Author: kumudika

මෙවර ජනාධිපතිවරණයට අදාළ මැතිවරණ ප්‍රචාරණ කටයුතු (18) මධ්‍යම රාත්‍රියෙන් අවසන් වීමට නියමිතව බව මැතිවරණ කොමිසම නිවේදනය කරයි. මේ අනුව අද මධ්‍යම රාත්‍රී 12 සිට මැතිවරණය පැවැත්වෙන 21 වන සෙනසුරාදා දක්වා නිහඬ කාලය ලෙස ක්‍රියාත්මක වේ. මෙම නිහඬ කාලසීමාව තුළ කිසිදු ආකාරයක ප්‍රචාරණ කටයුත්තක් තහනම් වන අතර මැතිවරණ නීතිරීති උල්ලංඝනය කරන ඕනෑම පාර්ශයක් අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කිරීමට පොලීසියට බලය පවරා තිබෙන බව මැතිවරණ කොමිසම සඳහන් කරයි.

Read More

විද්‍යුත් වාහන, සමාජ මාධ්‍ය, අභ්‍යවකාශ රොකට් දක්වා සෑම ක්ෂේත්‍රයක්ම පාහේ ආවරණය කෙරෙන පුළුල් ‘ව්‍යාපාර අධිරාජ්‍යයකට’ හිමිකම් කියන එලෝන් මස්ක්, නුදුරේදීම ලොව පළමු ට්‍රිලියනපතියා බවට පත්වෙනු ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මස්ක්ගේ ව්‍යාපාරික සාර්ථකත්වය දැනටමත් ඔහුව ලෝකයේ වඩාත්ම බලගතු, ධනවත් සහ මතභේදාත්මක පුද්ගලයෙකු බවට පත් කර අවසන් ය. දැනට ඔහුගේ වාර්තාගත වත්කම ඩොලර් බිලියන 251 කට ආසන්න බව සඳහන් වේ.ඒ අනුව මස්ක් ලොව පළමු ට්‍රිලියනපතියා බවට පත්විය හැකි බව Informa Connect Academy වාර්තාවක සඳහන් කෙරේ. ඊට අනුව මස්ක් මේ වාර්තාවට ළඟා වන්නේ 2027 වසරේ දීයි. එහි වැඩිදුරටත් සඳහන් වන්නේ මස්ක්ගේ ශුද්ධ වටිනාකම වසරකට 110% ක සාමාන්‍ය අනුපාතයකින් ශීඝ්‍රයෙන් වර්ධනය වී…

Read More

මෙවර ජනාධිපතිවරණයේ ප්‍රචාරක රැළි සඳහා රුපියල් කෝටි 200 කට වැඩි මුදලක් වැයකර බස් රථ ලබාගෙන ඇති බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පැවසීය. මෙලෙස බස් රථ ලබාදීම හරහා රුපියල් කෝටි 100 කට ආසන්න ලාභයක් හිමිව ඇති බව ඔහු සඳහන් කලේය. ජනාධිපතිවරණයේ ප්‍රචාරක කටයුතු අවසන් කළ යුතු අද (18) දිනයේ දී පැවැත්වෙන අවසාන ජන රැළි සඳහා එක් එක් දේශපාලන පක්ෂ සහ කණ්ඩායම් බස් රථ 1500ක් පමණ මේ වන විට ඉල්ලුම් කර තිබේ. වැඩිම බස් රථ ප්‍රමාණයක් ජාතික ජන බලවේගය විසින් ලබා ගෙන ඇති බව සභාපතිවරයා පැවසීය.මේ අතර මැතිවරණ රාජකාරී සඳහා බස්රථ 500 කට ආසන්න ප්‍රමාණයක් ලංකාව පුරා යොදවා…

Read More

ලෙබනනයේ සිදුව ඇති පිපිරීම් මාලාවකින් පුද්ගලයන් 09 දෙනෙකු මියගොස් 3,000කට ආසන්න සංඛ්‍යාවක් තුවාල ලබා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා දක්වයි. තුවාල ලැබූ 200කගේ පමණ තත්ත්වය බරපතළ බවත් සඳහන්ය. බීරූට් අගනුවර ඇතුළු ප්‍රදේශ ගණනාවක මෙම පිපිරීම් මාලාව සිදුව ඇති අතර හිස්බුල්ලා සංවිධානය චෝදනා කරන්නේ මෙම පිපිරීම් ඊශ්‍රායල් ආරක්ෂක අංශ විසින් සිදුකරඇති බවටයි. ලෙබනනයේ හිස්බුල්ලා සංවිධානය පණිවුඩ හුවමාරුවට යොදා ගන්නා පණිවුඩ හුවමාරු යන්ත්‍ර එකවර පුපුරා යෑමෙන් මෙම අනතුර සිදුව ඇත. හිස්බුල්ලා ජ්‍යෙෂ්ඨ නායකයෙකු ඇතුළු සාමාජිකයින් රැසක් ඉන් මිය ගොස් ඇති බවත් ඇතැම් වාර්තාවල දැක්වේ.

