Author: Stanly Kularathna
ඩුබායි මහ නගර සභාව Jumeirah 2, Jumeirah 3 සහ Umm Suqeim 1 හි වෙරළ භාවිතා කරන සංචාරකයන්ට හට තවත් පහසුකම් කීපයක් පුළුල් කර තිබෙනවා. මීටර් 800 ක් දිග රාත්‍රී පිහිනුම් වෙරළ තීරයේ වැසියන්ට සහ සංචාරකයින්ට පැය 24 පුරාම පිහිනීමට හා වෙරළ භාවිතා කල හැකි ආලෝක පද්ධති සවිකොට තිබෙනවා. වෙරළ භාවිත කරන්නන් අතර ආරක්ෂිත දැනුවත්භාවය වැඩි කිරීම අරමුණු කරගත් අන්තර්ගතයන් ප්‍රදර්ශනය කරන විද්‍යුත් තිර වලින් සමන්විත වෙනවා. ඩුබායි මහ නගර සභාවේ අධ්යක්ෂ ජනරාල් Dawoud Al Hajri පැවසුවේ, “නව රාත්‍රී පිහිනුම් වෙරළ තීරය එක් කිරීම, එමිරේටය ජීවත් වීමට සහ සංචාරය කිරීමට ලෝකයේ හොඳම ස්ථානය බවට පත් කිරීම සඳහා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ…
මැදපෙරදිග කලාපයේ සිදුකල විශාලතම වෙසක් මංගල්‍යය දැවැන්ත ජන සහභාගිත්වයකින් ඩුබායිහි ශෙයිකා ලතිෆා රෝහල් ක්‍රීඩාංගනයේදී ඊයේ පැවැත්වූවා. ශ්‍රී ලංකා සංස්කෘතික අධ්‍යාපන කෙන්ද්‍රය සහ ඩුබායිහි ශ්‍රී ලාංකික කලා ආයතනවල දරු දැරියන්ගේ දායකත්වයෙන් පස්වරු 4 ට වෙසක් පෙරහැර ආරම්භ වූ අතර සංස්කෘතික සංදර්ශනය පස්වරු 6.00 ට ආරම්භ වූවා.වෙසක් මංගල්‍යය සඳහා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ තානාපති ගරු උදය ඉන්ද්‍රරත්න මැතිතුමණ්ද එක්වී සිටියා. උත්සව භූමියේ අඩි 22 ක් උස දර්ශණීය වෙසක් තොරණ ඇතුලුව ඉතා අලංකාරවත්ව නිමවූ වෙසක් සැරසිලි සහ වෙසක් පහන් කූඩු වලින් බැබැලුණු අතර ඩුබායි ලංකාරාම විහාරස්ථානයේ දායක සභාවේ ශ්‍රම දායකතත්වයෙන් ජනතාවට වන්දනාමාන කිරීමට පන්සලක්ද ඉදිකර තිබීම විශේෂ සිදුවීමකි. තවද මෙම භූමියේ 17කට ආසන්න දන්සැල් ප්‍රමාණක් සංවිධානය…
Ishi Beauty Saloon මගින් ප්‍රථම වතාවට ඉදිරිපත් කල Mr. Miss & Mrs Sri lanka 2023 – In Dubai තරඟයේ Grand Finale ඊයේ රාත්‍රී බර්ඩුබායිහි ග්‍රෑන්ඩ් එක්සෙල්සියර් හෝටලයේ දී පැවැත් වූවා. දැඩි උද්යෝගයකින් පිරි ප්‍රේක්ෂක සමූහයක් ඉදිරියේ පැවති මෙම තරඟයේ විනිශ්චය මණ්ඩලය ලෙස ශ්‍රී ලංකාවේ ප්‍රවීන රූපලාවන්‍ය හා මෝස්තර නිරූපණ ශිල්පින් නිරත වූ අතර තරඟයේ අනුග්රාහකයන් මෙම තරඟාවලිය සඳහාම ශ්‍රී ලංකාවේ සිට ඩුබායි වෙත පැමිණ සිටීම විශේෂත්වයක් වූවා. Miss Sri Lanka / Mr Sri lanka / Mrs Sri Lanka යන කාණ්ඩ 3ක් යටතේ තරඟකරුවන් තරඟ වැදුන අතර එක් එක් කාණ්ඩය යටතේ අවසන් ජයග්‍රාහකයන් තෝරාගැන්මට තරඟවට කීපයක් පවත්වනු ලැබූ අතර අවසන් කිරුළු හිමිවුයේ Miss Sri Lanka ලෙස තෂිණි ඔමානි Mr Sri lanka ලෙස…
