Author: kumudika
ජනාධිපතිවරණයේ ආරක්ෂාව ඇතුළු අනෙකුත් රාජකාරි සඳහා පොලිස් නිලධාරීන් 63,000ක් යොදවන බව ශ්‍රී ලංකා පොලීසිය පවසයි. පොලිස් මුලස්ථානය සඳහන් කරන්නේ ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථාන, ඡන්ද වීමසීමේ මධ්‍යස්ථාන ඇතුළු කටයුතුවල ආරක්ෂාව සඳහා එම පොලිස් නිලධාරීන් යොදවන බවයි.මේ අතර ආර්ථික මරමස්ථානවල ආරක්ෂාව සඳහා යුද හමුදාව යොදවන බව පොලීසිය ප්‍රකාශ කළේ ය. පොලීසියේ සහයට සිවිල් ආරක්ෂක භටයින් 10,000ක් යෙදවීමට නියමිතය. ජංගම සංචාර සඳහා පොලිස් විශේෂකාර්ය බලකාය අනියුක්ත කිරීමට සැලසුම් කර ඇත.මේ අතර ජනාධිපතිවරණය පැවැත්වෙන දිනයේ ඡන්ද මධ්‍යස්ථානවල කිසියම් පුද්ගලයෙකු කලහකාරීව කටයුතු කළ හොත් උපරිම බලය යෙදවීමට පොලීසියට උපදෙස් දී ඇතැයි මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පැවසීය.
ඉන්දුනීසියාවේ පැවති Miss International – 2024 ජාත්‍යන්තර රූ රැජින තරගාවලියට සහභාගී එහි ප්‍රථම ස්ථානය දිනා ගත් තිලිනි කුමාරි ඊයේ (16) දින රාත්‍රී කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියාය . මෙම තරගාවලිය ඉන්දුනීසියාවේ බාලි දූපත් හි ලෝකයේ රටවල් 20 ක රූ රැජිනියන්ගේ සහභාගීත්වයෙන් ඉකුත් 09 දින සිට 16 දින දක්වා පැවැත්විණි . මෙම තරගාවලියේ ජයග්‍රහණය හිමි කර ගත් තිලිනි ඉන්දුනීසියාවේ ජකර්තා නුවර සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 365 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණයාය. මහනුවර , පිළිමතලාව ප්‍රදේශයේ පදිංචි ඇය නිළියක ,නිවේදිකාවක ඇතුළු ක්ෂේත්‍ර ගණනාවක සිය දස්කම් විදහා දක්වයි.
දැනට වාහන ආනයනය කිරීමට පවතින සීමා ක්‍රමානුකූලව ඉවත් කිරීමත් සමඟ තීරු බදු පැනවීම සම්බන්ධයෙන් අවධානය යොමු තිබේ. මුදල් අමාත්‍යාංශ ප්‍රකාශකයකු සඳහන් කළේ මෙරට විදේශ විනිමය සංචිතය කෙරෙහි වන බලපෑම අවම කිරීම සඳහා මෙම පියවර ගන්නා බවයි. වාහන ආනයන සීමා සම්පූර්ණයෙන්ම ඉවත් කිරීමෙන් රජයට වාර්ෂිකව ඩොලර් මිලියන නව සියයකට ආසන්න සංචිතය හීන වීමේ අවදානමක් පැන නගින බවද පුරෝකථනය කර තිබේ. ඒ අනුව එම තත්වය පාලනය කිරීමට හා රාජ්‍ය ආදායම වර්ධනය කිරීම සඳහා නව තිරු බදු හදුන්වාදීමට රජය කටයුතු කරමින් සිටී.
