ජ්‍යෙෂ්ඨ උපදේශක මහාචාර්ය අනිල් ජයන්ත මහතා ප්‍රකාශ කළේය. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පත්වීමෙන් පසු දේශීය, විදේශීය ණය ගැනීම් වැඩි වී ඇතැයි ඇතැමකු නඟන චෝදනා සම්බන්ධයෙන් අප කළ විමසුමට පිළිතුරු දෙමින් මහාචාර්යවරයා ඒ බව කීය.“ආණ්ඩුවකට එදිනෙදා අත්‍යවශ්‍ය වියදම් පියවා ගැනීමට, එම සේවා ඉදිරියට පවත්වාගෙන යෑමට අරමුදල් අවශ්‍යයි. සෑම සතියකම භාණ්ඩාගාර බිල්පත් හා භාණ්ඩාගාර බැඳුම්කර අලෙවි කිරීම මඟින් මහ බැංකුව අරමුදල් රැස් කර ගන්නවා. ඒ වගේම…
ශ්‍රී ලංකාව දුවන්නේ ණය මත බවත් තම ආණ්ඩුව පැමිණි පමණින් පැය 24ක් තුල අලුත් ආදායම් ලැබෙන්නේ නැති බවත් කැබිනට් ප්‍රකාශක ඇමති විජිත හේරත් මහතා සඳහන් කරයි. මේ නිසා දේශීය වශයෙන් ණය ගන්නා යාන්ත්‍රණ පවත්වාගෙන යා යුතුව ඇති බවද හෙතෙම පැහැදිලි කලේය. ඔහු මෙම කියා සිටියේ වත්මන් රජය පත්වී කෙටි කාලයක් තුළ භාණ්ඩාගාර බිදිපත් හා භාණ්ඩාගාර බැඳුම්කර අවස්ථා හතරකදී නිකුත් කිරීම සම්බන්ධයෙන් කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී කළ විමසීමකට ප්‍රතිචාර ලෙසය.
ලංකාව හා ඉන්දියාව ගොඩබිමින් යා කරමින් ඉදිකරන දුම්රිය මාර්ගය සම්බන්ධයෙන් වන සාකච්ඡා මේ වන විට අවසන් අදියරේ පවතින බව පරිසර අමාත්‍යාංශය ලේකම් ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා සඳහන් කර ඇත. පසුගිය මාසයේදී තමන් නව දිල්ලියේදී ඊට අදල රැස්වීමකට සහභාගි වූ බවත් ඉන්දියාවේ රාමෙෂ්වරන් හා ශ්‍රී ලංකාවේ ත්‍රිකුණාමලය අතර අධිවේගී මාර්ග හා දුම්රිය මාර්ග සබඳතාවය ඒ හරහා ස්ථාපිත කිරීම ගැන අවසන් අදියරේ සාකච්ඡා එහිදී පැවැති බවද ඔහු සඳහන් කර තිබේ. යෝජිත ගොඩබිම් මාර්ගය සඳහා ඇස්තමේන්තු වියදම ඇමරිකානු ඩොලර් බිලියන පහක් පමණ වන අතර සම්පූර්ණ වියදම ඉන්දියාව විසින් දරනු ලබයි.
BRICS සමුළුවේ සහ නව සංවර්ධන බැංකුවේ සාමාජිකත්වය ලබා ගැනීමට ශ්‍රී ලංකාව තීරණය කර ඇතැයි විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා කියා සිටියේය. ඒ සඳහා මෙම මස 23 දා සිට 24දා දක්වා රුසියාවේත් කසාන් නුවර පැවැත්වෙන BRICS සමුළුවට සහභාගී වන විදේශ කටයුතු අමාත්‍යාංශ ලේකම්වරයා මගින් අයැදුම් කරන බව ද ඔහු සඳහන් කලේය. ඉදිරියේ දී පැවැත්වෙන මහ මැතිවරණය නිසා තමාට මෙම සමුළුවට සහභාගී වීමට නොහැකි බවත් ලේකම්වරයා මගින් සිය පණිවුඩය සමුළුවට ඉදිරිපත් කරන බවත් ඒ මහතා තවදුරටත් ප්‍රකාශ කර ඇත. අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ විදේශ කටයුතු අමාත්‍යාංශයේදී පැවැති මෙරට සිටින විදෙස් තානාපතිවරුන්, එක්සත් ජාතීන්ගේ නේවාසික නියෝජිතයන් සහ කොළඹ මූලික කරගෙන ක්‍රියාත්මක…