Author: Stanly Kularathna

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සයිබර් ආරක්ෂණ කවුන්සිලය, මයික්‍රොසොෆ්ට් සමඟ සහයෝගීව, මැද පෙරදිග සයිබර් ආරක්ෂණ සමුළුව පසුගියදා අබුඩාබියේ එමිරේට්ස් පැලස්හිදී දියත් කරන ලදි. සයිබර් ආරක්‍ෂාව සහ දත්ත ආරක්‍ෂාව යන ක්ෂේත්‍රවල නවතම නවෝත්පාදනයන් සහ වර්ධනයන් පිළිබඳ ඔවුන්ගේ දැනුම සහ අවබෝධය බෙදාගැනීම සඳහා දෙදින සමුළුව මගින් රාජ්‍ය සහ පෞද්ගලික අංශයන්හි CIOs, CSOs සහ අනෙකුත් ප්‍රධාන විෂය කරුණු පිළිබඳ විශේෂඥයන් එක් කර ගනු ඇත. “ලෝක​යේ සම්බන්ධතා සහ ඩිජිටල් තාක්‍ෂණයන් විසින් මෙහෙයවනු ලබන සිව්වන කාර්මික විප්ලවයේ සුවිශේෂී සංධිස්ථානය​කට අප පැමි​ණ සිටී. ශක්තිමත් සහ ඵලදායි සයිබර් ආරක්‍ෂාවක් පිළිබ​ඳ උනන්දුවක් වෙන කවදාටත් වඩා අවශ්‍ය වී ති​බේ. වඩ වඩාත් සංකීර්ණ ලෝකයක, සයිබර් තර්ජන හා ආපදාවන් වැඩිවීමට එරෙහිව සටන්…

Read More

Al Futtaim Malls හි කොටසක් වන Dubai Festival City Mall, මැදපෙරදිග විශාලතම “Food Hall-Market Island” ආහාර සල්පිල එළිදැක්වීමට Zemskiy සමූහය සමඟ හවුල් වේ. ආහාර සල්පිල 2023 දෙසැම්බරයේ පැවැත්වෙනු ඇ​ත. Zemskiy සමූහ​ය, ආහාර සහ පාන (F&B) කර්මාන්තය සඳහා වාණිජ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ රුසියාවේ විශාලතම සංවිධානයකි. ලොව පුරා නගර 16ක් පුරා ව්‍යාපෘති 150කට අධික සංඛ්‍යාවක් සමඟින්, Zemskiy සමූහය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි ෆෙස්ටිවල් සිටි ​මෝල්හිදී සිය ආහාර සහ පාන (F&B) සංකල්පය ආරම්භ කරයි. වර්ග මීටර් 70,000ක් පුරා විහිදෙන මාර්කට් අයිලන්ඩ් ලොව පුරා විවිධ ආහාර වර්ග ඉදිරිපත් කරන විවිධ ආහා​ර සංකල්ප 53ක් හඳුන්වා දෙනු ඇත. මෙහි 3,500 කට අධික ආසන ධාරිතාවකින් යුක්ත…

Read More

ඕස්ට්‍රේලියානු රජය විසින් එරට තුළ හඳුනාගත් රැකියා ක්ෂේත්‍රවල උග්‍ර හිඟය පිරවීම සඳහා පුහුණු සංක්‍රමණිකයන් ගෙන්වා ගැනීමේ ව්‍යාපාරයක් දියත් කර ඇති බව මෙල්බර්න් හි ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්යාලය නිවේදනය කර තිබේ. ඒ සඳහා උනන්දුවක් දක්වන ශ්‍රී ලාංකිකයන්ට පහත වෙබ් අඩවියට පිවිස අදාළ රැකියා අවස්ථා සඳහා ඉල්ලුම් කරන ලෙස ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය ඉල්ලා සිටී. ඒ සඳහා මෙම වෙබ් අඩවියට පිවිසෙන්න… https://www.smartmoveaustralia.gov.au