වංචනිකව ඡන්දය ප්‍රකාශ කරනු ලබන පුද්ගලයින්ට නියම කරන දඩ මුදල රුපියල් ලක්ෂ 02 ක් දක්වා වැඩි කිරීමට කටයුතු කළ බව ජාතික මැතිවරණ කොමිෂන් සභාව පවසයි. එම චෝදනාව සඳහා වරදකරුවන් වන පුද්ගලයන්ට වසරකට නොවැඩි කාලයක සිරදඬුවමක් ද නියම කල හැකිය.2023 අංක 23 දරණ මැතිවරණ විශේෂ විධිවිධාන පනත යටතේ අදාළ නීති තර කර තිබේ. මීට පෙර වංචනිකව ඡන්දය ප්‍රකාශකරන පුද්ගලයකුට නියම කල දඩ මුදල රුපියල් 500කි.
එමීර් රාජ්‍යයේ විරැකියා රක්ෂණය අලුත් කිරීමට SMS හරහා සිහි කැඳවීම් සිදු කරන බව වාර්තා වේ.එමීර් රාජ්‍යයේ විරැකියා යෝජනා ක්‍රමය යටතේ ඔක්තෝම්බර් 1 වන දින වන විට සේවකයින් ඔවුන්ගේ අනිවාර්ය විරැකියා රක්ෂණය අලුත් කිරීම සිදු කල යුතුයි. රැකියා අහිමි වන සේවකයින්ට මූල්‍ය සුරක්ෂිතභාවය සැපයීම සඳහා එමීර් රාජ්‍යය විසින් හඳුන්වා දෙන ලද මෙම යෝජනා ක්‍රමයට සුදුසුකම් ඇති සියලුම සේවකයින් නියමිත වේලාවට ලියාපදිංචි වී ඔවුන්ගේ රක්ෂණය අලුත් කිරීම අවශ්‍ය වේ. එමීර් රාජ්‍යයේ මානව සම්පත් සහ එමිරාතිකරණ අමාත්‍යාංශයට අනුව, ඔක්තෝම්බර් පලමු දා වන විට මෙම නීතියට අනුකූල වීමට අපොහොසත් වන අයට ඩිරාම් 400 ක දඩයකට මුහුණ දීමට සිදුවනු ඇත. ILOE යෝජනා ක්‍රමය යටතේ, එමීර්…
හිටපු අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ව ඝාතනය කිරීම සඳහා නැවත වරක් උත්සාහයක් ගෙන ඇති බව වාර්තා වේ. විදෙස් මාධ්‍ය සඳහන් කළේ ෆ්ලොරිඩා හි පිහිටි ඔහුගේ ගොල්ෆ් ක්‍රීඩා පිටියේදී එම සිදුවීම සිදුව ඇති බවයි. නමුත් එහිදී හිටපු අමෙරිකානු ජනාධිපතිවරයාට කිසිදු හානියක් සිදුව නොමැත. එහිදී ඔහුගේ ආරක්ෂක නිලධාරීන් විසින් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇත.අමෙරිකානු බලධාරීන් පවසන්නේ සැකකරු සතුව රයිෆලයක් තිබූ බවය.
ජනාධිපතිවරණ ප්‍රතිඵලය අනුව සිය දෙවන සැලසුම ක්‍රියාත්මක කරන බව ජනාධිපති රනිල් වික්‍රසිංහ මහතා ආණ්ඩු පක්ෂය නියෝජනය කරන මැති ඇමතිවරුන් වෙත පවසා ඇතැයි වාර්තා වේ. මේ අතර ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සඳහා ලබා දී ඇති අවසන් දින කිහිපය තුළ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපති ධූර අපේක්ෂක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාගේ ප්රචාරක රැළිවලට එක් වීමට නියමිත බවද සඳහන්ය.