Read More

සංචාරක අත්දැකීම වැඩිදියුණු කිරීම සඳහා සැලකිය යුතු පියවරක් ලෙස, e & UAE විසින් සංචාරකයින්ට නොමිලේ ක්ෂණික eSIM එකක් 10GB නොමිලේ ලබා දෙන නව සේවාවක් දියත් කර ඇත. එමීර් රාජ්‍යයට පැමිණෙන සංචාරකයින්ට බාධාවකින් තොරව සම්බන්ධතාවක් සැපයීම මෙම මුලපිරීමේ අරමුණයි. සංචාරකයින්ට නව රටකට පැමිණිමේදී සන්නිවේදන අභියෝග රැසක මුහුණ දීමට සිදු වේ. දේශීය SIM කාඩ්පතක් සොයා ගැනීම, දිගු පෝලිම් සමඟ කටයුතු කිරීම සහ සංකීර්ණ සක්‍රිය කිරීමේ ක්‍රියාවලීන් කරදරයක් විය හැකිය. මෙම ක්ෂණික සම්බන්ධතා නොමැතිකම අත්‍යවශ්‍ය සේවාවන් වෙත ප්‍රවේශ වීම දුෂ්කර කරයි. e& UAE QR කේතයක් ස්කෑන් කිරීම සහ මුහුණු හඳුනාගැනීම ( Face Recognition )මගින් සක්‍රිය කරන නොමිලේ eSIM එකක් පිරිනමයි. මෙම පහසු ක්‍රියාවලිය…

Read More

නව කුලී රථ වෙන්කරවා ගැනීමේ සේවාව international ride-hailing ස්මාර්ට් යෙදුම වන යැංගෝ සමඟ අබුඩාබි හි දියත් කරන ලද බව අබුඩාබි මොබිලිටි නිවේදනය කළේය. එමිරේට්ස් හි සිටින මගීන්ට දැන් රජයේ සහ පෞද්ගලික කුලී රථ මෙන්ම බලපත්‍රලාභී පුද්ගලික වාහනද වෙන්කරවා ගත හැක. අත්හදා බැලීමේ අදියරේදී, එමිරේට් තුළ කුලී රථ 300කට අධික සංඛ්‍යාවක් ක්‍රියාත්මක වූ අතර, පසුගිය මාස 5 තුළ Yango යෙදුම හරහා සංචාර 8,000කට වඩා සම්පූර්ණ කර ඇත. Yango ජංගම යෙදුමට දැන් ලියාපදිංචි කුලී රථ 1,500 කට අධික ප්‍රමාණයක් ඇති අතර අරාබි, ඉංග්‍රීසි සහ තවත් බොහෝ භාෂාවලින් iOS සහ Android හි නොමිලේ බාගත හැකිය. කුලී රථයක් වෙන්කරවා ගැනීම සඳහා, පරිශීලකයින්ට යෙදුම විවෘත…

Read More

මෙම ඔක්තෝම්බර් මාසයේදී GITEX GLOBAL 2024 ලොව ප්‍රමුඛතම මහා පරිමාණ තාක්ෂණික ප්‍රදර්ශනවලින් එකක් ලෙස එහි තත්ත්වය තහවුරු කරමින් එහි 44 වන අදියර දියත් කරනු ඇත. ඩුබායි හි දැවැන්ත ස්ථාන දෙකක් හරහා පැවැත්වෙන මෙම ප්‍රදර්ශනයට ඩුබායි ලෝක වෙළඳ මධ්‍යස්ථානය සහ ඩුබායි වරාය එක් වේ. මෙම අවස්ථාවට රටවල් 50 කට අධික ප්‍රමාණයකින් ප්‍රදර්ශකයින් 600 කට අධික සංඛ්‍යාවක් ඇතුළත් වන අතර, AI, සයිබර් ආරක්‍ෂාව, ප්‍රවාහන, තිරසාර තාක්‍ෂණය සහ තවත් බොහෝ දේ ප්‍රදර්ශනය කෙරේ. ප්‍රදර්ශන ශාලා 44කට අධික සංඛ්‍යාවක් සමඟින්, GITEX තාක්‍ෂණික දැවැන්තයින් සහ ආරම්භකයින් සඳහා එකම අවස්ථාව වනු ඇත. මෙම වසරේ GITEX GLOBAL තාක්ෂණයේ විවිධ පැතිකඩ ගවේෂණය කරමින් සම-ස්ථානගත සංදර්ශන නවයක් ඇතුළත් වේ.…