Read More

ගස් කෝටි දාහක් සිටුවීමේ ව්‍යාපෘතියක් සඳහා ජීවානුහරණය කළ කොහු බත් ශ්‍රී ලංකාවෙන් ලබා ගැනීමට සෞදි අරාබිය අපේක්ෂා කරයි. ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා සෞදි අරාබියේ නියෝජිත කණ්ඩායමක් මේ දිනවල ශ්‍රී ලංකා​වේ සංචාරයකට පැමිණි ඇත. සෞදි අරාබියේ මෙම ඉල්ලුම මෙරට කොහුබත් වාර්ෂික නිෂ්පාදනය මෙන් දස ගුණයක් බව ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති මණ්ඩලය, බලශක්ති හා ප්‍රවාහනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභා සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී නාලක කෝට්ටේගොඩ මහතා මාධ්‍යට පැවසීය. පසුගිය දා පැවැති මෙම ආංශික අධීක්ෂණ කාරක සභාවේ දී මේ සම්බන්ධයෙන් සාකච්ඡා කර තිබෙන අතර කොහුබත් ජීවානුහරණය කිරීමේ පහසුකම් ඇති එකම ආයතනය පරමාණුක බලශක්ති අධිකාරිය වීම ඊට හේතු වී තිබේ. කොහුබත් ජීවානුහරණය කිරීම…

Read More

ඩුබායිහි මාර්ග සහ ප්‍රවාහන අධිකාරිය (RTA) ඩුබායි තුළ පැය දෙකකින් රියදුරු බලපත්‍ර සහ වාහන ලියාපදිංචි කාඩ්පත් බෙදා හැරීම සඳහා නව සේවාවන් ප්‍රකාශයට පත් කර ඇති අතර එදිනම ලබාගත හැකි සේවා​ව අබුඩාබි සහ සාජා වෙත දියත් කොට තිබෙනවා. ඔබ නිවාඩුවක් ගත කරන අතර තුර ඔබේ ලියාපදිංචි කාඩ්පත හෝ බලපත්‍රය අලුත් කිරීමට කැමති නම්, ඔබට එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙන් පිටත ඔබේ ස්ථාන වෙත කාඩ්පත හෝ බලපත්‍රය භාරදීම​ට ඉල්ලා සිටිය හැක. ක්‍රමවේදය: තම ලේඛන අලුත් කිරීමට කැමති පදිංචිකරුවන්ට ඩුබායි මාර්ග සහ ප්‍රවාහන අධිකාරියේ (RTA) වෙබ් අඩවියට පිවිස ‘රියදුරු සහ මෝටර්රථ හිමිකරු සේවා’ මත ක්ලික් කළ යුතුය. 1. එම කොටස යටතේ, ඔබට බොහෝ විකල්ප…

Read More

විදෙස්ගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් වෙනුවෙන් සුවිශේෂී නිවාස ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට රජයේ අවධානය යොමුව තිබේ. ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සහ ජාතික නිවාස සංවර්ධන අධිකාරිය සමග ඒකාබද්ධව මෙම නිවාස ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට නියමිතය. විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතාගේ යෝජනාවකට අනුව මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක වනු ඇති. ඒ සඳහා වන විශේෂ සාකච්ඡාවක් නාගරික හා නිවාස සංවර්ධන රාජ්‍ය අමාත්‍ය තේනුක විදානගම මහතා සමග පසුගියදා සිදුකර ඇත. විදේශ ගත ශ්‍රමිකයින්ගේ නිවාස අවශ්‍යතාවය සම්බන්ධයෙන් වන සමීක්ෂණයක් ලබන සඳුදා දිනයේදී ආරම්භ කිරීමට එහිදී තීරණය කර තිබේ. සති දෙකක් තුළදී එම තොරතුරු ලබාගැනීමට අපේක්ෂිත අතර දිවයින පුරා සියලුම ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලට අනුයුක්ත කර සිටින සංවර්ධන නිලධාරීන්, තානාපති…