Emaar Properties සමාගම එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සුපර් කුසලාන පාපන්දු තරඟාවලියේ ප්‍රධාන අනුග්‍රාහකයා ලෙස ගිවිසුම් ගතව තිබේ. 2024-2025 වාරයෙන් ආරම්භ වන මෙම හවුල්කාරිත්වය, තරඟ වාර හතරක් සඳහා පවතිනු ඇත. UAE Pro League හි Emaar සමඟ සම්බන්ධ වීමට ගත් තීරණය UAE හි පාපන්දු ලෝලීන්ට විශේෂ අවස්ථාවකි. දැන් “Emaar Super Cup” ලෙස හඳුන්වන මෙම තරඟාවලිය Emaar හි සැලකිය යුතු ආයෝජනයෙන් ප්රතිලාභ ලබනු ඇත.මෙම හවුල්කාරිත්වය 2024 සැප්තැම්බර් 12 වන දින ඩුබායි හි පැවති පුද්ගලික උත්සවයකදී නිල වශයෙන් නිවේදනය කරන ලදී. උත්සවයේ Emaar හි නිර්මාතෘ Mohamed Alabbar සහ UAE Pro League හි සභාපති Abdulla Naser Al Jneibi සහභාගී විය.
මේ වන විට පාකිස්තානයේ පවතින උග්‍ර ආර්ථික අර්බුදය හේතුවෙන් එරට විදේශීය ආයෝජකයන් සහ බහුජාතික සමාගම් ඉවත්වෙමින් සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. සිය උපායමාර්ගික සැලසුම්කරණයට සහ ආර්ථික ආයෝජනයට තවදුරටත් පාකිස්තාන රජය වෙතින් කිසිදු සැලසුමක් ක්‍රියාත්මක නොවීම හේතුවෙන් විදේශීය ව්‍යාපාරික ප්‍රජාව රජය කෙරෙහි දැඩි අප්‍රසාදය පළ කර ඇතැයි ද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය. සාමාන්‍යයෙන් විදේශීය ආයෝජකයන් සහ බහුජාතික සමාගම් යම්කිසි රටක සිදු කරන ව්‍යාපාරික ගනුදෙනුව වසර 15-20 අතර දිගු කාලීන සැලසුමක් මත සිදුවන බවත්, එවැනි දිගු කාලීන ව්‍යාපාර සැලසුමක් පාකිස්තාන රජයට නොමැතිවීමෙන් තත්ත්වය බරපතළ වී ඇති බව සඳහන් වේ. පසුගිය අගෝස්තු මාසයේ පළමු දින 23 ඇතුළත පමණක් විදේශීය ආයෝජකයන් පාකිස්තානයේ…
උපායමාර්ගික අධ්‍යයන සහ පර්යේෂණ සඳහා එමිරේට්ස් මධ්‍යස්ථානය (ECSSR) සහ අන්වර් ගර්ගාෂ් රාජ්‍යතාන්ත්‍රික ඇකඩමිය (AGDA) විසින් සංවිධානය කරන ලද Hili සංසදය අද (16) අබුඩාබියේදී ආරම්භ විය. මැදපෙරදිග කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරමින් දෙදින සංසදය ගෝලීය අභියෝග ආමන්ත්‍රණය කරන, සහයෝගීතාව සඳහා ඇති අවස්ථා ගවේෂණය කරන උපායමාර්ගික සංවාදයක නිරත වීමට චින්තන නායකයින්, ජාත්‍යන්තර විශේෂඥයින්, රාජ්‍ය තාන්ත්‍රිකයින් සහ විද්වතුන් එක් කරයි. 2024 Hili සංසදය භූ දේශපාලනය, භූ ආර්ථික විද්‍යාව සහ භූ තාක්ෂණය යන මාතෘකාව යටතේ ක්ෂේත්‍ර තුනක් ගවේෂණය කරනු ඇත.එය භූ දේශපාලනය, භූ ආර්ථික විද්‍යාව සහ භූ තාක්ෂණය පිළිබඳ නවතම පර්යේෂණ, විශ්ලේෂණය සහ ප්රවණතා ද ඉදිරිපත් කරනු ඇති අතර, සංසදයේ විශ්ලේෂණයන් සහ සාකච්ඡා මත…