අසිරිමත් සම්බුදු තෙමගුල සිදු වූ ඒ උතුම් වෙසක් පුර පසළොස්වක් පොහෝ දිනයට සමගාමීව එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සහ විහාරස්ථ දායක සභාව විසින් වෙසක් මහා පින්කම් මාලාවක් පූජ්‍ය යටිගල රතනවංශ ස්වාමීන්වහන්සේගේ සහභාගීත්වයෙන් ශ්‍රී ලංකා තානාපති කාර්යාල පරිශ්‍රයේදී පසුගියදා පවත්වනු ලැබුවා. පොහොය දින සවස ගිලන්පස සම්බුද්ධ පූජාව පැවැත්වීමත් ඉන් අනතුරුව ධර්ම දේශනයක් පැවැත්වීමත් සිදුකලා. ඉරු දින පෙ.ව. 6:30 සිට සීල භාවනා වැඩසටහනක් පවත්වනු ලැබුවා. මෙදින ව්‍යංජන 32 සහිත සම්බුද්ධ පූජාව පිරිනැමීමත් දළදා තේවාව පැවැත්වීමත් සිදුකරණු ලැබුවා. එදිනම සවස ඖෂධ 32 සහිත ගිලන්පස සම්බුද්ධ පූජාව පිරිනැමීමත් ඉන් අනතුරුව ධර්ම දේශනයක් ද පවත්වනු ලැබුවා. මෙම පිංකම් මාලාව සඳහා විශාල ශ්‍රී…
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සේවකයින් ගෝලීය වශයෙන් වෙහෙස මහන්සි වී වැඩ කරන සේවකයින් අතර සතියකට දීර්ඝතම පැය ගණනක් සේවය කරන්නන් වෙති. රටවල් 150ක ලැයිස්තුවේ, මෝල්ටාව ඉහලින්ම සිටින අතර කම්කරුවන්ගෙන් 91%ක් සතියකට පැය 49ක් හෝ ඊට වැඩි කාලයක් සේවය කරයි. එය අධ්‍යයනය කරන ලද සියලුම රටවල් අතරින් ඉහලම අගයයි. මෝල්ටාවට පසුව භූතානය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, බංග්ලාදේශය, කොංගෝව, මොරිෂස්, ලෙසෝතෝ, මාලදිවයින, පකිස්ථානය සහ ලෙබනනයයි. Business Name Generator (BNG) විසින් නිකුත් කරන ලද අධ්‍යයනයකට අනුව, එක්සත් අරාබි එමීර් රාජ්‍යය ලෝකයේ තුන්වන වෙහෙස මහන්සි වී වැඩ කරන රට වේ. අධ්‍යයනයට අනුව, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ කම්කරුවන්ගෙන් 46.5%ක් සතියකට පැය 49ක් හෝ ඊට වැඩි…
ඩුබායි මහ නගර සභාව එහි සෞන්දර්යාත්මක ආකර්ෂණය වැඩි දියුණු කිරීම සඳහා ප්‍රකට ඩේරාහි ඔරලෝසු කණු වටරවුම ප්‍රතිසංස්කරණය කිරීම ආරම්භ කර ඇති අතර ජල පොකුණු සැලසුම වැඩිදියුණු කිරීමත්, බහු වර්ණ ආලෝකරණ පද්ධති එක් කිරීම ඇතුළු වෙනස් කිරීම් කීපයක් මෙයට ඇතුලත් වෙනවා. ඩුබායි මහ නගර සභාවේ අධ්යක්ෂ ජනරාල් Dawoud Al Hajri පැවසුවේ, “මෙම ප්‍රතිසංස්කරණය මගින් ඩුබායි හි ඓතිහාසික හා වාස්තුවිද්‍යාත්මක බිම් සලකුණු පවත්වාගෙන යාමත් අනාගත පරම්පරාවන් සඳහා ඒවා ආරක්ෂා කිරීමත්, නගරයේ ආකර්ෂණය වැඩි දියුණු කිරීමත් මහ නගර සභාවට ඉහළ මට්ටමේ තිරසාර නාගරික සැලසුම් ක්‍රියාත්මක කිරීමේ අරමුණු සාක්ෂාත් කර ගැනීමත් සිදු වෙනවා” ඩුබායි මහ නගර සභාවේ සාමාන්‍ය නඩත්තු දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ඉංජිනේරු ජාබීර් අල්…
සම්බුදු තෙමගුල සමරණුවස් වෙසක් උත්සවයට සමගාමීව ඩුබායි දම්දිය මහා විහාරය ඩුබායිහි ප්‍රථම වතාවට ඉදිරිපත් කරණු ලබන ඩුබායි බොදු ගී සැඳෑව හෙට සවස 5.00 ට ඩේරා ද බ්‍රිස්ටල් හොටෙල් පරිශ්‍රයේදී පැවැත්වීමට සියළු කටයුතු සූදානම් වෙමින් පවතිනවා. බොදු ගී සැඳෑවට වර්ණවත් කරන කලා ශිල්පීන් වන උමාලි තිලකරත්න, ඉඳුනිල් අන්දරමාන්න සහ නුවන්ධිකා සේනාරත්න මේ වන විට මෙරටට පැමිණ තිබෙන අතර ඔවුන් ඒ සඳහා සූදානමින් පසුවෙනවා. බොදු ගී සැඳෑවේ අනෙක් අවසන් සංවිධාන කටයුතු හෝටල් පරිශ්‍රය තුල මෙ වනවිට සිදුකරනු ලබන අතර ඩවුන්ටවුන් වාද්‍ය වෘන්දයද පුහුණුවීම් කටයුතු සිදුකරමින් පවතිනවා. පින්බර වෙසක් සමය තුල විඩාබර සිත් සතන් නිවා සුවපත් කරන බොදු ගී එකතුවක මිහිර අත්විදිමින් ගායනාවන්…