Read More

ඩුබායි හි ඔටුන්න හිමි කුමරු සහ විධායක කවුන්සිලයේ සභාපති අතිගරු Sheikh Hamdan bin Mohammed bin Rashid Al Maktoum විසින් සාම්ප්‍රදායික අඩි 60 රුවල් යාත්‍රා සඳහා කැප වූ 32 වන අල් ගෆාල් දිගු දුර ධාවන තරඟය මැයි 26 සිට 28 දක්වා පැවැත්වීම​ට දිනයන් අනුමත කර ඇත. ඩුබායි ජාත්‍යන්තර සමුද්‍ර සමාජය (Dubai International Marine Club) විසින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන මෙම උත්සවය සමුද්‍ර ක්‍රීඩා සමය අවසානයේ සිදු කෙරේ. එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සාගර උරුමය පුනර්ජීවනය කිරීම සඳහා සංකේතාත්මක​ව වාර්ෂික තරඟය සැලකිය යුතු දායකත්වයක් ලබා දී ඇති බව ෂෙයික් හම්දාන් සඳහන් කළේය. වසර ගණනාවක් පුරා ජනප්‍රියත්වයට පත් වූ මෙම තරඟය මගින්, අතීතය පුරාවටම…

Read More

එතෙර රැකියාවල නියුතු ශ්‍රී ලාංකිකයින්ට පුර්ණ වශයෙන් විද්‍යුත් වාහන ආනයනයට බලපත්‍ර ලබාදීමේ යෝජනා ක්‍රමය තවදුරටත් දීර්ඝ කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ. ඒ අනුව එම බලපත්‍ර ලබාදීමේ යෝජනා ක්‍රමය 2023 සැප්තැම්බර් 23වනදා දක්වා දීර්ඝ කර ඇත.

Read More

මෙටා සමගම විසින් WhatsApp වල චැට් ලොක් නම් නව විශේෂාංගයක් හඳුන්වා දී තිබෙනවා. ඒ අනුව පරිශීලකයින්ට විශේෂිත චැට් ලොක් කිරීමට මෙමගින් හැකි වෙනවා. මෙය මුරපදයක් හෝ ඇඟිලි සලකුණු ස්කෑන් කිරීමක් භාවිතයෙන් සිදු කළ හැකි බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. Chat එකක් අගුළු දැමූ පසු එය වෙනම ෆෝල්ඩරයක ගබඩා කෙරෙන අතර එහි නම සහ පණිවිඩයේ අන්තර්ගතය ඒ තුළ සඟවන බවයි විදෙස් මාධ්‍ය වැඩි දුරටත් සඳහන් ක​රන්නේ. මේ හේතුවෙන් කිසිවෙකු ඔබගේ දුරකථනය අතට ගත්ත ද, ඔවුන්ට ඔබගේ චැට් වෙත ප්‍රවේශ වීමට හා ඒවා දකින්නට නොලැබෙනු ඇති. එය WhatsApp මගින් ලබාදුන් පෞද්ගලිකත්වය ආරක්ෂා කෙරෙන සුවිශේෂී අංගයක් ලෙසයි විදෙස් මාධ්‍ය පෙන්වා දෙන්නේ.

Read More

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ වෙස්ලි විද්‍යාලයීය ආදි ශිෂ්‍ය සංගමය ප්‍රථම වර​ට සංවිධානය කරනු ලැබූ ‘Project BluePrint’ පුද්ගලසංවර්ධන වැඩමුළුව පසුගියදා  Novotel – Al Barsha හෝටලයේදී පැවැත්වුනා. Project Blueprint පුද්ගලසංවර්ධන වැඩමුළුව සඳහා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ශ්‍රී ලංකා තානාපති ගරු උදය ඉන්ද්‍රරත්න මැතිතුමණ්ද ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වූවා. Project BluePrint පුද්ගලසංවර්ධන වැඩමුළුව මගින් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පදිංචි ශ්‍රී ලාංකිකයන් ඔවුන්ගේ වෘත්තීය ජීවිතයේ අරමුණ කරා යාමේදී ඇතිවන ගැටළු සඳහා විසඳුම් සෙවීමත්,  සාම්ප්‍රදායික නොවන වෘත්තීය මාර්ග සලකා බැලීමට දිරිමත් කිරීමත්, ජාලකරණ මගින් සහයෝගීතාවය හා අදහස් හුවමාරු​ව වැඩිදියුණු කිරීමත්, ව්‍යවසායකත්ව චින්තනය සහ මානසික සෞඛ්‍යය වැඩිදියුණු කිරීමත් අරමුණු කොටගත් එක් දින වැඩසටහන් මාලාවක් ​ක්‍රියාත්මක කිරීම…

Read More