Read More

ඩුබායි හි ඉස්ලාමීය කටයුතු සහ පුණ්‍ය කටයුතු දෙපාර්තමේන්තුව (IACAD), ඩුබායිහි දැනුම හා මානව සංවර්ධන අධිකාරිය (KHDA) සමඟ සහයෝගයෙන් ඩුබායි හි පාසල් සිසුන් අතර ආගමික දැනුවත්භාවය වැඩි දියුණු කිරීම සඳහා “Ajyal” වැඩසටහන දියත් කර ඇත. මෙම වැඩසටහන අධ්‍යාපනික පරිසරයට සම්බන්ධ සියලුම පාර්ශ්ව අතර අන්‍යෝන්‍ය අවබෝධයේ පාලම් ගොඩනැගීමට උත්සාහ කරන “Gharas Al-Khayr” වැඩසටහනේ කොටසකි. අධ්‍යයන වර්ෂය පුරාම ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති මෙම වැඩසටහන මඟින් පාසල්වල සිසුන්, දෙමාපියන් සහ අධ්‍යාපනික සහ පරිපාලන ආයතන අතර දැනුවත්භාවය ප්‍රවර්ධනය කිරීමට සහ සන්නිවේදන කුසලතා වර්ධනය කිරීමට පාර්ශවකරුවන්ගේ සහ ප්‍රවීණයන්ගේ ඒකාබද්ධ උත්සාහයන් පිළිබිඹු කරයි.එය තෝරාගත් සුදුසුකම් ලත් කථිකයන් සහ අධ්‍යාපන විශේෂඥයින් පිරිසක් ඇතුළත් දේශන, සංවාද සහ අධ්‍යාපනික…

Read More

දියතලාව හමුදා කඳවුරු භූමියේ පිහිටි Fox hill භූමි භාගය (නරියා කන්ද) ගිනි ගැනීමට ලක් විය. එහි විශාල කොටසක් ගිනි ගෙන දැවෙන අයුරු හපුතලේ දියතලාව මාර්ගයේ ගල් කන්ද ප්‍රාදේශයට පැහැදිලිව දර්ශනය වූ බව සඳහන් වේ. තවද දියතලාව හෙළ කඳුරුගමුව ගම්මානයේ ඉහළ කොටසේ පිහිටි රක්ෂිත කලාපයේ අක්කර ගණනාවක විශාල ප්‍රදේශයක් ගිනි ගෙන තිබුණු අතර ඇල්ල රක්ෂිත වනයේ පුංචි සිරිපාද වනයේ අක්කර 50කට අධික කොටසක් ගිනි ගෙන තිබේ. පවතින වියළි කාලගුණ තත්ත්වය හමුවේ මෙසේ රක්ෂිත ගිනි තැබීම වසර ගණනාවක සිට සිදු වුවත් මේවා අවම කිරීමට කිසිදු වැඩපිළිවෙළක් වන නිලධාරීන් හෝ විෂයය භාර අමාත්‍යවරුන් විසින් සිදු නොකිරීමෙන් මෙම ගිනි ගැනීම් සෑම වසරකම සිදු වේ.

Read More

ඡන්ද පොළවල කලබල ඇති කළහොත් වෙඩි තැබීමට උපදෙස් දී ඇතැයි මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පැවසීය. පොලිසිය ඇතුළු ආරක්ෂක අංශ වලට අවි ආයුධ ලබාදී ඇත්තේ එවැනි ක්‍රියා පාලනයට බවද ඔහු සඳහන් කළේය.ඡන්ද විමසීම පැවැත්වෙන දින සහ ඊට පසුව රටේ ආරක්ෂාව වෙනුවෙන් ක්‍රියාත්මක කිරීමට විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් දැනටමත් සකස් කර ඇති බව පැවසූ අමාත්‍යවරයා මේ ආරක්ෂක වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීමට පොලිසිය සහ පොලිස් විශේෂ කාර්ය බළකායට අමතරව ත්‍රිවිධ හමුදාවද යොදවා ගන්නා බව ප්‍රකාශ කළේය. මේ අතර ඡන්ද පෙට්ටි ප්‍රවාහනයේදීද විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කෙරෙන බව පොලිස් මූලස්ථානය පවසයි.

Read More