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ වෙස්ලි විද්‍යාලයීය ආදි ශිෂ්‍ය සංගමය ප්‍රථම වරට සංවිධානය කරනු ලබන ‘Project BluePrint’ නමින් පුද්ගල සංවර්ධන වැඩමුළුවක් 2023 මැයි 14 දින පෙ.ව. 9:00 – සවස 4:00 දක්වා Novotel – Al Barsha හෝටලයේදී පැවැත්වෙනවා. Project BluePrint පුද්ගල සංවර්ධන වැඩමුළුව හරහා එහිදී සහභාගිවන්නන්ට තම සීමාවෙන් පිටත සිතීමට, ව්‍යවසායකයෙකුගේ භූමිකාව භාර ගනිමින් සැබෑ ලෝකයේ ගැටළු සඳහා නිර්මාණාත්මක විසඳුම් ජනනය කිරීමට දිරිමත් කරනු ඇත. මෙමගින් ව්‍යාපාර සහ රැකියා ක්ෂේත්රයේ නවෝත්පාදන, නිර්මාණශීලිත්වය සහ ගැටළු විසඳීමේ හැකියාවේ වැදගත්කම වඩා හොඳින් අවබෝධ කර ගැනීමට සහභාගිවන්නන්ට උපකාර කිරීම අරමුණු කරයි. වැඩි විස්තර සඳහා අෂාන් මුසාෆර් මහතා – 05 0506 1989 ඉස්තියාක් රාසික් මහතා – 05…
ඩුබායි ජාත්‍යන්තර ගුවන් තොටුපළෙන් (DXB) පිටත් වන බොහෝ මගීන්ට මුද්‍රිත බෝඩිං කාඩ් වෙනුවට ජංගම බෝඩිං අවසර පත්‍රයක් භාවිත කිරීම මැයි 15 වැනිදා සිට එමිරේට්ස් ගුවන් සේවය ආරම්භ කිරීමට නියමිතයි. බෝඩිං කාඩ් යනු ගුවන් තොටුපළ පරීක්ෂා කිරීමෙන් පසු ගුවන් සමාගමක් විසින් සපයනු ලබන ලියවිල්ලක් වන අතර එය ගුවන් යානයට ගොඩවීමේදී මගියා පෙන්විය යුතු අතර එය ගුවන් යානයට ගොඩවීම සඳහා අවසරපතයි. එමිරේට්ස් පැවසුවේ “DXB Terminal 3 හි ඇතුළු වන මගීන්ට ඔවුන්ගේ ජංගම බෝඩිං බලපත්‍රය විද්‍යුත් තැපෑලෙන් හෝ කෙටි පණිවුඩයක් හරහා ලැබෙනු ඇති බවයි. මාර්ගගත මගීන්ට ඔවුන්ගේ Apple Wallet හෝ Google Wallet හරහා ඔවුන්ගේ බෝඩිං අවසර පත්‍රය ලබාගත හැකිය, නැතහොත් පරිශීලක-හිතකාමී Emirates යෙදුමෙන්…
මෙරට පුහුණු හෙද හෙදියන්ට සිංගප්පූරුවේ රජයේ රෝහල්වල රැකියා සඳහා යොමු වීමට අවස්ථාව මේවන විට හිමිවී තිබේ. ඒ අනුව හෙද වෘත්තිය පිළිබඳ උපාධියක් හෝ ඩිප්ලෝමාවක් සහ සේවා පළපුරුද්දක් ඇති වෘත්තිකයින්ට මෙන්ම රජයේ හෙද පාසල්වල පුහුණුව ලබා සේවා පළපුරුද්දක් සහිත හෙදියන්ටද සිංගප්පූරු රජයේ රෝහල්වල හෙද වෘත්තිය සඳහා ප්‍රවේශ වීමට හැකිය. ඒ අනුව සිංගප්පූරු රැකියා සඳහා සුදුසුකම් සම්පූර්ණ කොට රැකියා ලැබූ පළමු කණඩායමට අයත් හෙද හෙදියන් 36 දෙනෙකුට ගුවන් ටිකට්පත් ප්රදානය කිරීම කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශ ශ්‍රවනාගාරයේදී සිදු විය. ගාස්තුවකින් තොරව එම රැකියා සඳහා ප්‍රවේශ වීමට අයදුම්කරුවන්ට අවස්ථාව ලැබෙන අතර අයදුම්කරුවන්…